IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


අනුන්ගේ දේපළ අල්ලන ජාවාරමුන් බැඳදමනු

බස්නාහිර පළාතේ පර්චස් 900කට අධික ඉඩම් ප්‍රමාණයක හිමිකරු වීමට නම් නිසැකවම ඒවායේ අයිතිකරු මහා ධනපතියකු විය යුතුය. නැතහොත් පාරම්පරිකව ඉඩකඩම් ඇතුළු දේපළ හිමි පවුලක සාමාජිකයෙක් විය යුතුය. එහෙත් පසුගිය දා ඉන්දියාවේ දී වසදී මරා දමනු ලැබූ බව පැවසෙන අංගොඩ ලොක්කා හෙවත් චමින්ද පෙරේරා එවැනි ධනවත් පවුලක සාමාජිකයෙක් නොවීය. එහෙත් ඔහු බස්නාහිර පළාතේ මුල්ලේරියාව, අතුරුගිරිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පර්චස් 950ක පමණ ඉඩකඩම්වල හිමිකරුවකු බව පොලිසිය මගින් සොයාගෙන තිබිණි. මෙරට සිටි නම් දැරූ සංවිධානාත්මක අපරාධකරුවකු, කුඩු ජාවාරමකු සහ මිනීමරුවකු වන අංගොඩ ලොක්කා එතරම් විශාල ඉඩකඩම් හිමිකරුවකු වූයේ කෙසේද? එය ඉතා විශාල ජාවාරමක ප්‍රතිඵලයක් මිස වෙනත් කිසිවක් නොවේ.

මේ වටිනා ඉඩකඩම් මේ අපරාධකරු විසින් මිලදී ගත්තා නොව ඒවා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒවායේ හිමිකරු බවට පත්ව සිටි අයෙකි. තම ඥාතීන්ගේ නම්වලින් ඒවා තබාගෙන සිටි බවද සොයාගෙන තිබේ. මේ ආකාරයට අනුන්ගේ ඉඩකඩම් සහ නිවාස ඇතුළු වටිනා දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවීමෙන් සිදුකරන විශාල ජාවාරමකි.

කොළඹ නගරය තුළ සහ අවට හිමිකරුවන් රැඳී නොසිටින, මියගොස් සිටින සහ එතෙර ගොස් සිටින වටිනා නිවාස සහ ඉඩම් පිළිබඳව සෙවිල්ලෙන් සිට ඒවායේ බලෙන් පදිංචිවීම හෝ හොර රහසේම ඒවාට කූට ලෙස ව්‍යාජ ඔප්පු සාදා වෙනත් ධනවත් පුද්ගලයන්ට විකිණීමෙන් මේ අපරාධකාරයෝ විශාල මුදලක් උපයති. අපරාධවලට උඩගෙඩි දෙන දේශපාලනඥයන් ඇතුළු බලවත් පුද්ගලයන් පිරිසකගේ සහාය ද මේ අපරාධ කල්ලිවලට ලැබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. අංගොඩ ලොක්කා කොටිකාවත්තේ වගුරුබිමක් ගොඩකර ගෙවල් 60ක් හදා එකක් ලක්ෂ 43 ගණනේ විකුණාගෙන ඇත්තේ එවැනි හයියක් තිබූ බැවිනි. ඇතැම් අවස්ථාවල දී පොලිසියේ දූෂිත නිලධාරීහු ද තමන්ට ලැබෙන ‘‘ජරාව’’ට ලොල් වී මේ අපරාධකරුවන්ට සහාය වෙති. සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාත්මක වන්නේ එවැනි බලවත් පුද්ගලයන්ගේද සහාය ඇතිව බව ප්‍රකට රහසකි. මෙසේ රටේ පුරවැසියන්ගේ දේපළ කොල්ලකෑම වහාම නවතා දැමිය යුතු අපරාධයකි. ඒවාට සම්බන්ධ සියලු‍ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන් බැඳ දැමීමට නොපමාව ක්‍රියා කළ යුතුය.

අංගොඩ ලොක්කා මේ අපරාධ කල්ලිවල එක් පුරුකක් පමණි. ඔහු අත්පත් කරගෙන ඇත්තේ ධනවතුන්ගේ ඉඩකඩම් පමණක් නොවේ. නගරය අවට අහිංසක පුරවැසියන්ගේ දේපළවලට පවා බලහත්කාරයෙන් ඇතුළු වී ඒවායේ අයිතිකරුවන් බියගන්වා පළවා හැර ඒවා අත්පත් කරගෙන ඇති බව ද හෙළි වී තිබේ. අංගොඩ ලොක්කා දැන් නැත. එහෙත් ඔහුගේ කල්ලියේ සාහසිකයෝ තවමත් රට තුළ හොල්මන් කරති. එසේම ඔවුන්ගේ අනුගාමිකයන් වශයෙන් ක්‍රියාත්මක වන අලු‍ත් කල්ලි ද බිහිවී සිටී. තමන්ගේ දේපළ ආරක්ෂා කර ගැනීමට නීතිය ක්‍රියාත්මක කරවන පොලිසිය ඇතුළු සියලු‍ ආයතනවල සහාය රටේ මහජනතාවට ලැබිය යුතුය.

දැනට ටික කලකට ඉහත දී කොළඹ කොල්ලු‍පිටියේ පිහිටි වටිනා දේපළකට අදාළ ඔප්පු වෙනස් කොට කූඨ ලේඛන හදා එය විකුණා ගැනීමේ සිද්ධියක් ද වාර්තා කෙරිණි. එහිදී අදාළ දේපළට සම්බන්ධ පත්ඉරු ඉඩම් ලියාපදිංචි අංශයෙන් අතුරැදන්ව තිබූ බව ද සඳහන් විය. මේ ආකාරයේ දේපළ කොල්ලකෑම් සඳහා ක්‍රියාත්මකව පවතින සූක්ෂම ජාලයේ සංවිධානාත්මක බව තේරුම් ගැනීමට එම සිද්ධිය පමණක් ප්‍රමාණවත්ය. මෙකී සිද්ධිය කෙසේ හෝ අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වීම නිසා සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ලැබිණි. එහෙත් කිසිදා පොලිස් පොතේ නොලියැවෙන මේ ආකාරයේ කොල්ලකෑම් ද සිදුවන බවත් සඳහන් කළ යුතුය.

කාලයකට ඉහත දී කොළඹ පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනකු වශයෙන් කුප්‍රකටව සිටි නාවල නිහාල් නැමැත්තාගේ සහ ඔහුගේ හෙංචයියන්ගේ බලපෑම් හේතුවෙන් ඔහු සිටි නිවෙස අවට පදිංචිකරුවන්ට මහත් හිරිහැර පැමිණ තිබිණි. එය අවසන් වූයේ එම අපරාධකරුගේ අවසානයත් සමඟිනි. මේ අකාරයට හිරිහැරයට පත්වන ඇතැම් දේපළ හිමියන් ඒ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට පවා පසුබට වන්නේ අපරාධකාරී ජාවාරමුන්ගෙන් එල්ල විය හැකි තර්ජනවලට බියෙනි. කුඩු ජාවාරම් ඇතුළු පාතාල මර්දනයට වත්මන් රජය යටතේ ක්‍රියාත්මකව පවතින මෙහෙයවීම්වල දිගුවක් වශයෙන් වටිනා දේපළ කොල්ලකන ජාවාරමුන්ට එරෙහිවද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිනම් එය රටේ ජනතාවගේ හිතසුව පිණිස වනු ඇත. මේ ජාවාරම් මැඩ පැවැත්වීමට දේශපාලන බලාධිකාරියේ සහාය අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙයි.

අප එසේ කියන්නේ පසුගිය දශක කිහිපය තුළ දී ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ඍජු අත පෙවීම් මත පවා මේ ආකාරයට දේපළ ලියා ගැනීම් සිදුවී තිබීම හේතුවෙනි. ඇතැම් ප්‍රබල ව්‍යාපාරිකයන් පවා කොළඹ දේපළවලට හතරවරම් ගේම් ගසා ඒවා අත්පත් කරගැනීමට ක්‍රියාකළ අවස්ථා ද තිබේ. මේ ජාවාරම නතර කිරීම පොලිසියට පමණක් කළ නොහැකි බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

 



අදහස් (0)

අනුන්ගේ දේපළ අල්ලන ජාවාරමුන් බැඳදමනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site