IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ප්‍රේමදාසට එරෙහි කැරැල්ල පුපුරයි

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දෙවැනි කැබිනට් සංශෝධනයේ දී සිදුවුණු විශේෂ සිදුවීම තමයි එතෙක් වැවිලි කර්මාන්ත ඇමති විදියට කටයුතු කරපු ගාමිණී දිසානායකගෙන් ඒ ඇමති ධුරය ඉවත් කරලා ඔහුට කිසිදු ඇමතිකමක් නොදීම. මේක බරපතළ සිදුවීමක් බවට පත් වුණා. ඒ ඇමති සංශෝධනයේදී ඔහු සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු බවට පත්කළා. එහෙත් ලලිත් ඇතුළත්මුදලිට අමාත්‍යාංශයක් දුන්නා.


තමන්ට ඇමතිකමක් නොදී නොසැලකිල්ලට ලක්කිරීම ගැන ගාමිණී දිසානායක හිටියේ දැඩි කලකිරීමකින්. ඒ කාලෙ ගාමිණී දිසානායක එක්ක බොහෝ දෙනා ඇසුරු කරන්න කතා බහ කරන්න පවා මැළි වුණා. මොකද ඒක ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උදහසට ලක්වෙන්න හේතුවක් වෙන තරමට මේ සිදුවීම බරපතළ වුණා. 


මේ නිසා පක්ෂය ඇතුළෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමාට ලොකු විරෝධයක් ඇති වෙන්න පටන් ගත්තා. අමාත්‍ය ධුර නොලැබුණු අය වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන අප්‍රසාදයෙන් ඉඳපු පිරිස ඔහුට විරුද්ධව සංවිධානය වෙන්න පටන් ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමා පහළ පංතිය අතරේ ජනප්‍රිය නායකයෙක් වුණාට මධ්‍යම පාංතිකයන් අතරේ ඒ තරම් ජනප්‍රියත්වයට පත් වෙච්ච කෙනෙක් නොවෙයි. සිරිමාවෝ මැතිනිය පවා රදලවාදයත් ඉදිරියට දාගෙන මේ පිළිබඳව විවේචනයක හිටියේ. ප්‍රේමදාස මහත්තයා වගේ පහළ මට්ටමෙන් ආපු කෙනෙක් ජනාධිපති පුටුවේ වාඩිවීම පිළිබඳ ඒ පංතියට යම් විරෝධතාවක් තිබුණා. ඒ අයට ඒක මදිකමක් විදියට තමයි ඒ අයගෙ හැසිරීම පෙන්නුම් කළේ. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂයට පිටතිනුත් ඔහුට විරෝධයක් තිබුණා. මේ පිළිබඳව ප්‍රේමදාස ජනාධිපතිතුමා හොඳ අවධානයක හිටියේ.


මේ තත්ත්වය උඩ ගාමිණී දිසානායක සක්‍රීයව දේශපාලන කටයුතුවලින් ටිකක් ඈත්වෙලා හිටියේ. මේ කාලේ කතාවක් පැතිරුණා ගාමිණී දිසානායක ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවෙන්න සූදානමක් තියෙනවා කියලත්. ඒත් ඔහු හෙමි හෙමින් ප්‍රේමදාස විරෝධි බලවේගයක් ගොඩනගමින් ඉන්නවා කියා අපට තේරුණා.


මේ අතරේ තමයි ඔවුන් ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවේ. ගාමිණී දිසානායක එක්ක ළඟින්ම ඇසුරු කළ මට කිසි දවසක ඔහු මේ දෝෂාභියෝගය පිළිබඳව කිව්වේ නෑ. මම ඩී. බී. විජේතුංග මහත්තයා එක්ක සමීපවත් වැඩ කරපු නිසා ගාමිණී දිසානායක එහෙම කළාද දන්නේ නෑ. මොකද අපි දෙන්නම මහනුවර නිසා ඩී. බී. විජේතුංගයන් මමත් අතර සමීපතාවක් තිබුණා.


ලලිත්ලා ගාමිණීලා දෝෂාභියෝගයක් එක්ක කරළියේ ජනප්‍රිය වුණාට මේ පිටුපස ඉඳපු ප්‍රබල චරිතය වුණේ එම්. එච්. මොහොමඞ්. ඔහු එතකොට කතානායක. ඔහු තමයි ගාමිණීටයි ලලිත්ටයි පෙන්නල තියෙන්නේ ව්‍යවස්ථාවේ ඉඩක් තියෙනවා ජනාධිපතිවරයෙකු ඉවත් කරන්න ඕනෑ නම් මේ වගේ අවස්ථාවකට ඉඩක් තියෙනවා කියලා. එම්. එච්. මොහොමඞ් පවා ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක අමනාපයෙන් හිටියේ සුදුසු ඇමති ධුරයක් දුන්නෙ නැති නිසා. මේ සියලු දෙනා ජේ. ආර්. ජයවර්ධනගේ සමකාලීනයොනේ. ජේ. ආර්. ජයවර්ධන ඇමති මණ්ඩලයේ එකට වැඩ කරපු අය. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දෙවැනි කැබිනට් සංශෝධනය මේ රටේ ප්‍රබල දේශපාලන පිපිරීම් කීපයකටම හේතුවක් වුණා.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

ප්‍රේමදාසට එරෙහි කැරැල්ල පුපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1192 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site