IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රනිල්ට එරෙහිව තොවිලයක්

 

2013 අවුරුද්ද විතර වෙද්දී යූ.එන්.පී. එකේ අභ්‍යන්තර අර්බුද තව තවත් උත්සන්න වුණා. නායකත්වය වෙනස් වෙන්න ඕනෑ කියන මතය තමයි දිගින් දිගටම ආවේ. මේකට විසඳුමක් හැටියට ගෙනාපු පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධනවලට පවා සමහරු විරුද්ධ වුණා. මේ නිසා පක්ෂයේ සාමන්‍ය වැඩ කටයුතු කරගෙන යන එක හරිම අමාරු වැඩක් වුණා.

පක්ෂයේ මහලේකම් හැටියට මම තමයි ඒ දුෂ්කරතාවලට වැඩිපුරම මුහුණ දුන්නේ. මට හැම පැත්තක්ම ‘බැලන්ස්’ කරන්න සිද්ධ වුණා. පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසඳගන්න කටයුතු කරන අතරම පක්ෂ ප්‍රවර්ධන කටයුතු සාමාජිකයින් බඳවා ගැනීම් වගේ වැඩත් නොකඩවාම කරන්න සිද්ධ වුණා. මැතිවරණ ආවම මැතිවරණ ව්‍යාපාර මෙහෙයවන්නත් ඕනෑ. මේ හැමදේම පක්‍ෂයේ ගැටලු මැද්දෙත් කරගෙන යන්න වුණා.


ගම් මට්ටමේදී බිම් මට්ටමේදී තදබල විදියට පක්ෂ නායකයන් වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතුයි කියන අදහස මුල් බැහැගෙන තිබුණා. මේ මතයත් එක්ක පක්ෂය ඉදිරියට ගෙනියන එක අපිට හරිම අමාරු වුණා.
මේ විදියට ප්‍රශ්නය ඇදි ඇදී යන අතරෙ අපිට ආරංචි වුණා, පක්ෂ නායකත්වයට විරුද්ධව පෙළපාළියක් සූදානම් වෙනවා කියලා. ඒ පෙළපාළිය සිරිකොතට එන්න නියමිතයි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි මේ ගැන තවත් තොරතුරු හොයන්න පටන් ගත්තා. එතෙනදී අපිට දැනගන්න ලැබුණේ මාකස් ප්‍රනාන්දු මාවතේ තියෙන විපක්‍ෂ නායක කාර්යාලය ළඟට කණ්ඩායමක් රැස්වෙලා එතන තොවිලයක් නටලා ඊට පස්සේ පෙළපාළියකින් සිරිකොතට එන්න සූදානම් වෙනවා කියලා. මේ තොවිලය සූදානම් කරලා තිබුණේ රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න කියලා. මේ වැඬේට මුල්වෙලා හිටියේ දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ වගේ අය. පළාත් සභා සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු විශාල පිරිසකුත් මේකට සම්බන්ධ වෙලා තිබුණා. මේ සිදුවීම ආරංචි වුණාම පක්ෂයක් විදියට අපි ලොකු අපහසුතාවකට පත්වුණා.


මේ කතා ආරංචි වුණු ගමන් මම රනිල් වික්‍රමසිංහට කතා කරලා විස්තරේ කිව්වා. මම කිව්වා මේකට මොකක් හරි පියවරක් ගමු නැත්නම් පක්ෂ අර්බුදය තවත් දරුණු අතට හැරෙන්න ඉඩ තියෙනවා කියලා. නායකතුමා මට කිව්වා වහාම ගිහින් පොලිසියට පැමිණිල්ලක්  කරන්න කියලා. ඒ අනුව මම ගිහින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා මේ ගැන. පොලිසියෙන් සිරිකොතට පොලිස් ආරක්ෂාව දුන්නා. ඒ එක්කම වගේ සිරිකොත අවට පාරවල් වහලා තිබුණා. මමත් දන්නේ නෑ හරියට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ දවස්වල සිරිකොත අවට පාර කාපට් කරන්න නියමිතව තිබිලා තියෙනවා. ඒක බොරුවක් හෝ සැලසුම්කරල වෙච්ච දෙයක් නෙවෙයි. පාරවල් වහලා ඒ ප්‍රදේශයට කාටවත් ඇතුළු වෙන්න දුන්නේ නෑ. මේ පාර වැහීමත් එක්කම කටකතාවක් පැතිරෙන්න පටන් ගත්තා. සිරිකොතට එන පෙළපාළිය අවහිර කරන්න සැලසුම් සහගතව පාරවල් වහන්න කටයුතු කළා කියලා. ආණ්ඩුව මේකට හවුල්වෙලා පාරවල් වැහුවා කියල තමයි කටකතාව පැතිරුණේ.


මේක කොහොම සිද්ධ වුණාද කියලා මටත් තේරුම් ගන්න බැරි වුණා. කොහොම නමුත් මේ සිදුවීම හරහා එක්සත් ජාතික පක්ෂයට දෝශාරෝපණ එල්ල වුණා. ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරලා පක්ෂයේ ප්‍රශ්න මැඩපවත්වන්න උත්සාහ කරනවා කියලා. දේශපාලන වශයෙන් ඒක අපිට ලොකු අවාසියක් වුණා.


මේ සිදුවීම හරහා තව තවත් බිම් මට්ටමේ පාක්ෂිකයන් පක්ෂය ගැන කලකිරෙන්න පටන් ගත්තා. ඒ අයත් බලාගෙන හිටියේ පක්ෂ නායකත්වයේ වෙනසක් සිද්ධවෙලා පක්ෂයේ ප්‍රබෝධයක් ඇති වේවි කියලා. ඒක එහෙම සිද්ධ වෙන්නෙ නෑ කියලා තේරුණාම ඒ අයගෙ පක්ෂය ගැන තිබුණු උනන්දුව අඩු වුණා.


පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් මේ සිදුවීම හරහා කලකිරීමට පත්වෙලා හිටියේ. පක්ෂ නායකත්වය එක්ක අර්බුද හදාගත්තු බොහෝදෙනා රාජපක්ෂ ආණ්ඩුවට එකතු වුණා. ඒ කාලය පුරාම වරින්වර එක්කෙනා දෙන්නා පක්ෂෙන් අස්වෙලා ගියා. ගණන් කරලා බැලුවම ඒ පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් වෙලා තිබුණා. ඒත් රනිල් වික්‍රමසිංහ මේ කිසිම දෙයක් ඒ තරම් ලොකුවට ගණන් ගත්තේ නෑ. ඔහු සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා.

 


තව කොටසක් ලබන සතියේ.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල්ට එරෙහිව තොවිලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 957 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1021 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 406 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site