ගම්පහ මහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක් සිදු කෙරෙන බවත් මේ නිසා ළිං ජලය පවා අපවිත්‍ර වන තත්ත්වයක් පවතින බැවින් මීට විසඳුමක් අවශ්‍ය බව ගම්පහ මහ නගර සභාවේ මෙවර මාසික රැස්වීමේදී එහි ස්වාධීන මන්ත්‍රී සිරිනාථ කුරුප්පු මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මෙහි ඍජුවම කියන කතාවක් මෙන්ම කියැවෙන කතාවක්ද තිබේ. කියන කතාව වන්නේ ගලි බවුසර්වලින් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට අපද්‍රව්‍ය බැහැර කරන බවය. කියැවෙන කතාව නම් අදාළ මහ නගර සභා මන්ත්‍රීවරයා තම වගකීම මැනවින් හඳුනාගෙන ඇති බවය. නගර සභාවක වගකීම වන්නේ අදාළ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න සොයා බලා ඒවාට විසඳුම් දීමය. ප්‍රාදේශීය සභාවක වගකීම වන්නේ අදාළ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න සොයා බලා ඒවා විසඳීමය.
නගරසභාවක, ප්‍රාදේශීය සභාවක වගකීම එය වුවද බොහෝ නගර සභාවලත් ප්‍රාදේශීය සභාවලත් සිදුවන්නේ එම වගකීමට පරිබාහිර දේය. ලෝක දේශපාලන තත්ත්වය ජාතික තලයේ දේශපාලනය සම්බන්ධ මෙලෝ හසරක් නැති වාද විවාද සිදුවෙයි. තම තමන්ගේ පක්ෂවල ගැටලු සම්බන්ධයෙන් මෙන්ම ජයග්‍රහණ සම්බන්ධ පාරම්බෑම්ද පරාජය සම්බන්ධ මැසිවිලිද අසන්නට ලැබේ. එකිනෙකාට බැණ අඬගසා ගැනීම් ගුටි බැට හුවමාරුවීම් දක්වා වර්ධනය වෙයි. ඒ අතරවාරයේ ජනතාවගේ ප්‍රශ්න පිදුරුතලාගල කඳු මුදුනත් පසුකර යන තරමට වර්ධනය වේ. එහෙයින් ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයත් එමගින් ජනතාව පත්වන පීඩාවත් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයාටත් ජනතාවගේ ප්‍රශ්න සංවාදයට බඳුන් කිරීමට ඉඩ හසර වෙන් කළ සියලුම සභිකයන්ටත් ප්‍රණාමය පිරිනැමිය යුතුය.
ගම්පහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය යුතු කාරණාවක් නොවේ. මෙම ක්‍රියාදාමය වූ කලී මුළු රටම වෙළාගත් මාරාන්තික ව්‍යසනයකි. මුළු මහත් පරිසර පද්ධතියටම අණවින රැගෙන එන කොඩිවිනයකි.
ඇතැමකුට අනුව ඇළ දොළ ගංගා යනු තමන්ගේ සියලු අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇති තැනකි. ඇතැම් සුපිරි හෝටල් මෙන්ම මහා මන්දිරවල අපද්‍රව්‍ය කෙළින්ම බැහැර කෙරෙන්නේ අසළ ඇති ඇළ දොළ ගංගා වෙතය. ඇතැම් කම්හල්වල අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේද විවෘත පරිසර පද්ධතියටය. එම අපද්‍රව්‍යවල අති විෂ රසායනික සංඝටක පසට මුසුවී උල්පත් ජලය හා එක්වේ. එවිට එම ජලය පානය කළ නොහැකිය. ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. ළිං ජලය බීමට ගත නොහැකිව අසරණ වන ජනයා බීමට ජලය ඉල්ලා වීදි බැස අරගල කරති. එම අරගල අවසානයේදී ලෙයින්, කඳුළෙන් හා මරණයෙන් කෙළවර වේ. රතුපස්වල සිද්ධිය නමින් ඉතිහාසයට එක් වූ ඛේදවාචකය එයට කදිම නිදසුනකි.
බොහෝ රෝහල්වල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්ය පෞද්ගලික සමාගම්වලට බාරදී ඇත. මළ සිරුරවල ඉවත් කරන අභ්‍යන්තර කොටස්, රුධිරය, පුළුන්, ගෝස්, වෙළුම්පටි ආදී එකී නොකී අපද්‍රව්‍ය බැහැර කිරීම සෞඛ්‍යාරක්ෂිතව සිදු කළ යුතුය. එහෙත් ඇතැම් සමාගම්වලට එම කාර්යයෙහි ඇති බැරෑරුම්කම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව මාධ්‍ය වාර්තා නිදසුන්ය. රෝහල් අපද්‍රව්‍ය එළිමහනට බැහැර කළ හා කුඹුරු යායන්ට බැහැර කර පලාගිය අවස්ථා සම්බන්ධ ප්‍රවෘත්ති ඉකුත් සමයේ මාධ්‍ය වාර්තා කළේය.
පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කොතෙක් කතා කළද එය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට සමත් පරිසරයක් තවමත් නිර්මාණය වී නොමැති බව සත්‍යයකි. නිවෙසෙහි අපද්‍රව්‍ය එළිමහනට, මහ පාරට බැහැර කරන හෝටල්වල අපද්‍රව්‍ය මහ පාරට බැහැර කරන අවස්ථා සමාජයේ තවමත් සුලබය. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් උද්යෝගිමත් බවක් සමාජය තුළ වේ නම් එබඳු සිද්ධි බහුලව වාර්තා වීමට ඉඩක් නැත.
ගම්පහ මහ නගර සභාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර් වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිදුවීම එයට හිමි නිසි බරින් හඳුනාගත යුතු වන්නේ එහෙයිනි. පරිසර සංහාරකයන්ට වැට බැඳීමකින් තොරව පරිසර සංරක්ෂණය යථාර්ථයක් නොවන බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වූ සත්‍යයකි.
(***)
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ
නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික
රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ
නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පරිසරය වනසා රට අගාධයට ගෙන යන්නෝ
Raveendra Friday, 18 September 2020 06:18 AM
අපගේ මේ සුන්දර මාතෘභූමියේ දශක කීපයක සිටම සිදුවෙමින් පවතින ගැටළු පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් සකස්කරන ලද මෙම ලිපිය දියවන්නාව 225 මෙන්ම සියලුම පුරවැසියන්ටද පැහැදිලිව කියවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. "මමත්වය" පෙරදැරි කරගත් මමත්වයටම මූලික තැනදී තමන්ගේ සියලු වැඩකටයුතු කරන සමාජයක වෙනත් කෙනෙකුගේ හෝ නූපන් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම ගැන කතාකිරීමෙන් අවසානයේ අපගේ දෙමාපියන්ටද නොමිලේම ඉතාම සුන්දර වචනවලින් පිං අනුමෝදම් කරගැනීමක් ලබාගත හැක. නමුත් නිවැරදි දෙය කතාකිරීමට අප කිසිවිට පසුබට වියයුතු නැත. බියවිය යුතුද නැත යන්න අපගේ අදහසයි.
lanzu Friday, 18 September 2020 01:34 PM
හැබැයි මේක දැන් ලෝකයේ හැම රටකම වගේ සිද්ද වෙන දෙයක්... යුරෝපය සියයට 90ක් ගොවියන් භාවිතා කරන දෙයක්. මළපහ කියන්නෙත් පොහොර...!!!
විජේ Tuesday, 22 September 2020 02:00 AM
ගම්පහ නගරාධිපති ටිකක් වැඩක් කරන කෙනෙක්, ටිකක් සාධාරණ විසඳුමක් හොයාගනීවි කියලා හිතනවා...
Champa Friday, 18 September 2020 05:08 PM
හොඳ ලිපියක්. එක්තරා රටක් අපනයනය කරපු කොමඩුවල රසේ වෙනසක් හින්දා, ඒවා එවන රටෙන් හොයලා බලපුවාම කොමඩුවලට දාලා තියෙන්නේ මළ අපවිත්‍ර සමඟ එන වතුර කියලා දැනගෙන වහාම ඒ සැපයුම කැන්සල් කළාලු. නමුත් ලංකාව නම් කවදාවත් ඒ වගේ දේවල් ආහාරයට ගන්න දේ සමඟ සම්බන්ධ කලේ නැහැ... නමුත් ලංකාව අපද්‍රව්‍ය බැහැර කරන්නේ හරිම අවිධිමත් විදිහට. නීති තිබුණට දේශපාලකයන් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් අරගෙන ඒ නීති කිසිවක් තකන්නේ නැතුව වැඩ කරනවා... ලංකාවේ පරිසරය ආරක්ෂා කරන්න නම් බින්දුවේ ඉඳලාම පටන් ගන්න ඕනේ. පරිසරය විනාශ කිරීම බරපතල වරදක්... නමුත් ලංකාවේ උසාවිය ගමේ කෙහෙල්කන් හොරෙකුට දෙන දඬුවමවත් පරිසරයට හානි කළ පුද්ගලයෙකුට දෙන්න බයයි, දේශපාලනය හයිය නිසා...
ajith Saturday, 19 September 2020 08:43 AM
හරිම වැදගත් තේමාවක්... හුඟක් රටවල්වල මළපහවලින් ගෑස්, විදුලිය සහ පොහොර නිපදවමින් පවතිනවා. ඒත් එයාලට මෙකෙන් කිසිම හානියක් නැහැ. ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් ඉතාම සූක්ෂම විදිහට කරනවා.. අන්න ඒ ක්‍රමය තමයි අපි ඉගෙන ගන්න ඕනේ...
wijeSaturday, 19 September 2020 07:39 PM
මොකද මෙතන මේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ? පොහොර වලට දෙන්න ලෝබ නම්, අනිත් පැත්ත හැරිලා කන්නයි තියෙන්නේ..