IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු පොකුරක් බිහිවීමට ඉඩදෙනු එපා


කොරෝනා මාරක වසංගතය රට හදන තැන ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුව ද ආක්‍රමණය කර ඇත. ඉකුත් සිකුරාදා වාර්තා වූ පුවතකින් කියැවුණේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිතයකු වී ඇති බවය. ඉරිදා වාර්තා වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ද ආසාදිතයකු බවය. එම හේතුව නිසාම මැති ඇමැතිවරුන් විසි දෙනකු පමණ නිරෝධායනයට යොමු කළ බවය. එහෙත් මෙයින් පිරිසක් කොරෝනාවට ගොදුරුවී නොමැති බව ඊයේ වාර්තා විය. සඳුද‌ා වාර්තා වූයේ ඇමැති වාසුදේව නානායක්කාර මහතාද ආසාදිතයකු බවය. ඔහුගේ ආශ්‍රිත මන්ත්‍රීන් 10 ක් නිරෝධායනයට යොමුකළ බව සඳහන් වෙයි. ඒ අනුව ‘දියවන්නා පොකුර’ නමින් අලුත් පොකුරක් නිර්මාණය වේදැයි යන බිය හා සැකය ගංවතුරක් ගලා යමින් තිබේ.

සියවසකට පමණ පසුව පැමිණි මාරක වසංගතයට ‘බියවීම’ හැර අන් ප්‍රතිකර්මයක් නැත. මෙහි ‘බියවීම’ යනු අතපය හකුලාගෙන පැත්තකට වීම නොවේ. සාමාන්‍ය සුපුරුදු දිවි පෙවෙතින් බැහැරව සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුව ජීවත්වීමය. මෙම මාරක වසංගතය ඉදිරිපිට හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ උපදෙස් දුන්හ. සංචරණය සීමා කිරීම, මීටරයේ පරතරය තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම එහිදී ප්‍රධාන වේ. මෙම පිළිවෙත් අකුරටම පිළිපදින්නේ නම් ආසාදිතයකු නොවී ජීවත්වීමේ මගක් ඉතිරි වී ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

කරුණු කාරණා එපරිදි වනවිට මැති ඇමැතිවරුන් ආසාදිතයන් වූයේ කෙසේද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි. මන්දයත් සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් සාමාන්‍ය පොදු මහජනතාවට පමණක් නොව මැති ඇමැතිවරුන්ටද වලංගු හෙයිනි.

පාර්ලිමේන්තුවේ කොරෝනා මාරක වසංගත ආසාදිතයන් සොයා කළ පරීක්‍ෂාවේදී පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා රූපරාමු ද නිරීක්‍ෂණය කර තිබේ. මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඇතැම් මහජන නියෝජිතයන් මීටරේ පරතරය තබා මුඛ ආවරණ හෝ පැලඳ නොසිටිය බවය. එම පිරිස අතර ආසාදිත මන්ත්‍රීවරයකු ද සිටින බවය. සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරන පොදු මහජනතාවට නීතිය ක්‍රියාත්මක කරන බව පැවසේ. එහෙත් ඇතැම් මහජන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු කර ඇති බවක් නොපෙනේ. කොරෝනා මාරක වසංගතය කවදා ලොවෙන් තුරන් කළ හැකිවේදැයි යන්න අනුමාන හැකියාවෙන් එපිටින් පිහිටියකි. එම දිනය උදාවනතුරු කොරෝනා වයිරසය ලොව පුරා පැතිරී යාම ඇරැඹුණ දිනයට පෙර පැවැති ජීවිතයට අප කිසිවකුට යා නොහැකිය. එම තිත්ත ඇත්ත තේරුම් ගත යුතුය. එමෙන්ම මෙම මාරක වසංගතය ඉදිරිපිට කිසිවකුට හෝ ‘සාදා නිම කළ ජීවන ආකෘතියක්’ තිබිය නොහැකිය. මොහොතින් මොහොත වෙනස්වන තත්ත්වයන්ට අනුරූපීව අපගේ ජීවන විලාශයද විලාසිතාවද වෙනස්කර ගත යුතුය. එසේ නොවන්නේ නම් ‘ආසාදිතයකු’ වී ඉන් එපිටින් ඇති සියලු ප්‍රතිඵලවල හිමිකරුවා බවට පත්වීමේ ඉරණම බාර ගත යුතුය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී දේශපාලනඥයන්ට රටේ ලෝක වසංගතයක් තිබේයැයි මතක ඇද්දැයි යන ප්‍රශ්නය මතුවේ. එක් තැනක මහජනයා දහස් ගණනින් ඒකරාශී කරගනිමින් පවත්වන රැස්වීම් වේ. ඒවායෙහි පරතරය මීටරය නොව සෙන්ටිමීටරයක්වත් නොවන බව පැහැදිලිය. තවත් තැනක උත්සවාකාරයෙන් සිදු කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් ය. මේවා සියල්ලම කොරෝනා ඒමට පෙර රටේ තිබුණ ඒවාය. දැන් කොරෝනා වයිරසය මුළු රටම වෙළාගෙන අවසන්ය. එසේනම් මෙම තත්ත්වයට සරිලන පරිදි පෙර ක්‍රියාකාරකම් හැඩ ගසා ගත යුතුය. විකල්ප ක්‍රියාමාර්ග, විසඳුම් වෙත සීරුමාරු විය යුතුය. මාරක වසංගතය හමුවේ පසුබා නොයා, රටෙහි සංවර්ධන ක්‍රියාන්විතයන් අතරමග නතර නොකර ඉදිරියට පවත්වාගෙන යාමේ ක්‍රමවේද සකස් කරගත යුතුය.

රටෙහි තත්ත්වය මෙරට සෞඛ්‍ය අංශයට දරා උසුලාගත නොහැකි සීමාවෙන් එළියට යාම යනු සිහිනෙන් හෝ නොපැතූ දුක්ඛිත ඉරණමක් වෙත රට රැගෙන යාමකි. සෞඛ්‍ය අංශයත්, ආරක්‍ෂක අංශත් ඉමහත් කැපවීමෙන් තත්ත්වය පාලනය කිරීමට සමත්ව සිටිති. මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට රටේ සෙසු පුරවැසියන් නොමසුරුව, නොමැලිව දායක විය යුතුය. එම සෙසු පුරවැසියන් අතර දේශපාලනඥයෝ ද සිටිති. ඔවුන්ට කියා වෙනම ජීවිතයක් හෝ වෙනම නීතියක් නැත. ඒ බව පසක් කර ගනිමින් සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත්වලට මුල්තැන දෙමින් මහජනයාට ආදර්ශයක් සපයමින් කටයුතු කිරීමට දේශපාලනඥයෝ වගබලා ගත යුත්තෝය.

(***)



අදහස් (14)

පාර්ලිමේන්තු පොකුරක් බිහිවීමට ඉඩදෙනු එපා

dharmasena Tuesday, 12 January 2021 06:43 AM

නව පොකුරක් බිහි වී පරම්පරා ගණනාවක සිට ඉන්නා සීයලා ටික අයින් කරන්න අවස්ථාව උදා වේවා කියා පතන්නෙමි.

:       0       12

gamunuTuesday, 12 January 2021 11:46 PM

covid -19 වෛරසය රට පුරාම පැතිරීමට හේතුව වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියලුදෙනාම වගකීමෙන් ඔවුන්ගේ කටයුතුවල නිරත නොවීම නිසා වේ. උකුසු පැණිය සහ සාදික්කා පැණිය පානය කළ අයත් මේ අතර සිටීද?

:       0       0

salmi Tuesday, 12 January 2021 06:45 AM

තරුණ මන්ත්‍රී කණ්ඩායමක් බිහි කිරීමට අවස්ථාව ලැබේවා..!!! 

:       0       18

sena Tuesday, 12 January 2021 06:59 AM

මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියගෙන් කොටසක් හිතාගෙන ඉන්නේ රටේ නීතිය ඔවුන්ට අදාළ නැහැ කියලා.. තවත් සමහරු හිතාගෙන ඉන්නේ රටේ නීතියට ගරු කරන්නේ මානසික ගැටලු ඇත්තවුන් කියලා.. ඉතින් කොහොමද කෝවිඩ් නවත්තන්නේ..?

:       0       13

thushara Tuesday, 12 January 2021 07:02 AM

අනේ ඉඩ දෙන්න... ඉඩ දෙන්න... ඉඩ දෙන්න... ඒක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදේ..

:       0       41

fairoos Tuesday, 12 January 2021 07:02 AM

යුක්රේනයෙන් ආවා විතරයි පාර්ලිමේන්තුවේ කොරෝනා.. මේ අය අපිට දේශීය දේවල් කන්න කියලා ඒ අය විදේශීය දේවල් කාලාවත්ද?

:       0       17

Prasad Tuesday, 12 January 2021 07:05 AM

ජනතාව බලාසිටි ඒ ආරංචිය ලැබී ඇත.

:       0       13

Rata Perata Tuesday, 12 January 2021 07:26 AM

ජනාධිපති කාර්යාලයත් එක්කම පාර්ලිමේන්තු පොකුරක් බිහිවේවා... !!! ජනතා පැතුම එයයි.

:       0       30

widura Tuesday, 12 January 2021 07:40 AM

දිට්ඨධම්ම වේදනීය කර්මය ක්‍රියාවේ යෙදවී ඇත.

:       0       10

sumudu Tuesday, 12 January 2021 08:24 AM

පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුරක් බිහිවීමට තරම් වාසනාවන්තයි...

:       0       3

Kamal Koyrala Tuesday, 12 January 2021 08:37 AM

පාර්ලිමේන්තුවට ගෙන්නලාම කතානායක, සෞඛ්‍ය ඇමැතිණිය, ධම්මික පැණිය බීවනේ... මොකද ජයසුමනත් රෙකමදාරු කරපු එක 255ට දුන්නාම අද ඔය තත්වය ඇති වෙන්නේ නැහැනේ.. දැනටත් පරක්කු නැහැ. ඔක්කොටම පොවන්න. පාර්ලිමේන්තුවේදී...

:       0       5

පිටිගල මිලානෝ Tuesday, 12 January 2021 09:16 AM

අන්තිමට ලංකාවේ අපට පිහිට වෙන්නේ කොරොනා වගෙයි පෙනෙන්නේ. ඔහොම යං...

:       0       3

QATAR SITA Tuesday, 12 January 2021 10:51 AM

සසර මර බිය දැනෙනවා ඇති මේ අයට දැන්... දැන්...

:       0       0

chandima Thursday, 14 January 2021 12:38 AM

ළඟදීම අපෙන් කතිරේ ගැස්සෙන පාර්ලිමේන්තුවේ ඉන්න ලොක්කගේ ලැයිස්තුවේ මිනිස්සු වෙනුවට අපේම ලැයිස්තුවෙන් කෙනෙක් පාර්ලිමේන්තු යවන්න ලැබෙයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජනපති නීතිපති කැඳවයි
2025 පෙබරවාරි මස 06 22 0

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් ප


ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 06 158 0

දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන


11 දහසේ අල්ලසට 28 වසරක් හිරගෙට
2025 පෙබරවාරි මස 06 250 1

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර


අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 1181 14

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක්
2025 පෙබරවාරි මස 06 914 1

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි
2025 පෙබරවාරි මස 06 748 0

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 797 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 750 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site