IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කිතුනු දහම අතහැර බුදු දහම වැලඳගනී

වතුකරයෙන් බිහිවූ කොළඹ මිනිසා - 02

 

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාගේ ගෞරවයට ලක්වීම චාම් ඇවතුම් පැවතුම්වලට මුල් තැන දීම විය. ජාතීන් අතර සමගිය කුඩා දරුවන්ගේ සිට ඇති කළ යුතු බව පිළිගත් ඒ මහතා, සිංහල, දෙමළ මුස්ලිම් බර්ගර් පාසල් දරුවන්ගේ සහාය ලබාගෙන 1964 මාර්තු 01 වැනි දින දවස පුවත්පතේ අනුග්‍රහය මත ටිකිරි ධාවන තරගයක් කොළඹ සිට නුවරඑළිය ශාන්තිපුර දක්වා පවත්වා ඇත.


ජාතික ධජය, ළමා සංදේශය ලෝක සාම පන්දම කිලෝමීටර් 114ක් ආදිය මෙම ටිකිරි ධාවන වැඩසටහනේදී පාසල් දරුවන් මාරුවෙන් මාරුවට කොළඹ සිට ශාන්තිපුරයට රැගෙන ආ අවස්ථාවට ලියුම්කරු ද පාසල් සිසුවකු ලෙස එක්විය. 1964 මාර්තු 01 වැනි දින එවක අධ්‍යාපන අමාත්‍ය පී. බී. ජී. කළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ ධාවනය 1964 මාර්තු 02 වැනි දින ප.ව. 1.45ට ශාන්තිපුර කඳුවැටිය මුදුනට එක්ව මුළු රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කළහ.


මෙරට සංස්කෘතියට ඇලුම් කළ ටී. විලියම් ප්‍රනාන්දු මහතා ශාන්තිපුර ආශ්‍රිත කලාපුරය නමින් ගම්මානයක් ඇති කර නුවරඑළිය දිස්ත්‍රික්කයේ විසූ පාරම්පරික කලා ශිල්පීන් නගා සිටුවීමට කටයුතු කළ අතර, ඒ මහතාගේ අභාවයෙන් පසු එම ගම්මානය තවත් ගම්මානයක් බවට පත්විය. එම කලා පුරය ආශ්‍රිත දේශීය උරුමය රැකගැනුමට අවශ්‍ය කලා නිකේතනයක් ඇරඹීම සඳහා 1975 අප්‍රේල් 15 වැනි දින එහි නැරඹුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීම විශේෂ සිද්ධියකි.
වසර පහක් වැනි කෙටි කාලයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද නුවරඑළිය පුරපති ලෙස වසර 6ක කාලයක් නුවරඑළියට නායකත්වය දුන් ටී. විලියම් ප්‍රනාන්දු මහතා කෙටිකාලයක් තුළ ඉටු කළ සේවාවන් ඉතා ප්‍රභාමත්ය. නුවරඑළිය ජනතාව නිරතුරු සිහිපත් කරන්නේ ඒ නිසාය.


උපතින් කතෝලික බැතිමතකු වුවද පසු කාලයේදී මහනුවර දළදා මාලිගාවට ගොස් බෞද්ධ බැතිමතකු වූ ටී. විලියම් ප්‍රනාන්දු මහතා ආගම දහමට මහත් ළැදිකමක් දැක්වූ අයෙකි. රටටම ශාන්තිය පතා ඇරඹූ ප්‍රථම ගම්මානය “ශාන්තිපුරය” නමින් නම් කළේ මහා සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය මැද බව කියැවේ. අපවත්වී වදාළ උඩරට අමරපුර නිකායේ මහානායක විදුරුපොල පියතිස්ස නාහිමියන් නමින් පාසලක් ඉදිකිරීමට තමාගේ ඉඩමක් නිර්ලෝභීව ප්‍රදානය කළ ටී. විලියම් ප්‍රනාන්දු මහතා, බඹරකැලේ ශ්‍රී පියතිස්ස විදුහල ඉදිකර මහත් අස්වැසිල්ලක් ලැබීය.

 

ටී. විලියම් ප්‍රනාන්දු මහතාගේ කනිටු පුත් රංජිත් ප්‍රනාන්දු මහතා, බඹරකැලේ නුවරඑළිය : “අපේ තාත්තා මොරටුවේ කොරලවැල්ලේ ඉපදී නුවරඑළියට පැමිණ නුවරඑළිය ජනතාවට සේවය කළ අයෙක්. “විලියම් බාස්” කියලා ඒ දවස්වල තාත්තට කියුවේ තාත්තා ගෙදරින් ඇවිත් මහනුවර වෝකර් පුත්‍ර සමාගමේ කාර්මිකයකු ලෙස කටයුතු කර තිබෙනවා. තේවතුවල යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන්න නුවරඑළිය ඔලිෆන්ට් වත්තට ආ ගමනයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නුවරඑළියට සේවයක් කරන්න තාත්තාට ඉඩකඩ ලැබුණේ.


තාත්තාගේ සිහිනයක් තමයි ශාන්තිපුර කන්ද පාමුල ගම්මානයක් ආරම්භ කිරීම. ඒ කටයුත්ත ඉටුකරන්න ගොස් පාර්ලිමේන්තුවේදී කඳුළු සැලූ බව අපි අසා තිබෙනවා. අපේ අම්මා ගාල්ලේ කෙනෙක්. සමහරු කියනවා ශාන්ති කියන්නේ අපේ අම්මා කියලා. අපේ අම්මා ප්‍රේමාවතී.

1951දී ඔලිෆන්ට් වත්තේ ඉන්නකොට අපේ පවුලේ 6 දෙනයි. තාත්තා ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කළේ. ආගම දහමට බොහොම ගරු කළ, කතරගම දෙවියන්ට මහත් බැතියක් දැක්වූ අයෙක්”


මෙරට දේශපාලන ක්ෂේත්‍රයේදී තම පන්තිය වෙනුවෙන් නිබඳවම පෙනී සිටි සැබෑ මහජන නියෝජිතයකු වූ ටී. විලියම් ප්‍රනාන්දු මහතා 1977 මැයි 13 වැනි දින අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මියයන්නට පෙරාතුව කළ ඉල්ලීමක් මත එතුමාගේ සිරුර නුවරඑළිය නගරයේ සිට නුවරඑළිය මහා නගර සභාව වෙත මෘතදේහයන් රැගෙන යන කරත්තයක තැන්පත් කර චාම් පෙරහැරකින් රැගෙන ගොස් තම දහදියෙන් හා කඳුළෙන් නිර්මාණය කළ ශාන්තිපුර ගම්මානයේ පොදු සුසාන භූමියේදී 1977.05.16 මිහිදන් කළේය. එවන් දේශපාලකයෙකු ගැන අප මීට පෙර අසා නැත. ඒ නිසා ටී. විලියම් ප්‍රනාන්දු මහතා පරමාදර්ශී දේශපාලනඥයෙකි.

 

 

 

 


නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි

 



අදහස් (0)

කිතුනු දහම අතහැර බුදු දහම වැලඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28465 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10947 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site