ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනකු විසින් ශරීර ස්කන්ධ දර්ශකය මැනීමේ නව උපකරණයක් නිපදවා ඇත. මෙම උපකරණයේ විශේෂත්වය වන්නේ පුද්ගලයකුගේ බර හා උස එකවර මැන ගැනීමට හැකි වීමයි.
කරාපිටිය රෝහලට අවශ්‍යව තිබූ උපකරණයක් වන මෙය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගේ උපදෙස් මත නිපදවා ඇත්තේ ජේ. කේ. අශංක දිල්ශාන් හා ජී. එච්. ඩිලාන් චානක යන සිසුන් දෙදෙනාය. ඔවුහු ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාව හදාරති.
නිර්මාපකයෝ මෙසේ පැවසූහ. “මෙවැනි උපකරණයක් විදේශ රටකින් ආනයනය කිරීම සඳහා රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වැයවනවා. ඒත් මේ නිර්මාණයට වැයවූයේ රුපියල් දොළොස්දහසක පමණයි. ඉදිරියේදී ස්වයංක්‍රීය ඖෂධ ගණනය කිරීමේ යන්ත්‍රයක්ද නිපදවීමට අප බලාපොරොත්තු වෙනවා. උපකරණය නිපදවීමේදී රෝහලේ මහජන සම්බන්ධතා නිලධාරී රංජිත් ජයසිංහ මහතා ද අපට උපකාර කලා.“
පසුගියදා මෙම උපකරණය රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සී. ඩී. පතිරගේ මහතාට බාරදීම සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගියාගේ උස සහ බර එකවර මැනීමට ඇති අවශ්‍ය තාවය මොකක්ද? මුලින් උස මැන ඊටපස්සේ බර කිරලා බැලුවහම ඉවරනේ. රෝගීන්ගේ බර සහ උස තත්පර ගණනක් ඇතුළතදී වෙනස් වෙනවද? මේක කරන්න 275000 ක උපකරණයක් මොකටද? මේ ප්රශ්නය මට වැටහෙන්නේ නැත. කරුණාකර දන්නා කෙනෙක් මේක තේරුම් කරලා දෙනවද? (නි)
ජය වේවා!
බොහොම අගය කළහැකි නිර්මාණයක්. සමහර පිස්සන්ට කළදෙය අගයකරන්න මනසක් අද කොහොමවත් නොමැත. ජය ඔබට! (නි)
රැවුල සහ කොණ්ඩය එකවර කැපීමේ උපකරණයක් සොයා ගැනීම ගැන හිතුවොත් නරකද? (අ)
සිංහලයිනි ලජ්ජා වෙයල්ලා අපේ එකෙක් පොඩි දෙයක් හෝ නිර්මාණය කළාම එයට එරෙහිව කෙනෙහිලි කම්, කිරීමට...නුඹලා රට වෙනුවෙන් කරලා තියෙන්නේ කුමක්ද? (බ)
ඔය ද සිල්වා බර්ලින්, රොකි ආදී අයවලුන් කියන දේ හරි. මම ජීවත්වෙන්නෙත් අවුරුදු තිහක කාලයක් ඉඳලා ලෝකයේ දියුණුයි කියන රටක. ඒ වුණාට ඇල්පෙනෙත්තක්වත් හදන්නේ නැති අපි පිටරට වලටම කඹුරමින් ජීවත්වෙන එක අපිට ලැජ්ජාවක්. අපේ රටේ නිමැවුම්කරුවන් අගය කරනවා නම් ඉන් නොනැවතී තව තවත් නව නිපැයුම් කරයි. (නි)
ඉතා හොඳ වැඩක්. එ්ත් ඉස්පිරිතාලයක දෙපාරකට නොවෙයි පස් පාරකට වුණත් මනින්න සේවයකයෝ කොච්චර ඉන්නවද? (නි)
ද සිල්වා බෙර්ලින් කියන කතාව මමත් පිළිගන්නවා. මේක අනවශ්‍ය දෙයක්! (නි)
තරහකට කියනවා නෙමෙයි. මම ඉන්න රටේ පොඩි සුපර් මාකට් වලත් මේවා තියෙනවා. (ම)
ඒත් එක්කම ශරීර ස්කන්ධ ඒකකය ගණනය වෙන හැටි ස්වයංක්‍රීයව පෙන්වනවා නම් තවත් පහසුයි. (නි)
ජය ලැබේවා (හේ)
රෝගියාගේ ශරීර ස්කන්ධ දර්ශකය මැනීමේ අවශ්‍යතාවයක් බොහෝවිට ඇත. නිරෝගී යමෙකුගේ බර සහ ඔහුගේ උස අතර තිබියයුතු ශරීර ස්කන්ධ අංකය 17-25 අතරයි. (නි)
මම කලිනුත් කිවුවනේ අපේ දකුණේ කොල්ලෝ කොහොමටත් වැඩකරුවෝ කියලා. එහෙන් යකඩ නවනවා. මෙහෙන් නොයෙකුත් නිර්මාණ කරනවා. (නි)
දිරිමත් කලයුතු දරුවන්, ඔබලා අපේ රටට වටිනා සම්පත් .. ඔබලාට ජයෙන් ජය ලැබේවා.! (ර)
දේශපාලන අතකොලු වෙලා පාරවල් ගානේ "දියව් ,මරව්,පලයව්" කියලා කෑ නොගහා මේ වගේ දෙයක් කරන එක ලොකු දෙයක් දරුවනේ (නි)
මේ අයට ඇත දෙන්න බලධාරීන්ගේ නෙත් යොමු වේවා.! (ර)
ඔබලාගේ නිර්මාණය ඉතාම ඉහලයි. ඩිප්ලෝමාවක් හදාරලා මෙවැන්නක් කිරීම ගැන ගොඩක්ම සතුටු වෙනවා. (ර)
ඉතා සුදුසු සරල ප්‍රායෝගික උපකරණයක්. ඔබලාගේ නිර්මාණය අගයමි. මගේ සුභ පැතුම්! (ර)
ඔබලාට ජයෙන් ජය ලැබේවා.! (ර)
ඇත්තෙන්ම උසස් තාක්ෂණ ආයතනයක විෂය හදාරන සිසුන් විසින් මෙවැනි නව නිපැයුමක් කිරීම පිළිබද ඉතා සතුටුයි. මෙම නිෂ්පාදනය සදහා ලංකා රජයෙන් අනුග්‍රහය අනිවාර්යෙන් ලැබිය යුතුයි. මොවුන් අපට සම්පතක් (හේ)
රටේ සම්පත් වලින් මෙවැනි උසස් බුද්ධිමත් දරුවන්ට තැනක් දෙනවා නම් ...? දේශපාලකයෝ රජවුණාම ඇති. ඔබට බැබළෙන අනාගතයක්! මගේ සුබ පැතුම්! (නි)
ඔබගේ සොයාගැනීම බෙහෙවින් අගය කරමි. (නි)
බොහොම අපූරු නිර්මාණයක් (නි)
ජයෙන් ජය වේවා, ඉදිරියටත් මෙවැනි නව දේ නිපදව ලොව ජය ගැනීමට හැකියාව, දහිරිය, වාසනාව ලැබේවා, බුදුසරණයි....!!! (බ)
මේ රටේ මේවාට තැනක් නැත (නි)
මම ප්‍රාර්ථනා කරනවා ඔබලාගේ දක්ෂකම මේ රජයෙන්වත් ඔපමට්ටම් කර රටට වැඩදායක ලෙස ප්‍රයෝජනයට ගනීවි කියලා. (නි)