IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සංචරණ ලිහිල් කළත් ජීවිත අනතුරට දාගන්න එපා

රාජ්‍ය සේවකයන් සියලු දෙනා ඉකුත් සඳුදා සිට සේවයට වාර්තා කළ යුතු බව රජය නිවේදනය කළේය. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ කාර්යාල දුම්රිය රැසක් ධාවන කටයුතු ආරම්භ කරන බවය. මේ වන විට පළාත් අතර සංචරණ සීමා ද ඉවත් කර දුර ගමන් බස් සේවාද ආරම්භ කර ඇත. මෙම දිනය උදාවනතුරු මෙරට ජනයා බොහෝ උපේක්‍ෂාවෙන් බලා සිටියහ. දැන් ඒ දිනය උදා වී ඇත.

නිදහස හා වගකීම සාමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද වගකීමෙන් තොර නිදහස බොහෝ මාරාන්තිකය. එමෙන්ම බොහෝ අතුරු අනතුරු නිර්මාණය කරන්නකි. කොරෝනා මාරාන්තික වයිරසය මැද ලැබුණු නිදහස බොහෝ වගකීමෙන් යුතුව භුක්ති විඳිය යුතුය. ගාල කඩා ගත් හරක් මෙන් කටයුතු කර අපි අලුත් අවුරුදු පොකුරක් නිර්මාණය කර ගත්තෙමු. එම පොකුරේ ආසාදිත සංඛාව ලක්‍ෂය ඉක්මවා ගියේය. දුර දිග නොබලා වැඩ කිරීමේ ප්‍රතිඵලය එපරිදිය.

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ මල්වර උත්සවයකට සහභාගී වූවන්ගෙන් 85 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූයේ යැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී. සිංහබාහු මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. සාද උත්සව සඳහා තවම අවසර දී නැත. මංගල උත්සව සඳහාද සහභාගි විය හැක්කේ සීමිත පිරිසකට පමණි. කරුණු කාරණා එපරිදි වුවද මල්වර මඟුලෙන් මුළු ගමක්ම කොරෝනා වගුරක් බවට පත් වී තිබේ. මෙම මල්වර උත්සවය සඳහා අවසර ලබාගෙන නොමැති බවත් ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එම ස්ථානය වටලා තිබේ. එක් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ එම නිවෙසේ ආහාර පිසීමට පැමිණි පුද්ගලයකු තමන් කොරෝනා ආසාදිතයකු බව දැන දැනම ආහාර පිසීම සඳහා පැමිණ ඇති බවය. මෙබඳු මාරාන්තික වයිරසයක් ඉදිරිපිටදී මෙතරම් වගකීම් විරහිත ලෙස කටයුතු කළ හැකිද යන්න අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයකි.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ව්‍යාපාරිකයකු මුහුණු ආවරණ නොපැළඳ ව්‍යාපාරික ස්ථානයේ කටයුතු කරමින් සිටියදී මුහුණු ආවරණ පළඳින්නැයි උපදෙස් දුන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට එම ව්‍යාපාරිකයා උදැල්ලකින් පහර දී ඇති බවය. මෙබඳු පුරවැසියන් සමඟ ලෝක වසංගතයක් මැඩලීමේ මෙහෙයුමක් සාර්ථකව නිම කර ගත හැකි වේද යන්න පුරවැසියන්ගේ අවධානයට පාත්‍ර විය යුතුය.

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රබේදය පැපොල වයිරසය මෙන් ඉතා වේගයෙන් පැතිරෙන බවත් එය බරපතළ රෝගාබාධ ඇති කරන වයිරස විකෘතියක් බවත් ඇමෙරිකාවේ වසංගත රෝග මර්දනය සහ ව්‍යාප්තිය පාලනය කිරීමේ ඒකකය අනතුරු ඇඟවීම් කළේ ඉකුත්දාය. චීනයේ ජියැංෂු පළාතේ නැංජියාන් නගරයෙන් ව්‍යප්තවීමට පටන් ගත් කොරෝනා ඩෙල්ටා විකෘතිය මේ වන විට චීනයේ පළාත් රැසකට ව්‍යාප්ත වී ඇති බවත් ජූලි මාසයේ පමණක් නව ආසාදිතයන් 328 දෙනකු වාර්තා වී ඇති බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඉහත වාර්තාවලින් පැහැදිලිවන්නේ තත්ත්වය භයානක බවය. විටෙක යටපත් වූවද ඊළඟ නිමේෂයේදී මහා ප්‍රවාහයක්ව එන බවය. ලෝකයේ ඇත්ත තත්ත්වය එයයි. මෙම තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනාගෙන කටයුතු කිරීම සෑම පුරවැසියකුම සතු වගකීමය.

රටේ විවිධ පළාත් වලින් ලැබෙන ප්‍රවෘත්ති වලට අනුව බොහෝ රෝහල් මේ වන විට කොරෝනා ආසාදිතයන්ගෙන් පිරීගොස් තිබේ. ඇතැම් රෝහල්වල කෙතරම් තදබදයක් තිබේද යත් කොරෝනා රෝගීන්ට පිළිකනුවල පවා වැතිර සිටීමට සිදු වී තිබේ. කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරී ඉතිරී ගොස් ඇති බව අප පුවත්පත වාර්තා කළේ ඉකුත් සතියේදීය.

අප සෞඛ්‍ය සේවයට දරා උසුලාගත හැකි සීමාවක් තිබේ. එළැඹෙමින් තිබෙන්නේ එම ධාරිතාව ඉක්මවා යන තත්ත්වයකි. එය එසේ උවහොත් රට ඉතාම භයංකාර තැනකට තල්ලු වී යාම වැළැක්විය නොහැක. එමෙන්ම රට එබඳු ඉරණමකට ලක්වීම යනු තම ජීවිතද අවදානමේ දමා ගනිමින් සේවය කරන සෞඛ්‍ය අංශවලත් ආරක්‍ෂක අංශවලත් මහන්සිය අපතේ යැවීමකි.

තමන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම තමන්ගේ වගකීමය. ඔබගේ ජීවිතය තවත් අයකුට ආරක්ෂා කර දිය නොහැකිය. මේ මොහොතේ තවකෙකු වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඒ නිසාම තමන්ද වගකීම් විරහිත ලෙස ක්‍රියා කළාට ප්‍රශ්නයක් නැතැයි නොසිතිය යුතුය. රට සෙමින් නමුත් විවෘත වීම යනු සියල්ල යහපත් අතට පත්වීමක් නොවේ. අනතුර අළුයට සැඟවී තිබේ. කොයි මොහොතක මහා ගිනි ජාලාවක්ව වයිරසය පැමිණේවිදැයි කිව නොහැකිය. ආරක්‍ෂාවීම එයට ඇති එකම පිළියම වේ.

(***)



අදහස් (0)

සංචරණ ලිහිල් කළත් ජීවිත අනතුරට දාගන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13562 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site