වියපත් මව්පිය දෙපළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය මංසන්ධියට ගෙනැවිත් දමා තිබෙන අයුරු සේයාරුවක්ද සමගින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තෙදිනක් පුරා කඩපිලක වැතිර සිටි එම මවට හා පියාට තමන්ගේ කටයුතු පවා සිදු කර ගත නොහැකි තරමට අබල දුබල යැයිද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. තම දරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කරනු පිණිස එම දරුවන්ගේ නම් ගම් නොකියන එම මව සහ පියා තමන් හොරණ ප්‍රදේශයේ විසූ බව පමණක් සඳහන් කරන බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
සෙත් පිරිතෙන් අවදි වී මහ පිරිතෙන් නින්දට යන ජාතියක අධ්‍යාත්මය කම්පනයට පත් කිරීමට එම ප්‍රවෘත්තිය සමත්ය. කවර හෝ හේතුවක් මත තම දෙමාපියන්ට මෙතරම් අකාරුණිකවීමට කිසිදු දරුවකුට අයිතියක් නැත. එහෙත් අධ්‍යාත්මය නිර්වින්දනය කර ගත් පසු සිදු කළ නොහැකි පාපයක් නැත. වැල්ලම්පිටිය කඩපිලක අසරණව වැතිර සිටින වියපත් මව්පිය දෙපළ අප හමුවේ සනාථ කරන සදාතනික සත්‍ය එය වේ.
ඇළේ සිටින මාළුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි 85 හැවිරිදි හිමිනමකට පොලුවලින් පහරදී ඝාතනය කළා කියන තරුණයන් හත් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේ මහලු මව්පිය දෙදෙනා සම්බන්ධ සෝබර පුවත වාර්තා කළ දිනයේදීමය.
මෙම සිදුවීම් ඔබට විශ්වාස කළ හැකිද? කුරක්කන් හේනේ කුරුල්ලන් එළවන්න නාඹර රූබර යුවතියන් කී කවි අසා රහත්වූ බුදු පුතුන් වැඩ සිටි ධර්මද්වීපය තුළ අද සිදුවන්නේ මසුන් ඇල්ලීම පාපයක් බව පෙන්වා දුන් තරුණයන්ගෙන් පොලු පහර කා අපවත්වීමටය. පන් දහසක් කල් සස්න රක්නා රට යැයි බුදුපියාණන් වහන්සේගේ පින්සිරිබර මුව කමලින් නියත විවරණ ලද බුදුන් පහස ලද ශුද්ධ භූමියේ සිදුවන්නේ මෙවන් අවකල්ක්රියාය.
‘‘විශේෂිතය සමස්තය නොවන’’ බව ඒකාන්ත සත්‍යයකි. යම් සිදුවීමක් වූ පමණින් ‘‘හපොයි රටකට ගිය කලක්’’ යැයි විස්සෝප විය යුතු නැත. අපමණ සෙනෙහසින් මවුපියන් රැක බලා ගන්නා බෝසත් දූ පුතුන්ගෙන් මේ බිම පිරී පවතී. එමෙන්ම වියපත් මව්පියන් මිනිස් කසළ මෙන් පිටු දකින අදිමිටු දුර්දාන්ත අජාසත්ත පරපුරේ අශිෂ්ට දරුවෝද සිටිති. එබඳු දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වීම අනාගතය සම්බන්ධයෙන් භීතිය උපදවන්නකි.
සමාජයක් වශයෙන් අප ආධ්‍යාත්මිකව පොහොසත් නම් මෙරට මහලු නිවාස තිබිය නොහැක. ළමා නිවාස තිබිය නොහැක. එහෙත් සමාජය සංකීර්ණවත්ම එතෙක් රැකගෙන ආ අධ්‍යාත්මික සාරය එලෙසින්ම පවත්වාගෙන යා නොහැක. එහෙයින් මහලු නිවාස බිහිවී තිබේ. ළමා නිවාස බිහිවී තිබේ. එහෙත් මහලු මව්පියන් එවන් මහලු නිවාසයකට හෝ බාර නොදී කසළ මෙන් මහ මග දමා යන්නේ නම් එම දූ පුතුන්ගේ අභ්‍යන්තරය කෙතරම් දුෂ්ට හා පාපීද යන්න හඳුනා ගැනීම අසීරු නැත. එම දුෂ්ටත්වය රළ නගමින් තිබෙන්නේ නම් දෙදහස් හත්සිය වසරක අදින අදම්‍ය අපරාජිත හා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සම්බන්ධ සාඩම්බර වාගාලාපයන්ගෙන් අබමල් රොණක තරමින් හෝ ප්‍රයෝජනයක් නැත. එම වාගාලාපනියත ලෙසම අරුත් සුන් නීච වාගාලාප වීම වැළැක්විය නොහැක.
රටක වැඩිහිටි පරම්පරාව සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් වඩාත් නිවැරැදිව ක්‍රියාත්මක කළ යුතුය. එබඳු වැඩපිළිවෙළක් දැනුදු ක්‍රියාත්මකවන නමුදු එය සාර්ථක නොවන බව වැල්ලම්පිටිය සිදුවීමෙන් මෙන්ම එබඳු බොහෝ සිදුවීම්වලින් පැහැදිලිය. හැම ගමකම සෑම නිවෙසක්ම ආවරණය වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඒ ඒ නිවැසියන් මුහුණදී සිටින අර්බුද වටහා ගනිමින් ඒවාට නිවැරදිව ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතුය. වැඩිහිටියන් සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඇතැම්විට එම දූ දරුවෝ නොදනිති. ඔවුන් සතු එකම විකල්පය මහලු මව්පියන් මහමග අතැර දමා යාමය.
සමාජ සංරක්ෂණය සම්බන්ධයෙන් නව මානයෙන් සිතා සිතා බැලිය යුතු බව මෙම සිදුවීම්වලින් පැහැදිලිය.
සියවසකට පමණ පසුව පැමිණි කොරෝනා මාරාන්තික වයිරසය අපට ‘‘ජීවිතය’’ උගන්වමින් සිටී. අප විසින් රැකිය යුතු සකල විධ සාරාර්ථ හා පරමාදර්ශ මොනවා දැයි පැහැදිලි කරමින් සිටී. මේ මොහොතේ මෙම ගැඹුරු පාඩම් ඉගෙන නොගන්නේ නම් නැවත අවස්ථාවක් නොලැබෙන බවද අවධාරණය විය යුතුය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සමාජ ධර්මතා සමාජයෙන් ගිලිහී යන්ට ඉඩ දෙමුද?
Deepal Nirosh Friday, 21 May 2021 06:12 AM
කුමන නිර්වචන දුන්නත් සමාජය දිනෙන් දින යොමුවන්නේ අාධ්‍යාත්මික වශයෙන් පිරිහීම දෙසටයි. එය වළක්වාලන්න කවර නායකයෙකුටවත් බැහැ. විශේෂිතය සමස්තය නොවන මුත් එම විශේෂිතය දිනෙන් දින මන්දගාමීව සාමාන්‍යකරණය වෙනවා. අපට කළ හැක්කේ එකී සාමාන්‍යකරණය වීමෙන් මිදී සමාජය තුළ අසාමාන්‍ය පුද්ගලයෙකු බවට පත්වීම පමණයි. එ් මිසක සමාජය නිවැරදි කරන්න කිසිදු ආගමික ශාස්තෘවරයෙකුටවත් බැහැ.
RaveendraFriday, 21 May 2021 08:41 AM
ඔබගේ වැදගත් අදහස් ඉතාමත්ම නිවැරදියි. දිනෙන් දින හොඳ නරක නොතේරෙන මිනිසුන් වැඩිවෙන සමාජයක තම යුතුකම්, වගකීම්, කාලගුණ සැලකීම වැනි උතුම් පැවතුම් ගැන කවර කතාද..? අදටත් අපගේ සිත් තුළ මතකයේ තිබෙන දෙයක් ඇත. ඒ අප කුඩා කල අපගේ ගුරුතුමිය තම දෙමාපියන්ට සැලකීම පිළිබඳව කියාදුන් මිලකළ නොහැකි ඔවදන්... එනමුත් අද දවසේ අඩු වශයෙන් ගුරුවරුන්වත් දෙමාපියන්ගේ වටිනාකම පිළිබඳව පැහැදිලි කරන්නේද යන්නත් ගැටලුවකි.
asanka Friday, 21 May 2021 04:26 PM
දෙමව්පියන් රැකබලා ගැනීම අපට බුදු සමයේ අභාෂයෙන් ලැබුණු දායාදයකි... එදා දූ දරුවන් සැලකුවේ එය තමන්ගේ යුතුකමක් ලෙසයි. අද මේ යුතුකම් යටපත් වී සියල්ල මුදලට, ලාභයට කිරීමට මිනිසුන් පෙළබී ඇත. තමන්ට යම් ලාභයක් නැත්නම් දෙමව්පියන් වුවද අනාථ කිරීමට අද මිනිසුන් පසුබට නොවන තැනට පත්වී ඇත.
RaveendraSaturday, 22 May 2021 01:06 AM
සහතික ඇත්ත... එලෙසම අපේ දෙමාපියන්ට අප සලකන ආකාරයටම අපේ දූදරුවන් අපටද සලකන බව සමාජයේ වැඩි පිරිසකට අමතක වී ඇති බවත් කිවයුතුයි.