IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පක්ෂයේ සමගිය සඳහා තිස්සගේ මෙහෙයුම

 

2015 ජනාධිපතිවරණය එන්න එන්නම උණුසුම් වෙන්න පටන් ගත්තා. මේ අතරෙ පක්‍ෂය වෙනුවෙන් මම බාරගත්තු ප්‍රධාන වගකීම් තුනට මූලිකත්වය දෙමින් මෙම කටයුතු කරගෙන ගියා. ඒකෙන් ප්‍රධාන කාරණයක් වුණේ  රනිල් - සජිත් ගැටුම සමථයකට පත්කිරීම. ඔවුන් අතර දුරස්ථභාවය නැති කරන්න මම දැඩි උත්සාහයක් ගත්තා. 


රනිල් - සජිත් ක්‍රියාමාර්ගය විදියට අපි දැක්කෙ මේ දෙන්න එකම වේදිකාවකට ගේන එක. ඒකෙන් රටට  හොඳ චිත්‍රයක් පෙන්නන්න අපිට පුළුවන් වෙනවා.


බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ රනිල් සජිත් ගැටුම හරහා යූ.එන්.පී. එක දෙකඩ වෙලා විනාශ වෙයි කියලා. ඒක වළක්වාගන්න අපිට  ඕනෑ වුණේ. ගම් මට්ටමෙනුත් අපේ පාක්‍ෂිකයො විශාල වශයෙන්  දෙකට බෙදිලා හිටියේ. මේ බෙදීම නිසාම රැස්වීම් සාකච්ඡා ජනහමු පවත්වන්න ගියාම විවිධ අර්බුද ඇතිවෙන්න පටන් ගත්තා. මේකත් අපිට හිසරදයක් වෙලා තිබුණේ. රනිල් වික්‍රමසිංහ ගෙදර යා යුතුයි කියලා ගම් මට්ටමෙන් විශාල රනිල් විරෝධයක් එමින් තිබුණේ. ඒ විරෝධය හමුවේ පක්‍ෂ මහලේකම් විදියට මම රනිල් තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතුයි කියන අදහසේ ඉඳගෙන ගම් මට්ටමේ පාක්ෂිකයින්ගෙන්  ආපු රනිල් විරෝධය යම් දුරකට මැඩපවත්වන්න උත්සාහ කළා.


රනිල් - සජිත් එකම වේදිකාවකට ගෙනල්ලා කෑ ගසමින් තිබුණු රනිල් විරෝධය සමනය කරන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. 2015  ජනාධිපතිවරණ කැම්පේන් එක ඉලක්ක කරමින් අපි විවිධ සැලසුම් සකස් කළා.
සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ගැටුම සමථයකට පත්කරන්න හවුල් කරගත්තු ප්‍රධාන චරිතයක් වුණේ ටිරාන් අලස්. ටිරාන් අලස් ඒ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. පාර්ලිමේන්තු  භෝජනාගාරයේදී දවසක් ටිරාන් අලස් මුණගැහුණු වෙලාවක පොඩි කතාබහකට මුල පිරුවා. ඒ වෙනකොට ටිරාන් මාත් එක්කත් ඒ තරම් හිත හොඳින් නෙවෙයි හිටියේ. මොකද ඒ වෙද්දි ටිරාන් අලස්ල රනිල් එළවීමේ ජාතික ව්‍යාපාරයක හිටියේ. ඔහුගේ පුවත්පතෙන් දිගින් දිගටම රනිල්ට පහර දෙමින් හිටියේ. සජිත් ප්‍රේමදාස ඉහළට එසවීමේ කටයුත්තේ තමයි ටිරාන් අලස්ල ඒ වෙද්දි නිරත වෙලා හිටියේ. ඒක නිසා තමයි අපි අතරෙ ඒ තරම් හිත හොඳක් නොතිබුණෙ. ඒවා පැත්තකට දාලා අපි යම් සාකච්ඡාකට මුල පිරුවා. මම ටිරාන්ට කිව්වා ජනාධිපතිවරණයකට යන මේ වෙලාවෙ සජිත් ප්‍රේමදාස පක්‍ෂයේ ප්‍රධාන තැනක් තියාගෙන පක්‍ෂය ශක්තිමත් කරන්න ඕනෑ ඒකට උදව් කරන්න කියලා.

 

සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නියෝජ්‍ය නායකකම ලබාදීම, නායකත්ව බලතල පැවරීම, සංවිධායකවරු පත්කිරීමේ අයිතිය ඔහුට ලබාදීම, කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේ කෝටා එකක් ඔහුටත් ලබාදීම වාගේ ඉල්ලීම් කීපයක් ඉදිරිපත් වුණා. මේ ඉල්ලීම් මාලාව පොඞ්ඩකට පැත්තකින් තියලා වැඬේ කෙරෙන විදියක් ගැන කතා කරමු කියලා මම යෝජනා කළා.


එහෙම නොවුණොත් සජිත් ප්‍රේමදාසත් දේශපාලන වශයෙන් පරිහානියකට  යන්න පුළුවන් බව මම ටිරාන්ට පැහැදිලි කරලා දුන්නා. සජිත්ව එතෙන්ට තල්ලු කරන්න එපා කියලත් මම ටිරාන්ට මතක් කළා. එතකොට ටිරාන් කිව්වේ සජිත් ප්‍රේමදාසට පක්‍ෂයේ නිසි තැන දෙනවනම් මම තිස්සගෙ යෝජනාවට එකඟයි කියලා. ඔහු ඒ සඳහා උදවු කරන්න සූදානම් බවත් ප්‍රකාශ කළා. මේ කතාබහෙන් පස්සේ ටිරාන් අලසුත් මමත් කීප වතාවක් මේ ගැන සාකච්ඡා කරන්න හමුවුණා.


සජිත් වෙනුවෙන් ඔවුන්ගේ පැත්තෙන් ඉල්ලීම් කීපයක් ආවා. සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නියෝජ්‍ය නායකකම ලබාදීම, නායකත්ව බලතල පැවරීම, සංවිධායකවරු පත්කිරීමේ අයිතිය ඔහුට ලබාදීම, කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේ කෝටා එකක් ඔහුටත් ලබාදීම වාගේ ඉල්ලීම් කීපයක් ඉදිරිපත් වුණා. මේ ඉල්ලීම් මාලාව පොඞ්ඩකට පැත්තකින් තියලා වැඬේ කෙරෙන විදියක් ගැන කතා කරමු කියලා මම යෝජනා කළා. මූලිකවම සජිත් ප්‍රේමදාසට නියෝජ්‍ය නායකකම ලබාදීම හරහා මේ සබඳතාව ටිකෙන් ටික ශක්තිමත්ව ගොඩනගන්න පුළුවන් බව මම පෙන්නලා දුන්නා. එතනින් පස්සේ එකින් එක අනිත් ඉල්ලීම්වලට යමු කියලා මම යෝජනා කළා. මම මේ සඳහා මැදිහත්වෙලා කළොත් අතුරෙ යනවා වගේ වැඩක් බව මම ටිරාන් ඇතුළු පිරිසට පැහැදිලි කරලා  දුන්නා. මොකද පක්‍ෂයේ කොටසක් සජිත්ට අකැමැත්තෙන් හිටියේ. විශේෂයෙන් රනිල් පාර්ශ්වය. මේක අසීරුවෙන් ජයගත යුතු වෙච්ච තත්ත්වයක්.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

පක්ෂයේ සමගිය සඳහා තිස්සගේ මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site