IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වාසුදේවගේ ‘මළඉලව් පිස්තෝලේ’

 

හිටපු ඇමැතිවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ වාසුදේව නානායක්කාර මහතා 1971 අප්‍රේල් කැරැල්ල ආරම්භ වී දින 3කට පසු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණේය. ඒ සඳහා මුල් වූ ක්‍ෂණික හේතුව වූයේ නිමල් ලියනවඩු නමැති ජ.වි.පෙ.ට සම්බන්ධ තරුණයෙකු විසින් දෙන ලද සාවද්‍ය කට උත්තරයකි.

 

“ජ.වි.පෙ. පන්ති පහෙන් අවසන් පන්තිය පැවැත්තුවේ වාසු සහෝදරයා. එයාට තමයි තුම්මෝදර පන්සලේ දී අපේ නායක ටී. ඩී. ප්‍රේමරත්න සංකේතාත්මකව තුවක්කුවක් බාර දුන්නේ”යි ඔහු විසින් පොලීසියට දෙන ලද කටඋත්තරය අමූලික බොරුවකැයි කියන වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කැරැල්ලට සම්බන්ධ බවට චෝදනා කොට ල.ස.ස.ප. නායක කාරකාදීන් අත්අඩංගුවට ගැනීමට එවකට පැවැති සමගි පෙරමුණ ආණ්ඩුවේ මහ බලවතෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයාට තිබූ අවශ්‍යතාව ඒ සඳහා මුල් වූ ප්‍රධානතම සාධකය වූ බවය. 


කෙසේ වෙතත් 1970 මහ මැතිවරණයේදී කිරිඇල්ල අසුනට ල.ස.ස.ප.යෙන් ඉදිරිපත් වූ වාසුදේව ඒ වෙනුවෙන් මුද්‍රණය කළ ලිතක චේගුවෙරාගේ ඡායාරූපයක් සහ ඔහුගේ උද්ධෘතයක් පළකර තිබීම ද පොලීසියේ සැකයට ලක් වූ තවත් හේතුවක් විය. එලෙස අත්අඩංගුවට ගැනුණු වාසු මුලින් කොළඹ පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවට ගෙන ගොස් දින 3 ක් තිස්සේ ප්‍රශ්න කෙරුන අතර පසුව වැලිකඩ බන්ධනාගාරයේ මාස 14 කට ආසන්න කාලයක් රඳවාගෙන සිටියේය.


එම කාලය තුළ ඔහු නිදහස් කර ගැනීම පිළිබඳව ල.ස.ස.ප. නායක කාරකාදීන් විසින් දක්වා තිබූ දුර්වල ප්‍රතිචාරය ගැන ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර පවා දැඩි කලකිරීමක් ඇති වී තිබුණේය.


වෙන එකක් තියා ලොකු අයියා බේරගන්න උදවුවක් ඉල්ලගෙන අපේ අම්මයි, අප්පොච්චියි පක්ෂයේ නායකතුමා හම්බවෙන්න ගෙදරට ගියාම එතුමා එළියටවත් ඇවිත් නෑ.


වාසුගේ බාල සොහොයුරෙකු වූ දකුණු පළාතේ වත්මන් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා එසේ කියන්නේ එවැනි එක් අමිහිරි සිද්ධියක් ගැන තම මතකය අවදි කරවමිනි. 


කෙසේ වෙතත් වාසුට එරෙහිව ගොනු කළ චෝදනා කිසිවක් නිවැරදි ලෙස තහවුරු නොවීමේ හේතුවෙන් අත්අඩංගුවට ගෙන මාස 14කින් පමණ ඔහු නිදහස් කෙරුණේය. ඒ අනුව ඔහු යළි හිතවතුන් අතරට පැමිණ තිබුණේ මුහුණ පුරා වැඩුණු රැවුලකින් ද යුතුවය.
මේ අතර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා රජය මගින් ගිනි අවියක් නිකුත් කර තිබුණේය. එහෙත් වාසුට පමණක් එම ගිනිඅවිය නොලැබිණි. ඒ ගැන විමසා බැලූ ඔහුට දැනගැනීමට ලැබුණේ එවකට පැවැති ආණ්ඩුවේ මහ බලවතා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයාගේ නියෝගයක් මත එම ගිනිඅවිය නිකුත් කිරීම අත්හිටුවා ඇති බවය. වාසු ඒ ගැන විමසා ලිපි කීපයක්ම ඇමැතිවරයා වෙත යැවුවද ඒ කිසිවකට හෝ පිළිතුරක් නොලැබිණි.


එයා කොහොමද එහෙම කරන්නේ?යි තමන්ගෙන්ම අසාගත් වාසුදේව දිනක් ෆීලික්ස් ඩයස් ඇමැතිවරයා හමුවීමට ඔහුගේ අමාත්‍යංශ කාර්යාලය වෙත ගියේය. ඇමැතිවරයා කාර්යාලයෙහි සිටියද වාසුට ඔහු හමුවීමට නොලැබිණි. එසේ වූයේ ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරිය වූ ලක්ෂ්මී ඩයස් බණ්ඩාරනායක මහත්මිය “සර් මේ වෙලාවේ වැදගත් සාකච්ඡාවක් පවත්වනවා”යි කියමින් ඔහු වළක්වාගත් බැවිනි.


ඔව්, ඉතින් ඇමැතිවරුන් වුණාම කොයි තරම් වැඩ රාජකාරි තියනවද?යි කී වාසු නිහඬව අසුනකට බරවූවේය. එලෙස පැයකට ආසන්න කාලයක් ගෙවී ගියද ඔහුට ඇමැතිවරයා හමුවීමට නොහැකිවිය. මේ අතර වාසුගේ සිතට ඉවසිය නොහැකි වේදනාවක් වූයේ ලක්ෂ්මී බණ්ඩාරනායක මහත්මිය එවකට ත්‍රස්තවාදීන් හැඳින්වීමට යොදාගත් එක්තරා ඉංග්‍රීසි වචනයක් ඔහුගේ නමේ මුලට ආදේශ කරමින් ඔලොක්කුවට මෙන් සිනාසීමයි. එයද තරමක් අපහසුවෙන් ඉවසා සිටි වාසු
“දැන් මම මෙතනට ඇවිත් පැයකටත් වැඩියි මට තවත් වෙලා ඉන්න වෙයිද?”යි ඇසුවේ බැරිම තැනය.


“මම කිව්වනේ වාසු, ඇමැතිතුමා කොන්ෆරන්ස් එකකයි ඉන්නේ. ඔයාට හදිසිනම් අද ගිහින් වෙන දවසක එන්න.”


ලක්ෂ්මී බණ්ඩාරනායක මහත්මියගේ එම උද්ධච්ච කතාව ඇසූ වාසුට උන්හිටි තැන් පවා අමතක විය. මහජන මන්ත්‍රීවරුන් හට නිකුත් කරන ගිනිඅවියක් තමන්ටත් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය තුනට හතරට ගුලිකර අතමිට මොළවාගත් ඔහු ඊළඟ මොහොතේ ඇමැතිවරයාගේ කාමරය තුළට කඩාවැදුණේ එහි තිබූ වවුල්දොර දෙබෑ කරගෙනය. ඒ සමගම ඔහුගේ කෝපය තවත් උත්සන්න වූයේ වැදගත් සාකච්ඡාවක යෙදී සිටින බව කී ඇමැතිවරයා සුවපහසු ලෙස පුවත්පතක් කියවමින් සිටින අයුරු දැකීමෙනි.
“තියාගන්නවා ඔහේගෙ මළ ඉලව් පිස්තෝලේ. මට පුළුවන් එකට දහයක් හොයාගන්න”යි කී වාසු තමන් විසින් අතමිට ගුළිකරගෙන ආ ලිපිය ෆීලික්ස් ඩයස් ඇමැතිවරයා දෙසට දමා ගසා එසැණින් පිටව ගියේය.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

වාසුදේවගේ ‘මළඉලව් පිස්තෝලේ’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13329 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 63 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site