අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිතව විනාශ වෙමින් පවතින වන සම්පත නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිදුකෙරේ.
විස්මිත මූර්ති හා කැටයම් කලාව හරහා ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය අනුරාධපුර රාජධානිය මේවන විට වන සම්පත් විනාශයේ පවතී. අවුකන බුද්ධ ප්‍රතිමාව අලලා ආරම්භ කළ පරිසරය සුරැුකීමේ ‘හරිත ව්‍යාපෘතිය’ අවුකන විහාරාධිපති ශ්රාස්ත්රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් සමඟ කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද බද්දුමබණ්ඩාර මහතා ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ක්රියාත්මවේ.
කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාලීන සමාජ ව්‍යාපෘතිය සිදුකෙරේ.
‘ලෝකයට නොදෙවැනි ලෙස අපේ රජදරුවන් ඉදි කළ වෙහෙර විහාර ඉදිරි පරම්පරාවට දැක බලාගැනීම සඳහා ඒවා ආරක්ෂාකිරීම වර්තමාන පරපුරේ වගකීමක් වෙනවා. පරිසර දූෂණය හේතුවෙන් මේවන වන විට පරිසරයේ කාබන් ඩයොක්සයිඞ් ප්‍රතිශතය වැඩිවෙලා තියෙනවා. කාලගුණික විපර්යාස සිදුවීමට පරිසර දූෂණය හේතුවක් වෙනවා. මේ හේතු කාරණා සැලකිල්ලට ගෙන පරිසරය සුරැුකීම තේමාව යටතේ අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිතව එකල සිට පැවැත ආ පලූ, බුරුත, මිල්ල, කොහොඹ, දිවුල් ඇතුළු ශාක වර්ග කීපයක් නැවත ගොඩනැගීමට අපි මෙම ව්‍යාපෘතිය පටන් ගත්තා‘
‘ගොවිතැන් කිරීම, හේන් කෙටීම සහ කැලෑ විනාශ කිරීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිතව පැවැති වන සම්පත මේවන විට විනාශයට පත්වෙලා තියෙනවා. එම ප්‍රදේශයට ආවේණිකව තිබූ ශාක නැවත රෝපණය කරන්න අපි සිතුවා. එම ප්‍රදේශයේ වෙනත් ශාක අපි රෝපණය කරන්නේ නෑ‘
‘දැනටමත් රාජ්‍ය දැව සංස්ථාවෙන් ශාක 2000 ක් පමණ අපට ලැබී තිබෙනවා. අපි විහාරාධිපති හිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව වසර 50 ක් යනතුරු එම ශාකවලට කිසිඳු දෙයක් කරන්න බැහැ. මේ කර්තව්‍ය වෙනුවෙන් එම ගම්වාසීන්, පාසල් දරුවන් සහ පොලිසිය අපට සහාය ලබාදෙනවා. දැනටමත් ලංකාවේ සිදුවී තිබෙන පරිසර විනාශය අවම කරන්න ඉදිරියේදී අපි දිවයින පුරා මෙවැනි පාරිසරික සමාජ සද්කාර සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.’’ යැයි ආචාර්ය ඈපා මහතා පැවැසීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැල හිටවනවට වඩා හොඳ නැද්ද තියෙන ගස් ටික රැකගන්න වැඩපිළිවෙලක් හැදුවොත්? කට්ටියක් ගස් හිටවනවා. කොහෙවත් නැති අය ගස් කපනවා (නි)
සාදු සාදු සාදු ! (නි)
විශ්ව විද්‍යාලයේ සිසුන් මෙවැනි දෙයට යොමුකරවීම ගැන ස්තුතිවන්ත වියයුතුයි. මෙම වනාන්තරය රටට ආදර්ශයක් වෙන ලෙසට පවත්වාගෙන යන්න. (නි)
මෙය ඉතා හොඳ පූර්වාදර්ශයක්. රටේ සිටින අනෙක් අයටත් මේ ගැන සිතන්න කාලයයි (නි)
පරිසරය රකින්න ඉන්න විවිධාකාර දෙපාර්තමේන්තු වලින් වැඩක් නැහැ. එයාලා කොච්චර හිටියත් දිනෙන් දින වනාන්තර සහ සතුන් විනාශය වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. අපිම මේ විදියට ප්‍රදේශ වෙන්කරගෙන ආරක්ෂා කරන්න පටන්ගන්න වෙයි වගේ. (නි)
කැලේ නැවත වවන්නෙත් ගිනිසීරියා. වවන්නකෝ බුරුත, මිල්ල, නැදුන් වගේ ඒවා. (බ)
කැළණි විශ්ව විද්‍යාල සිසුන්, අනිත් විශ්ව විද්‍යාල සිසුන්ට වඩා, සමාජීය ප්‍රශ්න කෙරෙහි වැඩි සංවේදීතාවයක් සහ දැක්මක් ඇතුව වැඩ කරනවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. (නි)
බොහොම හොඳ දෙයක්. හැබැයි ඉතින් අර උප සංස්කෘතිය එහෙම පාවිච්චි කරනවා එහෙම නොවෙයි ඔන්න (නි)
පාරවල් වහගෙන විකාර කර කර අනාගතය අදුරුකරගන්නේ නැතිව මේ වගේ රටට හිතැති උගතුන් බිහිකිරීමට කරන වැඩසටහන් ගැන අපේ උණුසුම් සුබපැතුම් (අ)
ඇන්ජෙලෝ, සරසවි සිසුන් පාරට බහින්නේ ආසාවට හෝ විනෝදෙට නොවෙයි. ඔවුන් උගත් තරුණ පරපුරක්. ඒ වගේම ඔවුන් රටට හෝ අධ්‍යාපනයට, වර්තමානයේ හෝ අනාගතයේදී සිද්ධවෙන ප්‍රශ්න කෙරෙහි, රටේ නිදාසිටින අනෙක් බොහෝ මිනිසුන්ට වඩා සංවේදීයි. ඒ නිසා මුලින්ම අප දැනුවත් වියයුත්තේ ඔවුන් පාරට බසින කාරණය ගැනයි. (නි)