IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පොලිස් භාරයේදී සැකකරුවන් ඝාතනය වීම නීතියට අභියෝගයක්

 


දින දෙකක කාලයක් තුළදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි පහරවලින් ඝාතනයට ලක්වීම රටේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ප්‍රබල කම්පනයක් ඇති කරනු ලැබ තිබේ. පොලීසිය භාරයේ පසුවන සැකකරුවන් මේ ආකාරයට ඝාතනය වීම දැඩිව හෙළාදකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරන අතර අදාළ ඝාතන සිද්ධී දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් වාර්තාවක් කැඳවමින් අවධාරණය කර තිබුණේ පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම බවය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයන්ගේ සංගමය ද මාධ්‍ය සාකච්ඡාවක් තබා අදාළ ඝාතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එම ඝාතන සිදුකළ පුද්ගලයන්ට දඬුවම් කළ යුතු බව කියා තිබිණි.

පොලීසියේ නිලධාරීන් අතින් අනීතික ආකාරයට සැකකරුවන් ඝාතනය වීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට ද කළු පැල්ලමකි. මෙවැනි සිදුවීම් මෙරට මානව හිමිකම් සංවිධාන මගින් පමණක් නොව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මගින් ද දැඩිව ප්‍රශ්න කරනු ලබයි. ඒවාට ලබාදිය හැකි පිළිතුරු කුමක් වුව ද රටේ නීතියේ ආධිපත්‍යයට සිදුවන හානිය එයින් වළක්වාගත නොහැක. එසේම මෙවැනි ඝාතන පොලීසියේ රැකවරණය යටතේ සිටින සියලු‍ සැකකරුවන්ටත්, ඔවුන්ගේ පවුලේ සමීප ඥාතීන්ටත් විශාල භීතියක් ඇති කරවයි. එවැනි වාතාවරණයක සාධාරණ නඩු විභාගයක් පිළිබඳව බලාපොරොත්තු තැබීමත් නිෂ්ඵලය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වූ සැකකරුවන් ලයිස්තුවේ ‘ඌරු ජුවා’ නොහොත් මාබුලගේ දිනිති මෙලන් සහ ‘කොස්ගොඩ තාරක’ නොහොත් තාරක පෙරේරා විජේසේකර යනු දෙදෙනකු පමණි. පසුගිය වසරේ ‘මාකඳුරේ මධූෂ්’ හෙවත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත ද පොලිස් අත්අඩංගුවේ සිටියදී එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. ඊට පෙර ද අවස්ථා ගණනාවකදී මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෝ ඝාතනය වූහ. සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියට පහරදීමට තැත් කිරීම හෝ පැන යාමට තැත් කිරීම මේ ඝාතනවලට හේතුව වශයෙන් ප්‍රකාශයට පත්වූ ‘මහා පොදු සාධකය’ විය. මාංචු පිටින් ගඟට බැස පිහිනා යාමට තැත් කිරීම් හේතුවෙන් සිදු වූ බවට පැවැසුණු මරණ ද මේ අතර විය. මරණය කෙසේ සිදු වුව ද පොලීසිය භාරයේ සිටින සැකකරුවන් අත්අඩංගුවට පත්ව සිටියදී ඝාතනය වීම් සැලකෙන්නේ නීතියට පිටින් සිදුකෙරුණු මනුෂ්‍ය ඝාතන වශයෙනි. එය නීතියේ පාලනයට සිදුකෙරෙන අවමානයකි.

මෙහිදී වඩාත්ම බරපතළ තත්ත්වයක් වන්නේ අවසන් වරට ඝාතනය වූ තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඝාතනයට ලක්විය හැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙර දැනුම්දීමක් සිදුකර තිබීම හේතුවෙනි. එම නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට කරන ලද අදාළ පැමිණිල්ල එම සංගමය මගින් පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර තිබුණ ද සැකකරුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම නීතිය පිළිබඳ හැඟීමක් ඇති සියලු‍දෙනාම කම්පා කරවන සිදුවීමක් බව කිව යුතුය.

මේ ආකාරයට ඝාතනය වූ සැකකරුවෝ යහපත් පුරවැසියන් වශයෙන් සමාජය හැඳින්වූයේ නැත. ඔවුන් ඉදිරියේ සඳහන්ව ඇත්තේ සංවිධානාත්මක මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් වැනි ඉහළම ගණයේ අපරාධ චෝදනාය. මේ අපරාධ චෝදනා සමඟ ඔවුහු පාතාල සාමාජිකයන් වශයෙන් ද හංවඩු ගැසෙති. කොතරම් දරුණු අපරාධකරුවකු වුව ද දඬුවම් ලැබිය යුත්තේ සාධාරණ නඩු විභාගයකින් පසුව අධිකරණය මගින් නියම කෙරෙන තීන්දු ප්‍රකාරව පමණි. මෙවැනි පාතාල කෙරුමන්ට එරෙහි චෝදනා ඇත්තේ එකක් දෙකක් නොව දුසිම් ගණනින් වීම නිසා ඔවුන් මුහුණදිය යුතු නඩු විභාග ද ගොඩගැසෙයි. මේ නිසා පාතාල අපරාධකරුවන් විසින් කරන ලද අපරාධවලින් අගතියට පත් පාර්ශ්වවලට ද යුක්තිය ඉටුවීම ප්‍රමාද වෙයි. එය බලවත් සමාජ අසාධාරණයක් බව ද පෙන්වා දිය යුතුය. එය කොතරම් අසාධාරණ සහ අයුක්ති සහගත වුව ද එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක්වීම රටේ නීතියට ප්‍රතිවිරුද්ධය. එවැනි ඝාතනවලට පොලීසිය තුළ ඉඩක් නොතිබිය යුතුය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු පිට පිට දින දෙකකදී ඝාතනයට ලක්වීම හේතුවෙන් තවත් එවැනිම සැකකරුවකුගේ ජීවිතය පිළිබඳව ද ගැටලු‍වක් මතුව තිබෙන බව අභියාචනාධිකරණයට පසුගියදා ගොනු වූ පෙත්සමක සඳහන් විය. මත්කුඩු ජාවාරම් චෝදනාවලට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටින ‘වෙලේ සුදා’ හෙවත් ගම්පළ විදානගේ සමන්ත කුමාරගේ මව විසින් මේ පෙත්සම ගොනුකර තිබිණි. එහි සඳහන් වූයේ වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් මරාදැමීමේ සැලසුමක් ඇති බවට තමන්ට තොරතුරු ඇති බවය. මේ තත්ත්වය මත කිසිදු හේතුවකට හෝ වෙලේ සුදා නමැත්තා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන නොයන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි සිදුකර තිබූ ඉල්ලීමට අධිකරණයෙන් අවසරය ලැබිණි. එම පෙත්සම විභාගයේදී මේ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය වනු ඇත.

රට හමුවේ දිගහැරෙමින් පවතින මේ ආකාරයේ ඝාතන පෙන්නුම් කරන්නේ පොලීසියේ ඇතැම් නිලධාරීන් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන බවය. අපරාධකරුවකුට වුව ද සාධාරණ නඩු විභාගයක් සඳහා පෙනී සිටීමට තිබෙන අයිතිය අවි පෙන්වීමට කැඳවාගෙන ගොස් පැහැර ගැනීම පොලීසියේ රාජකාරියක් නොවේ. විශේෂයෙන්ම නිරායුධව සිටින බරපතළ ගණයේ අපරාධ සැකකරුවකුට වෙඩි වැදීමට ඉඩක් නොතැබීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියයි. මෙවැනි සිදුවීම් ඉදිරියේදී හෝ වැළැක්වීමට පියවර ගැනීම රජයේ වගකීමයි.


(***)

 



අදහස් (4)

පොලිස් භාරයේදී සැකකරුවන් ඝාතනය වීම නීතියට අභියෝගයක්

Chami Thursday, 27 May 2021 07:29 AM

වැදගත් ලිපියක් ස්තූතියි ලිව්වට.

:       68       2

Dr. Lakshman Fernando Friday, 28 May 2021 01:47 AM

ඔව්, ඉතා හොඳ මාතෘකාව.

:       19       0

ganegoda Friday, 28 May 2021 11:19 AM

පාතාලය, පොලිසියටයි, බන්ධනාගාර නිලධාරීන්ටයි වෙඩි තියලා පාතාලයේ අරමුණු ඉෂ්ඨකර ගැනීම අභියෝගයක් නෙමෙයිද?

:       0       65

janahitha Saturday, 29 May 2021 06:59 AM

පාතාලය, පොලිසියටයි, බන්ධනාගාර නිලධාරීන්ටයි වෙඩි තියලා පාතාලයේ අරමුණු ඉෂ්ඨකර ගැනීම ජනතාව අභියෝගයක් නීති නිලදරුවන්ට නඩු අවශ්‍ය වෙනවා. අපරාධ කාරයෝ ඉතාමත් ඉහළ අගයක් ගෙවනවා. පිටරට සංචාර ලැබෙනවා. ජනතාවගේ අභියෝගය ඒ අයට අභියෝගයක් නොවේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site