IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අවංක නිලධාරීන් ගෙදර යවන්නෝ

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පත්‍රය මුද්‍රණය වී වෙළෙඳ පොළට නිකුත් වී තිබෙන විට ඉල්ලා අස්වී ඇත. ‘නොවැළැක්විය හැකි හේතු’ සහ ‘‘පෞද්ගලික හේතු’’ සිය ඉල්ලා අස්වීමට තුඩුදුන් කාරණා වශයෙන් ඔහු පෙන්වාදී තිබිණි.

සමාජ මාධ්‍යවල පළවූ වාර්තාවලට අනුව තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ ’’මෙහෙම වැඩ කිරීමේ තේරුමක් නැති බවය.’’ මේ වංචාව නැවැත්විය නොහැකි බව ද තමන්ගේ පුටුවේ  සිටිමින් කෙළින් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව තමන් තේරුම් ගෙන සිටින බවද කියයි. අමාත්‍යවරයාට අත්සන් කිරීමට අවශ්‍ය වූ ගිවිසුමකට තමන් විරුද්ධ වූ බවද මේ ආකාරයට ‘සෞභාග්‍යයේ දැක්ම’ ක්‍රියාත්මක කළ නොහැකි බව ද සඳහන් කරන ඔහු සතොස ආයතනයෙන් සුදු ලූනු ව්‍යාපාරිකයන්ට දී ඔවුන්ගෙන්ම ආපසු වැඩි මිලට ගන්නා බවත් මේ හොරකම නැවැත්විය නොහැකි බවත් ප්‍රකාශ කර තිබිණි.

තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියේ  තමන්ට පැවරී ඇති රාජකාරිවල දී වැදගත් තීන්දු තීරණ එහි සභාපතිගේත් සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේත් කැමැත්ත මත ගත් නිලධාරියකු බවද සඳහන්ය. එහෙත් මෑතකදී එම තීන්දු තීරණවලට එරෙහිව දැඩි බලපෑම් එල්ල වූ බවද ඇතැම් අවස්ථාවලදී ඔහුට මරණ තර්ජන පවා එල්ල වූ බවද හෙළිව තිබේ. සතොස සුදු ලූනු වංචාවේ විමර්ශන ආරම්භ කිරීමට දැරූ උත්සාහයේ දී ඒ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට තර්ජන එල්ල වූ බවද සඳහන් විය.

පසුගිය සති කිහිපය තුළදී රජයේ ඉහළ තනතුරු දැරූ වත්මන් රජයෙන් පත්වීම්ලද ඉහළ පෙලේ නිලධාරින් කිහිපදෙනෙක්ම ඉල්ලා අස් වූහ. දේශපාලනඥයන් ඇතැම් ඉහළ කළමනාකාරීත්වයෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු කිරීමට නොහැකිවීම මේ තීරණවලට හේතු වූ බවද ඔවුන්ගෙන් ප්‍රකාශ විය. මේ බලපෑම් එල්ල වන්නේ ජනතාවගේ හිතසුව පිණිස ගනුලබන යහපත් තීන්දු තීරණ සම්බන්ධයෙන් නොව බඩගෝස්තරවාදී දේශපාලන බලවතුන්ගේ මනදොළ සපුරනු පිණිස ගත යුතු වන තීන්දු හේතුවෙන් බව තේරුම් ගැනීමට අමාරු නැත. දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් නිලධාරින් දංගෙඩියට යාම මේ රටේ විලාසිතාවක් බවට පත්වී ඇතැයි මෙයින් පැහැදිලි වන යථාර්ථයයි.

තුෂාන් ගුණවර්ධන මහතාට ඉල්ලා අස්වන ලෙසට දැඩිව බලපෑම් එල්ල වීමට ආසන්න හේතුව රුපියල් ලක්ෂ 76 ක් වටිනා සුදු ලූනු තොගයක් සතොසින් අයථා ලෙස විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීම බව ප්‍රකාශිතය. එම ජාවාරම මෙහෙය වූ බවට සැකපිට සතොස විධායක නිලධාරියකු ඇතුළු කිහිප දෙනකු වැඩ තහනමට ලක් කළ බව ද කියති. එහෙත් මෙතරම් විශාල වංචාවක්  කිසිම බලවතකුගේ සහාය ලැබීමකින් තොරව සිදුකරනු ඇතැයි කිසිවකුත් විශ්වාස කරන්නේ නැත. එකී වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් ගෙදර යවන තරමට වැඩ සිද්ධවීමෙන් පෙනී යන්නේ මේ වංචාව යට ගැසීමට බලවත් පිරිසක් දැඩි උත්සාහයක් ගන්නා බවය. මේ වංචාවට බලවතුන්ගේ අනු දැනුමක් නොමැති නම් විමර්ශන නිලධාරියා ගෙදර යවා දූෂිත නිලධාරින් රැක ගැනීමට පියවර නොගන්නා බව විශ්වාසය.

පාරිභෝගික සේවා අධිකාරිය වැනි ස්වාධීන ආයතනයක නිලධාරියකුට තමන්ගේ රාජකාරිමය වගකීම ඉටු කිරීමේ දී දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව එය සිදු කළ නොහැකි නම් එම ආයතනවල ස්වාධීනත්ව රැකෙන්නේ නැත. එසේ වනවිට එකී ආයතන කෙරෙහි රටේ ජනතාව තුළ පවතින විශ්වාසය ගිලිහී යයි. ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති වශයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකු පත් කරන්න ඇත්තේ එහි ස්වාධීනත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින් විය යුතුය. එහෙත්  තුෂාන් ගුණවර්ධන වැනි උදාහරණ වලින් අපට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා අරමුණු කරගත් සෞභාග්‍යයේ දැක්ම සාර්ථක කර ගැනීමට සහය දෙනවා වෙනුවට තමන්ගේ සාක්කු පුරවා ගැනීමට වෙර දරන බලවතුන් පිරිසක් එයට හරස් කපන බවය. ස්වාධීන ආයතනයක රාජකාරිය අවංකව ඉටුකර නිලධාරින් දූෂිත බලවතුන්ට වහකදුරු මෙන් තිත්ත බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ රට කාලයක් තිස්සේ ගිලගෙන තිබෙන දූෂණ සහ මහා පරිමාණ වංචා පිටු දැකීමකින් තොරව මේ රටට අනාගතයක් නැති බව කුඩා දරුවකුට වුව ද තේරුම් ගත හැක. එහෙත් කරුමය වී ඇත්තේ විපක්ෂයේ සිටිය දී ආණ්ඩු පක්ෂයේ බලවතුන් දූෂිත, වංචනික පුද්ගලයන් බවට හංවඩු ගසා එම සටන් පාඨම උපයෝගී කරගෙන බලයට පැමිණි පසු තමන් ද එම මඩ ගොහොරුවේ කප්පිත්තන් බවට පත්වීමය. මේ තත්ත්වය නිවැරදි කර රට යහමගට ගැනීම ජනාධිපතිවරයාට පමණක් කළ නොහැක. අඩුම තරමින් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන්ට පවා කොන් ද කෙළින් තබාගෙන
රාජකාරිය ඉටු කිරීමට අවස්ථාවක් නැත්නම් ‘සෞභාග්‍යයේ දැක්මට අබසරණ’ බව කිව යුතුය.

රජය විසින්ම පත් කරනු ලබන නිලධාරීන්ට දේශපාලන බලපෑම් වලින් තොරව රාජකාරී කළ නොහැකි නම් එය රජයේ පමණක් නොව මුළු රටේම අභාග්‍යයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු. වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බවට ජනතාව හමුවේ ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන හැම රජයක්ම පාහේ කළේ එම ප්‍රතිඥාව තඹ සතයකට මායිම් නොකර ජනතාවට කොකා පෙන්වීමය. අවසානයේ සිදුවන්නේ අවස්ථාව පැමිණි කල රටේ ජනතාව දූෂිත ආණ්ඩුවලට කොකා පෙන්වීමය. අවංක නිලධාරීන් ගෙදර යවා දූෂිතයන් රැක ගැනීමට කටයුතු කරන හැම දේශපාලනඥයකුටම ඒ බව සිහිපත් කරදීමට කැමැත්තෙමු.

(***)



අදහස් (2)

අවංක නිලධාරීන් ගෙදර යවන්නෝ

චන්දිම Tuesday, 21 September 2021 03:48 PM

කවුද හැබෑටම අර තමන්ගේ මාසේ පඩියවත් ගන්නේ නැහැයි කියලා කියන දේශපාලකයා..? මිනිහා තමයිලු මේකේ මහ ගේම්කාරයා...

:       0       1

ajithWednesday, 22 September 2021 07:57 PM

ආණ්ඩුවෙන් මාසේ පඩිය නොගත්තට, වෙන කව්රු හරි පඩි ගෙවනවද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site