ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත් ආසන්නයේ පිහිටි උතුරු සෙන්ටිනල් දූපතේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍රික පිරිසක් සිටින බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. කොරල්පරවලින් වටවූ මේ දූපත යාත්‍රා ගොඩබැස්සවිය හැකි ස්ථානයක් නොවන බැවින් එය වසර 60,000ක පමණ කාලයක සිට හුදකලා වූ දූපතක් බව පර්යේෂකයෝ කියති.
වර්ග කිලෝ මීටර 72ක් පමණ විශාල මේ දූපතේ සිටින ගෝත්‍රිකයන් සෙන්ටිනෙල්ස් නමින් හඳුන්වයි. නව ශිලා යුගයේ සිටි මිනිසුන්ට සමාන හැසිරීමක් හා ජීවන රටාවක් ඔවුන් පෙන්වන බවත් දූපතේ ගෝත්‍රිකයන් 400ක් පමණ සිටින බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නෝ කියති.
ඔවුන් බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවක් පවත්වන්නේ නැත. මාධ්‍ය වාර්තා අනුව 2006 ජනවාරි මස 26 දින සෙන්ටිනල් දූපත අසළ කකුළුන් ඇල්ලීමට ගිය ධීවරයන් පිරිසක් ගෝත්‍රිකයන්ට කොටුවූ බවට ලැබුණු තොරතුරකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හෙලිකොප්ටරයක් එහි ගියේය.
හෙලිකොප්ටරය පහතින් පියාසර කරමින් ගෝත්‍රිකයන්ට හසු වූ ධීවරයන් සොයා ගැනීමට උත්සාහ ගන්නා විට හෙලිකොප්ටරයට ඊතල හා හිරිගල් කැට ප්‍රහාරයක් එල්ල විය. එදා ධීවරයන් බේරාගැනීමට ගිය වෙරළාරක්ෂකයන් පසුව දැනුම් දී ඇත්තේ ධීවරයන් මේ ගෝත්‍රික පිරිමි ජනයාගේ කුසට ආහාරයක් වන්නට ඇති බවයි.
අතීතයේ පැවති ගල් යුගයේ මිනිසුන් වැනි ගෝත්‍රිකයන් දැක බලා ගැනීමට සංචාරකයන් එහි යාමට උනන්දුවක් දැක්වුව ද ආගන්තුකයන්ට ගල් ගසා හෝ ඊතලයෙන් විද මරා දැමීමට උත්සාහ ගන්නා මේ හුදකලා ගෝත්‍රිකයන් දක්නට යාම පවා බිහිසුණු බව ඉන්දීය වෙරළාරක්ෂකයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මහජන මුදල් හොරකම් කරපු දේශපාලුවෝ ඔක්කොම මේ දුපතට වහාම යවන්න ඒ අයට හරියන්නේ මේවගේ ගොතිරිකයෝ තමා !!! (අ)
ලලිත්,සත්‍ය පාල ,ශාන් ලගේ අදහස් හරි ,ඇත්ත එ්කතමා .(බ)
එයාලට ඔහොම ඉන්න දෙන්න. එක තමා හොදම දෙය. (අ)
ගිය ගිය රටේ බින්න බහින අල්ලපු රටේ උන් අල්ලන් කාපු එක නම් ඉතාම හොඳ වැඩක්. අනේ මේ ගෝත්‍රිකයෝ කිහිප දෙනෙක් අල්ලපු රටේ මැද හරියට ගිහින් දමන්න බැරිද හතර වටේටම කාගෙන කාගෙන යන්න. (අ)
එයාලට එයාලගේ පාඩුවේ ඉන්න දීලා හිටියානම් ඉවරයි. එතකොට ඒ මිනිස්සුත් මනුස්සකම කියන දේ ආරක්ෂා කරගෙන ඉදිරි පාර රැකගනී (බ)
එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න (දිල්)
මේ අපේ රටේ අය ගැන නෙවෙයි නේද කියලා තියෙන්නේ (දිල්)
මට හිතෙන්නේ ඒ දුපතේ මිනිස්සු වෙන රටවල ඉන්න මිනිස්සුන්ට වඩා ඔවුන් එකෙනිකා බොහොම එකමුතුවෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා ඇති (බ)
අවුරුදු දෙසිය ගානකට කලින් සුද්දා ගොඩ බැස්සේ නැත්නම් අද ඔස්ට්‍රේලියාවත් ඔය වගේ තමයි. අබෝරිජින්ලට කරපු දේ මේ මිනිස්සුන්ටත් කරන්න එපා. (ස)
ඔය කියන දුපතේ අපේ දුපතේ වගේ මහ බැංකුවක් එහෙම නැද්ද දන්නේ නැහැ. (නි)
ඒ රටේ තෙල් තියෙනවද දන්නේ නැහැ? (අ)
ඔහේප් පලයන් ..විස්තරේ කියවගෙන ගීයා එක හුස්මට ලියන්න හිතුවා විතරයි ලලිත් කොලුවා දීලා ඇට්ටි හැලෙන්න (බ)
ඒ දූපතේ පමණයි නිදහස් වාසනාවන්ත මිනිසුන් ඉන්නේ.අන් සෑම රටවලම සිටින පාතාල යුගයේ මිනිසුන් එම දූපත ගැන කතාකරනවා සේම ඔවුන් විනාශයට ගෙනයාමද වැඩි ඈතක නොවේ.දියුණුයි කියන පාතාල යුගයේ මිනිසුන්ගෙන් මෙන් ගල් යුගයේ මිනිසුන් ගෙන් කිසිවකුට කරදරයක් නැහැ.එසේ නම් ඇයි නොමිනිසුන් ඔවුන් ගැන සොයන්නේ ඔවුන්ට කරදර කරන්නේ. (නි)
තවත් ඔය වගේ තැන් මේ ලෝකේ තියෙනවද දන්නේ නැ. පිටසක්වල දේවල් හොයන්න කලින් මෙහෙ තියෙන ඒවා හොයා ගත්තනම් තමයි නේද හොද. (බ)
මේකනම් ලෝක පුදුමයක්,සිංහලයෝ මුළු ලෝකෙම හැමරටකම,හැම දුපතකම වාසය කොරද්දී,මේ දුපත පමණක් එහෙට නොපෙනුණු එකාගෙන මට නම් ඇතිවෙන්නේ හරිම වේදනාවක්.(අ)
මම හිතුවේ මේ කියන්නේ ලංකාව ගැන කියලා. (නි)
දැන් එම මිනිසුන්නේ නිදසත් ඉවර වේගන යන්නේ. (ර)
ලලිත්, සත්‍යපාල මමත් ඔබලගේ අදහස අනුමත කරනවා අපට කළෙත් මෙයම තමා, අපේ උන්ට නොතේරුනාට (බ)
මේ වගේ නොඉඳුල් පැති වීරකැටිය පැත්තෙත් තියනව. (බ)
හොයලා බැලුවට කමක් නැහැ. ඒ මිනිසුන්ට ඒ අයගේ නිදහස දීලා..... (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
දැන් ඉතින් උනුත් ඉඳලා හමාරයි (නදී)
ගොඩක් අය හොයන්නේ අඟහරු ලෝකේ හඳට යන්න මේ මහපොළොවේ තියන දේවල් ඔක්කොම හැංගිලා (අ)
ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් තමයි හොඳ. (නි)
මමත් කියන්නේ එයාලට පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳ (නි)
අපේ රටෙත් ඔය වගේ වටවුණ දුපතක ඔහොම කට්ටියක් ඉන්නවනේ. දෙගොල්ලෝ ළඟම ඥාති වෙන්න ඇති (නි)
මෙවැනි ජනකොටස් ගෙන තවදුරටත් සොයාබලන්නට ඕනෑ (නි)
17 වසන ශතවර්ෂයේ නම් ඉතින් එංගලන්තෙන් ගිහින් මේ මිනිස්සු ඔක්කොම විනාශ කරලා අලුත් රටක් හදල. රටේ පරිසරයේ තියෙන්න නැවුම් බව රැකිලා තියෙන එකත් ලොකු දෙයක් .එයාල එයාලගේ පාඩුවේ හිටපුවාවේ (ස)
අපි එයාල ලෝකයට සම්බන්ද කරන්න වයි ෆයි දෙමු. (ස)
දැන් ඉතින් ඒ මිනිස්සුත් ඉවරයි. විකාර අදහස් හඳුන්වලා දීලා ඒ මිනිස්සුත් නැතිකරයි (නි)
අපේ අය මේ දුපතට ගියේ නැද්ද දන්නේ නැහැ. මොකද ඒ කාලේ නම් ඔක්කොම ගෝත්‍රික රට වලට ගියානේ. (නි)
සොබාදම් මවගේ නොඉඳුල් කන්‍යා දූපතක් (නි)
හරි. දැන් ඉතින් ඒ අයටත් ඉන්ටෙර්නෙට් එකයි, සෙල් ෆොනේ පිස්සුවයි, හෙළුව වන්න රුපවාහිනී වීඩියෝ පටියි දීල උන්වත් කාල දමපල්ලා. තව මදිනම් ක්‍රෙඩිට් කාඩ් දීල ණය ගන්නත් පුරුදුකලා නම් ආතල් තමයි. උන්ට රජෙක් නායකයෙක් එහෙම ඉන්නවනම් එක ඒකාධිපති ක්‍රමයක් කියල කට්ටිය දෙපැත්තකට බෙදල පක්ෂ දෙකක් හඳුන්වල දීල කෙලගන්න පුරුදු කලේ නැතිනම් එකත් ලොකු අඩුපාඩුවක්. (අ)
ඉතා හොඳ ලිපියක් (නි)
තව ටික දවසකින් ඔය දුපතටත් යයි කට්ටිය... (ස)
අර මැලේසියානු ගුවන් යානය මේ දූපතටවත් හදිසියේ ගොඩබෑවද දන්නෙ නැහැ (නි)
අපෙත් ඉන්නවා. කවුද දන්නවද?? (නි)
ලලිත්ගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
තව ටික දවසකින් එයාලගේ ජීවිතත් වෙනස්වෙයි.පව්! (නි)
ඔයවගේ සැඟවුණ තැන් තවත් ඇති (නි)
ලලිත්, ඔබ කියා තිබෙන දෙය තේරුම්ගන්න පුළුවන් අය තව හාර පන්සියයක් අපේ රටේ හිටියා නම්.... මේකේ ළඟදීම අධිවේගී පාරවල්, තරුපහේ හෝටල් කිහිපයක් ඉදිවෙන බව නියතයි. (නි)
රජකමම හොයන අපේ පරණ රජතුමා යවමුද එහෙ රජ කමට පණ තියනකල් එන්න පුළුවන් රජ වෙලා බේබිලට ඇතිතරම් රතීකෙලියේ යෙදන්නත් පුළුවන් උසාවි පොලිසිත් නැහැනේ (බ)
ශාන් සෞදී, නියම කතාව. (නි)
දැන් මේ දුපත සල්ලි වලට ගන්න අපේ උදවිය උඩ පැනගෙන යාවිද දන්නේ නැහැ. (නි)