IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පරාජය වසන්කොට වර්ජනය අතහැරීම

ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රතිපත්තියක් වෙනස් කිරීමේ අරගලය සඳහා බහුජන දායකත්වයේ වැදගත්කම අවධාරණය කළ රැඩිකල් කණ්ඩායම හුදකලා අරගලය තුළ වෛද්‍ය වර්ජනයට මුහුණ දී ඇති බරපතළ අනතුර  ඉස්මතු කරන ලදී. ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් පුළුල් අරගලයක් වෙත යාමට කටයුතු කළේය. සෞඛ්‍ය සේවයේ සියලු වෘත්තීය සමිති එක්වී වෛද්‍ය අරගලයට සහයෝගය දක්වමින් සංකේත විරෝධතාවක් පවත්වන ලදී. අ.වි.ශි.බ.ම. විසින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සංකේත වර්ජනයක් පවත්වා වෛද්‍ය වර්ජනයට හා වෛද්‍ය ශිෂ්‍ය අරගලයට සහයෝගය ප්‍රකාශ කරන ලදී.


රජය විසින් වෛද්‍ය වර්ජනය විසඳීම සඳහා නිල මැදිහත්වීමක් සිදු නොකර විෂයට අදාළ නොවූ කැබිනට් ඇමැතිවරයෙකු වූ එස්. තොණ්ඩමන් මහතා වෛද්‍ය සංගමය සමග සාකච්ඡා සඳහා යොමු කරන ලදී. මෙමගින් බලාපොරොත්තු වූයේ තවදුරටත් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයකට මුහුණදී තිබූ වෛද්‍ය වර්ජනය අවසන් කිරීමේදී ලබාදෙන පොරොන්දු රජයේ නිල පොරොන්දු නොවන බවට පත් කරලීමය.


එස්. තොණ්ඩමන් විසින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන කමිටුවක් පත් කිරීමට එකඟ වුවද, රජයේ නායකයා, සෞඛ්‍ය ඇමැති හෝ උසස් අධ්‍යාපන ඇමැති නොවූ ඔහුගේ පොරොන්දු රජයේ නිල පොරොන්දු නොවන බව දේශපාලනයේ තෙම්පරාදු වී සිටි වෛද්‍ය සංගමයේ හා දන්ත වෛද්‍ය සංගමයේ වැඩ වර්ජනය මෙහෙය වූ නායකයින් නොදැන සිටියාම නොවේ. පරාජය වසන් කොට වර්ජනය අත්හැරීමට අවස්ථාවක් ලබාගැනීම හෙළිදරව් වූයේ මෙතැනදීය. තම පාක්ෂිකයන් යැයි වරදවා වටහා ගෙන ඔවුන් හට අවවාද කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය අතට යාමට ඉඩ නොදෙන ලෙසය.


අ.වි.ශ.බ.මය ද මාරාන්තික උපවාස අදහසට විරෝධය දැක්වීය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය ඇරඹූ වහාම මෙවැනි බරපතළ සටන් ක්‍රමයක් අනුගමනය කිරීමට තරම් සංවිධානාත්මක බලයක් රට තුළ ගොඩ නොනැගී ඇති තත්ත්වය යටතේ මාරාන්තික උපවාසයෙන් ශිෂ්‍යයන් මරණයට පත් වුවද රජය සිය ස්ථාවරය වෙනස් නොකළ හොත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය එතැනින් අවසන් විය හැකි බව ඔවුන්ගේ අදහස විය. (එකල රහසේ ආහාර ගනිමින් සිදු කරන මාරාන්තික උපවාස සංදර්ශන පිළිබඳ අත්දැකීම් නොවීය.)


වෛද්‍ය වර්ජනය එයට හිමි අනිවාර්ය පරාජයෙන් අවසන් විය. මෙම පරාජය පිටුපස වූ සැබෑ හේතුව එම අරගලයට අවංකව දායක වූ වෛද්‍යවරුන් අද වනතුරු නොදන්නා බව සහතිකය.


වෛද්‍ය වර්ජනයේ පරාජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය නව මානයක් වෙත ඔසවා තැබූ අතර රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා පුළුල් බහුජන අරගලයක අවශ්‍යතාව කාහටත් අවබෝධ විය. දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගම්වල නායකත්වය දැරූ කට්ටිවාදී වාමාංශිකයන් විසින් මෙම සංගම් සටනෙන් ඉවත් කරවීම වැළැක්විය යුතු බැවින් ඔවුන්ගේ සටන් පාඨයට එරෙහිව මතුපිට අරගලයක් නොකරන ලදී.
මේ වන විට රටපුරා රෝහල් වෙත ගොස් වෛද්‍ය නිලධාරීන්ගේ උද්යෝගය පවත්වා ගැනීමට වෛද්‍ය සිසුන් සංවිධානය කෙරුණු අතර “වෙද සිසු හඬ” නමින් වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නිල ප්‍රකාශනය ආරම්භ කරන ලදී. ඊට අමතරව විවිධ ප්‍රකාශන ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් නිකුත් කරන ලද අතර මෙම ප්‍රකාශන කටයුතු වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ ඊනියා මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම විසින් මෙහෙය වූ බැවින් එම ප්‍රකාශන නිර්මාණාත්මකව ඉතා දුර්වල වූ අතර මතවාදීව ඉතා ප්‍රතිගාමී විය.


මධ්‍යස්ථ මතධාරීන්  ලෙස පෙනී සිටි කණ්ඩායම වෛද්‍ය වර්ජනයෙන් මෙම ගැටලුව දින කිහිපයක් ඇතුළත විසඳිය හැකිය යන විශ්වාසයක් කොළඹ වෛද්‍ය පීඨ සිසුන් තුළ ඇති කර තිබූ බැවින් ඉතා පහසුවෙන් නුදුරු දිනකදීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෙනම විභාගයක් පැවැත්වීමට රජය එකඟ වී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව විසඳා කොළඹ වෛද්‍ය පීඨයට සිදුවී ඇති අසාධාරණය ඉවත්වී නැවත අධ්‍යාපන කටයුතු ඇරඹීමට හැකි වෙතැයි සිසුන් බහුතරයකගේ විශ්වාසය විය.


ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රතිපත්තියක් වෙනස් කිරීමේ අරගලය සඳහා බහුජන දායකත්වයේ වැදගත්කම අවධාරණය කළ රැඩිකල් කණ්ඩායම හුදෙකලා අරගලය තුළ වෛද්‍ය වර්ජනය මුහුණ දී ඇති බරපතළ අනතුර ඉස්මතු කරන ලදී. ඒ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් පුළුල් අරගලයක් වෙත යාමට කටයුතු කළේය. සෞඛ්‍ය සේවයේ සියලු වෘත්තීය සමිති එක්වී වෛද්‍ය අරගලයට සහයෝගය දක්වමින් සංකේත විරෝධතාවක් පවත්වන ලදී. අ.වි.ශි.බ.ම. විසින් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සංකේත වර්ජනයක් පවත්වා වෛද්‍ය වර්ජනයට හා වෛද්‍ය ශිෂ්‍ය අරගලයට සහයෝගය ප්‍රකාශ කරන ලදී.


රජය විසින් වෛද්‍ය වර්ජනය විසඳීම සඳහා නිල මැදිහත්වීමක් සිදු නොකර විෂයට අදාළ නොවූ කැබිනට් ඇමැතිවරයෙකු වූ එස්. තොණ්ඩමන් මහතා වෛද්‍ය සංගමය සමග සාකච්ඡා සඳහා යොමු කරන ලදී. මෙමගින් බලාපොරොත්තු වූයේ තවදුරටත් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවකට මුහුණ දී තිබූ වෛද්‍ය වර්ජනය අවසන් කිරීමේදී ලබාදෙන පොරොන්දු රජයේ නිල පොරොන්දු නොවන බවට පත් කරලීමය.


එස්. තොණ්ඩමන් විසින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන කමිටුවක් පත් කිරීමට එකඟ වුවද, රජයේ නායකයා, සෞඛ්‍ය ඇමැති හෝ උසස් අධ්‍යාපන ඇමැති නොවූ ඔහුගේ පොරොන්දු රජයේ නිල පොරොන්දු නොවන බව දේශපාලනයේ තෙම්පරාදු වී සිටි වෛද්‍ය සංගමයේ හා දන්ත වෛද්‍ය සංගමයේ වැඩ වර්ජනය මෙහෙය වූ නායකයින් නොදැන සිටියාම නොවේ. පරාජය වසන් කොට වර්ජනය අත්හැරීමට අවස්ථාවක් ලබාගැනීම මෙම සාකච්ඡාවල අරමුණ විය. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ මනසේ වෛද්‍ය වර්ජනය පිළිබඳ සුවිශාල බලාපොරොත්තු නිර්මාණය කොට මෙම අරගලය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි නොවන රජයේ ප්‍රතිපත්ති සමග එකට යන සරල ගැටලුවක් ලෙස විසඳා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඊනියා මධ්‍යස්ථ මතවාදීන් හට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුවට කිසිදු විසඳුමක් රහිතව වෛද්‍ය වැඩ වර්ජනය අවසන් වීම තුළ පොදු සිසුන් වෙතින් එල්ල වූ බරපතළ විරෝධයකට මුහුණදීමට සිදුවිය.


රැඩිකල් කණ්ඩායම විසින් යෝජනා කරන ලද වෛද්‍ය වර්ජනය සමග සමගාමී වූ පුළුල් බහුජන අරගලයක් මගින් රජය දණ ගැස්සවීමට තිබූ අවස්ථාව මග හැරීම නිසා මධ්‍යස්ථ කණ්ඩායම සිසුන් අතරින් ප්‍රතික්ෂේප විය. ඊනියා මධ්‍යස්ථ මතධාරීන් සමග සිටි දේශපාලනික ශිෂ්‍ය නියෝජිත සොහොයුරියෝ ඇතුළු බහුතරයක් රැඩිකල් කණ්ඩායම සමග එක්වූහ. මේ සමග අරගලය ප්‍රතිගාමීත්වය තුළ ගිල්වා පෞද්ගලික ප්‍රතිලාභයන් ලැබීමට හා තම හිතවත් දේශපාලන පක්ෂවලට අවශ්‍ය කට්ටිවාදී කටයුතු ජයග්‍රහණය කරලීමට කටයුතු කළ ඊනියා මධ්‍යස්ථ මතධාරීන් වෛද්‍ය ශිෂ්‍ය අරගලයෙන් ඉවත් වන ලදී.


පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී අරගලය සිය නිවැරැදි දැක්ම අත්පත් කරගනු ලබනුයේ ඉන් අනතුරුවය.

 

සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි. 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

පරාජය වසන්කොට වර්ජනය අතහැරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site