IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


එජාපය බිහිවෙයි

තාත්තාගේ ඇරැයුමෙන් දේශපාලනයට පිවිසුණ ළාබාලම අගමැතිවරයා 
02 කොටස

 

වර්ෂ 1952 දී ළාබාලම අගමැතිවරයා ලෙස එංගලන්තයට ගිය ඩඞ්ලි සේනානායක මැතිතුමා අගමැති ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් මහතා ඇතුළු පිරිස සමග.

 

 

 

වර්ෂ 1928 දී ආරම්භ කරන ලද ලංකා කම්කරු පක්‍ෂයත්, වර්ෂ 1935දී ආරම්භ කරන ලද ලංකා සම සමාජ පක්‍ෂයත් පැවතියද වර්ෂ 1931 සිට මේ දක්වා රටේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියද දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට ඕනෑ තරම් ඉඩකඩ තිබුණද එතුමා එසේ නොකිරීම ගැන ඩඞ්ලි සේනානායක මන්ත්‍රීතුමාගේ සිත තුළ ප්‍රශ්නයක් පැවතිණි. එහෙත් ඒ ගැන කතා කළ එක් විටෙකදී ඩී.එස්. සේනානායක ඇමතිතුමා පුතා සමග කීවේ.


“පුතා අපි දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගන්න ඕනෑ. අපේ රට තරමකට හෝ ස්වයංපෝෂණය කරවලා රටේ නිදහස ලබා ගැනීමටත් කටයුතු කිරීමෙන් පසුවයි එතකොට අපිත් ශක්තිමත් නිදහස් රජ්‍යයක් ලෙසට පාලනය කරන්න පුළුවන් වන්නේ ” යනුවෙනුයි. එවිට තම පියා කොතරම් දුර දිග බලා කටයුතු කරන්නට පෙලඹී සිටියෙකුදැයි තරුණ මන්ත්‍රීවරයාට හැඟිනි.


දැන් එංගලන්තයේ පාලකාධිකාරිය යටත්විජිත කාර්යාලයත් අතර කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අපට ලැබීමට තිබෙන්නේ ‘නිදහස ලබාදීමේ අවසන් නිවේදනය පමණයි. මෙසේ හෙයින් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වෙනිදා කොළඹ හතේ ‘ෆාම්කෝට් මන්දිරයේදී ඩී. එස්. සේනානායක ඇමතිතුමා රටේ සෙසු ජාතික නායකයෝද කැඳවාගෙන ‘එක්සත් ජාතික පක්‍ෂය පිහිටු වූහ. එය කළේ ප්‍රධාන වශයෙන්ම ලබන වර්ෂ 1947 දී ලංකාව පුරා පවත්වන මහ මැතිවරණය ඉලක්ක කරගෙනයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී මේ රටේ උපන් ජාතික නායකයන් එදා එක්සත් ජාතික පක්‍ෂයේ නායකයෝ බවට පත්වූහ.


වර්ෂ 1947 අගභාගයේදී රටපුරා පවත්වන ලද මහා මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී ආසන 42ක් දිනා ගැනීමෙන් පසුව එවකට සිටි ශ්‍රීමත් මන්ක් මේෂන් මුවර් ආණ්ඩුකාරතුමන් ඩී.ඇස්. සේනානායක මැතිතුමාට නව රජයේ ප්‍රථම අගමැතිකම ලබා දී කැබිනට් මණ්ඩලය පිහිටුවා ආණ්ඩුවක් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නේය. 
මේ අනුව කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්නා විට ඩඞ්ලි සේනානායක මන්ත්‍රීවරයාටද අමාත්‍ය ධුරයක් වෙන්කර ඇති බව දැනගන්නට ලැබිණ. එය දැන ගත් විට එතුමා කළේ තම පියා හමුවී ඒ ගැන සිය විරෝධය පෑමය. 


මම මේකට කැමැති නැහැ. මෙහෙම දෙයක් කළහම මතු දවසක ඔබතුමාට චෝදනාවක් නැගෙන්න පුළුවන් ඥාති සංග්‍රහයක් කළා කියලා යි ඩඞ්ලි සිය විරෝධය පළ කර සිටියේය.
“ඒක එහෙම නොමෙයි පුතා. මම ඇමති ධුරයේ වාඩි කරලා තියන්නේ නෑ. මම ගොවිකම් හා ඉඩම් ඇමතිකම දැරුවට මට රට වටේ යන්න වෙන්නේ නෑ. පුතාට තමයි යන්න වෙන්නේ.”


ඉන් පසුව ඩඞ්ලි කතාවක් නැතිව එම ඇමතිකම භාරගත්තේය. එසේ දිවුරුම් දීමෙන් පසුව ඩඞ්ලිත්, ජේ. ආර්. ජයවර්ධන ඇමතිතුමාත් ආණ්ඩුකාරතුමා සමග වූ ඡායාරූපයේ සිටින්නේ තුන්වැනි පේළියේය. වර්ෂ 1948 දී නිදහස් ලබා ගැනීමේ පුරෝගාමියා වූ ඩී. ඇස්. සේනානායක අගමැතිතුමා වර්ෂ 1952 මැයි 22 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත වූවායින් පසුව අග්‍රාමාත්‍ය පදවිය ලැබුණේ එතුමාගේ පුත් ඩඞ්ලි සේනානායක මැතිතුමාටය.


මෙහිදී, ‘පස්ස දොරෙන් පැමිණි අගමැති පුතා’ යි සම සමාජවාදීන් චෝදනා කළ බැවින් එතුමා කළේ මාසයකින් එම රජය විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමයි. ඉන් පසුව එතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිණ. එය විරුද්ධවාදීන්ට දුන් කනේ පහරක් බඳුය. 


වර්ෂ 1952 ජුනි මාසයේදී ඩඞ්ලි සේනානායක අගමැතිතුමා එංගලන්තයට ගියේ රැජිනගේ මෞලි මංගල්‍යයට සහභාගි වනු පිණිසය. එවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ ළාබාලම අගමැතිතුමා වූයේ ද එතුමාය. 


එංගලන්තයේදී තමන් හමුවට පැමිණි මේ තරුණ අගමැති දුටු අගමැති වින්ස්ටන් චර්චිල් ශ්‍රීමතාණන් කියා සිටියේ. 


‘මම ඔබතුමාට පියාට ද පිරිනැමූ මහාමාන්‍ය සම්මානය පිරිනමනවා කියාය.’ මහාමාන්‍ය සම්මානය කියන්නේ මහ රැජිනගේ උපදේශක සාමීවර පදවියකි. එහෙත් ඒ ගැන ඩඞ්ලි අගමැතිවරයා කැමැත්තක් දැක්වූවේ නැත. 


බොහොම ස්තූතියි අගමතිතුමා. මම එය බොහොම ගෞරවයෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා යැයි ඩඞ්ලි චර්චිල් අගමැතිතුමාට කියා සිටියේය. 


මොනවා ඔබ මේ සම්මානය ප්‍රතික්ෂේප කරනවා. මේ සම්මානය ප්‍රතික්ෂේප කළ එකම එක තැනැත්තා ඉන්දියාවේ ශ්‍රීනේරු අගමැතිතුමායි. මෙහිදී චර්චිල් කියා සිටියේය. එයද ඩඞ්ලිට හොඳ නිමිත්තකි. 


‘සමාවෙන්න අගමැතිතුමා. මෙම සම්මානය ලබලා ගෞරවනීය වනවාටත් වඩා මෙය ප්‍රතික්ෂේප කරන නේරු තුමාගේ තත්ත්වයට පත් වන්න ලැබීම මා සතුටක් ලෙස සලකනවා’යි එයට ඩඞ්ලි අගමැතිතුමා චර්විල් අගමැතිතුමාට දුන් පිළිතුරය. 


පසුව ඒ ගැන දැන ගන්නට ලැබී ජවහර්ලාල් නේරු අගැමතිතුමා ද සතුටට පත් වග දැනගන්නට ලැබිණ. පසු කලෙක ඩඞ්ලි සේනානායක මැතිතුමා සතරවරක්ම රටේ අගමැතිකම ලබමින් ජනප්‍රසාදයට ද පත්විය. වරෙක රටේ කිසියම් තීරණාත්මක අවස්ථාවකදී “මට සක්විති රජකම ලැබුණත් මගේ ප්‍රතිපත්ති අනුව මගේ රට ජාතිය පාවා නොදෙමි” යැයි ද පැවසීය. එයින්ම වැඩි දෙනෙක් එතුමාගේ ප්‍රතිපත්තිවල තිබෙන වැදගත්කම තේරුම් ගත්හ. 


පියාණන් මෙන්ම දුර දිග බලා කටයුතු කරමින් රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ඔහුගේ තම ධන සම්භාරය පවා කැප කර ජනප්‍රසාදයට ලක් විය. එහෙයින් ඩඞ්ලි සේනානායක මහතා සිංහල ජාතිය තිබෙන තුරු ගෞරව බහුමානයට ලක් වන්නේය. 


එතුමාගෙන් පසුව රටේ තුන්වැනි අගමැති වූ ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමා එංගලන්තයේ දෙවැනි එලිසැබත් රුජිනගේ මහාමාන්‍ය සම්මානය ලබා ගෞරවයට පත් විය.

 

 

 

ඡායාරූප සහ සටහන : 
සෝමසිරි කස්තුරිආරච්චි



අදහස් (0)

එජාපය බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 359 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site