මිනර්වා රජයට එරෙහිව කතා කළ අන්දම භයානක විය. එය කිසිවකු හෝ එවැනි දෑ කීමට සිහිනයෙන් හෝ නොසිතූ යුගයකි. ඈ පිටස්තර මිනිසුන් ඉදිරියේ පවා අපගේ ජනාධිපතිවරයාට හෝ ඔහුට සහාය දෙන ආගමික පල්ලියට වචනයෙන් පහර දීමට මැලි  නොවුවාය. වතාවක් තාත්තාගේ පරණ මෝටර් රිය විකුණා දීමට එක් විකිණුම්කරුවකු සහාය විය. ඔහු එහි වටිනාකම නොයෙක් අන්දමට වර්ණනා කොට එය අල් ජෙනෝගේ (වෘජිලෝ ගේ) ප්‍රියතම මෝටර් රථ වර්ගය බවද කීය. මිනර්වා එක එල්ලේම තාත්තාට මෙසේ කීවාය. ‘මිනිස්සු එය මිලදී නොගන්න තවත් හේතුවක්. පවුලේ සෑම දෙනෙක්ම ස්වල්ප වෙලාවක් එහා මෙහා ඇවිද්දේ කතා කිරීමට බියක් ඇතිවු බැවිනි. 

මිනර්වා එපමණ මුරණ්ඩු පෙලඹීමක් ඇති වූයේ මන්දැයි නොදනිමි. අල් ජෙනෝ ශාන්තුවරයකු නොවන බව අප සැවොම දැන සිටි දෙයකි. නමුත් ජාතික මාලිගයේ සිටි සෙස්සන් හා සසඳන විට මෙම නැතැත්තා අඩුම තරමින් දේවස්ථාන හා පාසල් තැනීම හා අපේ ණය ගෙවීම කළේය. හැම සතියකම පුවත්පත්වල ඔහුගේ සේයාරූ පළ වුණේ ඔහු කළ යහපත් දෙයක් ගැන සඳහන් කරමිනි. 
නමුත් මට මිනර්වාට පහදා දීම අසීරු විය. මම වෙනත් මඟක් ඔස්සේ වෑයම් කෙළෙමි. ඔබ හරි. එය දූෂත ව්‍යාපාරයක්. ඒ නිසාම ගැහැනුන් වන අප එයට මැදිවීම නොකළ යුතුයි.


මිනර්වා බලා සිටියේ මා කියන්නට ගිය දෙය අවසන් කරනතුරු සිටි අයුරිනි. මං ඔයා එක්ක එකඟ නැහැ පැටි්‍රයා ඈ කීවාය. අනතුරුව අද ඇයට සුපුරුදු අන්දමට වාද කෙරුවේ කාන්තාවන් අඳුරෙන් එළියට ආ යුතු බව කියමිනි. 


අම්මා කරදර ඇති නොකළේ නම් ඈ දේවස්ථානයට යාමටද උනන්දු නොවූවාය. ඉග්නාසියෝ පාදිලිතුමාගේ යාදිනි අසා සිටිනවාට වඩා තමාට ජප මාලය සමගින් යාඥා කිරීම තුළින් දෙවියන් වහන්සේට සමීප වීම වඩාත් පහසු වන බව ඈ කීවාය. ‘ඔහුගෙ හඬ හරියටම වචන වලින් උගුර සෝදනව වගේ’යි ඈ සරදම් කළාය. ඔයාගේ ආගමික විශ්වාසය නැතිවෙයි කියලයි මට කනගාටු’ මම ඇයට කීවෙමි. එය තමයි අපේ වටිනා මුතු ඇටය. ඔයා දන්නවා ඒ හැරුණාම අපට කිසිම දෙයක් නැහැ.


ඔයාට ඔයාගේ විශ්වාසවන්ත පල්ලිය ගැන ඊට වඩා කනගාටුවක් ඇතිවෙයි. පාඞ්රේ ඉග්නාෂියෝ පවා එකඟ වෙනවා සමහර පාදිලිවරු දෙබිඩි චරිත රඟපාන බවට. 


‘අනේ මිනර්වා මට කිව හැකි වුයේ එපමණකි. මම මගේ රිදුම් දෙන උදරය අතගෑවෙමි. දින ගණනක් තිස්සේ මට මා තුළ බරක් දැනෙමින් තිබිණි. මිනර්වාගේ අදහස් වලින් මට බලපෑමක් වූ බවද මම පිළිගනිමි. පාඞ්රේ ඉග්නාෂියෝගේ හඬෙහි අජීවී බව මටද දැනෙන්නට විය. දේවස්ථානයේ හා ආගමික එකමුතු බවේ  ඇදෙන සුළු බවද මගේ මුවෙහි කඩදාසි මෙන් වියළි බවක්ද ඇතිවිය. මගේ ආගමික භක්තියෙහි සෙලවීමක් සිදුවනු ඇතැයි මට බියක් දැනිණි. 


‘ආපසු ඉඳගන්න’ මිනර්වා කාරුණිකව පැවසුවේ මගේ වතෙහි වූ දුබල බව දැකීමෙනි. ඉන්න මම මේ කොණ්ඬේ ගොතලා ඉවර කරන්න. 


එක්වරම මම ඇගේ දෑතට මැදිවී හඬා වැටෙමින් සිටියෙමි. මට මගේ ගැබේ වතුර බෑගය කඩා වැටෙන බව දැනිණි. අනගි මුතුකැටිය ලිස්සා යන බව හා මා තුළ දරා සිටි මියගිය අයෙකුට උපත ලබා දෙන බව මට අවබෝධ විය.  දරුවා අහිමි වී ගිය පසුව මට මා තුළ හිස් බවක් දැනිණ. මා ඉදිරිපස ිැ ඩැබාැ (විකිණීමට තිබේ) යනුවෙන් සඳහන් පුවරුවක් සහිත හිස් ගෙයක් මෙන් මට දැනිණ. අයාලේ යන්නෙකුට වුව මා ගත හැකිවනු ඇත. 


විටෙක මා මැදියම් රැයේ තිසැස්සී අවදි වුයේ මගේ දරුවා මිස ගියේ යම් කිසිවකු කළ කොඩිවිණයක් හේතුවෙන් යැයි සිතමිනි.  මෙවැනි මිථ්‍යාවක් ගැන කිසිදු විශ්වාසයක් නොතැබු පැටි්‍රයා මර්සඩීස්ට මෙවැනි දෑ සිතීම. 


නින්දට වැටුණු මට යැංකුවිස්වරු ආපසු විත් සිටිනු දුටුවෙමි. නමුත් ඔවුන් මෙවර ගිනි තැබුවේ අපේ අත්තම්මාගේ නිවෙසට නොව පෙඩි්‍රටෝ හා මගේ ගෙදරටය. මගේ දරුවන් තිදෙනාම ගිනිදලුවලින් වැසී යනු පෙනුණි. මා ඇඳෙන් බිමට පැන්නේ ‘ගින්නක්’ ගින්නක්’ කියා කෑ ගසමිනි. දරුවා මිය යාම මා ආගමික ඇමතුමට පිටුපා කළ වරදට දඬුවම් ලැබීමක් බව මට සිතුණි. මා මෙම අදහසෙහි එල්බ ජීවිතය ගෙන ගියේ ඇඟිලිවල පැටළුණු නූල හැම තැනින්ම පටලවා ගැට ගසමිනි. 


මට යළි සවිය ලැබෙනතුරු අපි මවගේ ගෙදර නතරවීමු. ඈ මා සනසන්නට වෑයම් කළාය. ඒ අසරණ දරුවා ඒ දරුවාට එන්න වරම් නැතැයි කියලා කවුද හිතුවෙ?


‘ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත’ මම ඇය හා එකඟවීමි. නමුත් එම වචන මගේ දෙසවණ තුළ රැව් දුන්නේ කුහරයකින් නැගෙන යමක් මෙනි. වරක් පැටි්‍රයාත්, මාත් පිටත ගැලරියාවේ එල්ලා තිබු හැමෝක්ඵල වැතිරි සිටියෙමු. මා යහපත් එfඬ්රා සිය බැටළු පැටවුන්ට කතා කරන පින්තූරය දෙස බලා සිටි අන්දම ඈ දකින්නට ඇත. එහි පසෙකින් එල්ලා තිබුණේ ටෘජිලෝගේ උඩුකය පින්තූරයකි. එය ඔහුගේ පෙනුම වඩාත් අලංකාර වන පරිදි සකස් කරන ලද්දකි. 


ඔවුන් එකම යුගලක් එහෙම නේද? ඈ අවධාරණය කළාය. 


ඒ මොහොතේ ඈ තුළ වු වෛරය මට අවබෝධ විය. මගේ පවුලට වෘජිලෝගෙන් පෞද්ගලිකව සිදුවු හානියක් නොවීය. 


මගේ දරුවා මිය යාමට පෙරාතුව දෙවියන් මගෙන් පැහැරගත් කිසිවක් නොවීය. නමුත් සෙස්සෝ අහිමිවීම් නිසා පීඩාවට පත්වුහ. ෆෙරෝසෝ පවුලේ කිසිවකු ඉතුරු නොවීය. මාර්ටිනස් රෙයිනා හා ඔහුගේ බිරිය නිදි අඳේදී මරා දමා තිබිණ. දේශ සීමාවේදී හයිටිවරු දස දහස් ගණනක් ඝාතනය කෙරුණි. එහි ගංගාව තවමත් රතු පාටින් ගලන බව මිනිස්සු කීහ. 


මට අසන්නට ලැබුණද මම විශ්වාස නොකළෙමි. මගේ හදවතෙහි මුතු ඇටය වෙත නෙත් යොමා මම ඔවුනගේ විලාපය නෑසු කන්ව සිටියෙමි. අපගේ ප්‍රේමවන්ත, සර්ව බලධාරී පියාණන් අපට එසේ පීඩා විඳින්නට ඉඩ හරිනුයේ කෙසේද? මම හිස ඔසවා බලා උන් වහන්සේට අභියෝග කළෙමි. මුහුණු දෙකම ඒකාබද්ධව ගොසිනි.

 

 

 

 

 

 

 

 


පරිවර්තනය 
මානෙල් ජයන්ති ගුණසේකර