තෙරක් නොපෙනෙන අභ්‍යාවකාශයේ වඩාත් ඈතට ගමන් කිරීමේ සිහිනය නුදුරු අනාගතයේ ම යතාර්ථයක් වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පලකරයි. ඉන්ධන බාවිතා නොකර ක්ෂුද්‍ර තරංග තාක්ෂණය භාවිතයෙන් අභ්‍යාවකාශයේ ගමන් කිරීමේ හැකියාව පිළිබද සිදුකළ පර්යේෂණ පදනම් කරගනිමින් නාසා පර්යේෂකයෝ මේ බව කියති.
ඔවුන් පවසන්නේ තමන් පර්යේෂණ කළ අභ්‍යාවකාශ එන්ජිම දැන් සාර්ථක වී ඇති බවයි. එය සවිකර සාදන නව අභ්‍යාවකාශ යානයකට සති 10ක කාලයකින් අගහරු ග්‍රහයා වෙත ළගා විමට හැකියාව ලැබෙන බව ද නාසා පර්යේෂකයන්ගේ විශ්වාසයයි.
එසේ වුව ද ඔවුන් පවසන්නේ ක්ෂුද්‍ර තරංග උදුනක ඇති තෙරපුම් තාක්ෂණය භාවිතා කරමින් සාදන ලද මෙම එන්ජිම භෞතික විද්‍යාවේ න්‍යායන්ට අනුව කොතෙක් ප්‍රායෝගිකව යොදාගත හැකි ද යන්න ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතු බවයි. එය ඉතා නුදුරු අනාගතයේ දී වඩාත් දියුණු කර අභ්‍යාවකාශ කටයුතු සදහා යොදා ගැනීමට හැකි වුවහොත් මිනිසාට විශ්වය ජය ගැනීම පහසුවක් වනු ඇති බව ද පර්යේෂකයන්ගේ මතය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නව නිර්මාණ පිළිබඳව අහනකොට පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි සහ ඒවායේ ගමන් බිමන් හෝ ක්ෂණික දර්ශනය වීම නොපෙනී යාම වැනි සිද්දීන් බොරු විය නොහැකි යයි හැඟේ. (ස)
මේ සම්බන්ධයෙන් පොතක් ලියවී තිබුණා මැග්නටික් කරන්ට් බයි ලීඩ්ස්කල්නින් (1887-1951) නමුත් රචකයා එතුල සැඟවූ දෙය ක්ෂුද්‍ර තරංග වල ඇති තෙරපුම් තාක්ෂණය වෙන්නට පුළුවන්. (බ)
මට නම් හිතාගන්නත් අමාරුයි විද්‍යාවේ දියුණුව ගැන (නි)
මේක සාර්ථක වුනොත් දැනට ලෝකයේ ක්ෂය වෙමින් පවතින භූ සම්පත් අභ්‍යවකාශයෙන් ගේන්න පුළුවන් වෙයි (බ)
මිනිස්සු පිටසක්වළ ජයගන්න උත්සාහ කරන්නේ සිත ජයගන්න අපොහොසත් නිසයි කියලයි අපිට හිතෙන්නේ. මිනිසාගේ ඉරණම රඳා පවතින්නේ භෞතික සම්පත් වෙනුවෙන් වෙනත් ග්‍රහලෝක වලට පියඹායාමෙන් නොව වනාන්තරයේ ගසක් යට සිට කරන විදර්ශනා භාවනාවකින් කියලා විද්‍යාවට තවම තේරුම් ගන්න බැරිවුණා. (නි)
සිත ජයගතයුත්තේ එක්ව නොවේ. තනිවමය. පිටසක්වළ තොරතුරු සෙවිමත් සිතේ ජයකි. සාමූහික ප්රයත්නයකි. (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණෙනි,ඔබ ජර්මනියේ මොනවද කරන්නේ? (නි)
එඩ්වර්ඩ් හරි. ලංකාවෙන් පිට ගිය ගොඩක් උගතුන් පිටරට වලදී බුද්ධාගම ගැන පැහැදීමෙන් අවබෝධයෙන් කතාකරනවා (නි)