IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මංගලගේ බොල්ගොඩ නිවෙසේ

කෙසේ වෙතත් පෙබරවාරි 7 වැනිදා තමාගේ විදේශ අමාත්‍ය ධුරය ජනාධිපතිතුමා පවරා ගැනීමත් සමගම පෙබරවාරි 8 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය. එසේ ඉල්ලා අස්වී දින කිහිපයකට පසුව ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයෝ නැවත සමරවීර මහතාව ආණ්ඩුවට සම්බන්ධ කරවීමට අවශ්‍ය මැදිහත්කාර ප්‍රයත්නයට ඇති ඉඩකඩ විමසූහ. මේ අතර දිනක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා මංගල සමරවීර මහතා හා ජනාධිපතිතුමා අතර සුහද හමුවකට පසුබිම සැකසීය.


ඒ අනුව 2007 මාර්තු මාසයේ දිනක දී අලෙවි මවුලානා මහතා සමග මංගල සමරවීර මහතා අරලියගහ මැදුරට ගියේය. ලෝක කුසලානය සඳහා එදින ශ්‍රී ලංකාව අර්ධ අවසන් තරගයක නිරත වී සිටි අතර ජනාධිපතිතුමා හා මංගල සමරවීර මහතා උණු ආප්ප ද කමින් අරලියගහ මැදුරේ සිට එම ක්‍රිකට් තරගය නැරඹීය. එලෙස ක්‍රිකට් තරගය නරඹන අතරතුරේදී ජනාධිපතිතුමා සමරවීර මහතාට කියා සිටියේ සිදුවූ සියල්ල අමතක කර දමා නැවත පෙර සේ එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙසයි. එහෙත් මංගල සමරවීර මහතා එහිදී කියා සිටියේ මේ වනවිටත් තමා සමග සිටින ශ්‍රීපති සූරියආරච්චි අසත්‍ය චෝදනාවක් මත සිරගත කර ඇත. ටිරාන් අලස්ගේ බැංකු ගිණුම් තහනම් කර ඇත. ඒ අනුව තමාට ආණ්ඩුවට සම්බන්ධවීමට ආරාධනා කිරීමට පෙර මේ අයගේ ප්‍රශ්න ද විසඳිය යුතු බවයි. විශේෂයෙන්ම රජයේ වාහනයක් අයථා ලෙස භාවිත කළේ යැයි චෝදනා කරමින් මේ වන විට ශ්‍රීපති සිරගත කර තිබුණි. මෙය ඇසූ ජනාධිපතිතුමා පුදුමයෙන් මෙන් තවමත් ශ්‍රීපති ඇතුළෙ දැයි විමතියෙන් මෙන් විමසීය. 1990 දශකයේ මුල මහින්ද මංගල දෙදෙනා අතර තිබූ සහෝදරත්වයේ මතකයන්ද අවදි කරමින් මෙම සුහද සාකච්ඡාව පැවැත්විණි. කෙසේ වෙතත් අවසානයේ මංගල සමරවීර මහතා අරලියගහ මැදුරෙන් පිටව ගිය කල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එහි සිටි පිරිසට කියා සිටියේ ‘එයාට ඇමැතිකම් නැතුව ඉන්න බෑ. එයා එනවා මම දෙන ඕන ඇමැතිකමක් ගන්න’ යනුවෙනි.


මේ අතර ඉන් දින දෙක තුනකට පසුව උදෑසන යළිත් අලෙවි මවුලානා මහතා සමරවීර මහතාගේ නිවසට හදිසියේම පැමිණියේය. පෙරවරුවේ ජනාධිපතිතුමා විසින් සමරවීර මහතාට හා චමල් රාජපක්ෂ මහතාට නව අමාත්‍ය ධූර ලබාදීමට සියල්ල සූදානම් කර ඇති බවත් මාධ්‍යවේදීන් පවා මේ වනවිටත් පැමිණෙමින් සිටින බවත් මවුලානා මහතා සමරවීර මහතාට පැවසීය. එහෙත් මංගල සමරවීර මහතා එවිට මවුලානා ආණ්ඩුකාරතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුකාරතුමා බලාපොරොත්තු සුන්ව පිටව ගියේය. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මංගල සමරවීර මහතා සමග දැඩි කෝපයකින් පසුවිය. මේ අතර සමරවීර මහතා සිය නිල නිවාසයෙන්ද පිටව ගොස් ටික දිනකින් යළිත් ජනාධිපතිතුමා සමරවීර මහතාගේ මව වන ඛේමා සමරවීර මහත්මියත් සමග දුරකථනයෙන් කතිකාවක් ආරම්භ කළේය. ඛේමා සමරවීර මහත්මියට ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කරනු ලබන්නේ ආන්ටි යනුවෙනි.

ඒ අනුව ආන්ටි මංගලට කියන්න සිදුවුණ දේ අමතක කර දමා නැවත ආණ්ඩුවට එක්වන්න’ යැයි කියමින් දිගින් දිගටම ඉල්ලීම් කළේය. සැබවින්ම මංගල සමරවීර මහතාගේ දේශපාලනයේ තීරණාත්මක තීන්දු තීරණ ගැනීමේදී එතුමිය ප්‍රධානතම සාධකයක් වූවාය. අනෙක් අතට මංගල සමරවීර මහතා ද තම මවගේ අදහස් හා මතවාද පිළිබඳ දැඩි විශ්වාසය තැබූවකු විය. එවන් පසුබිමක ජනාධිපතිතුමා තමා සමග සිදුකරන සංවාදය ඛේමා සමරවීර මහත්මිය මංගල සමරවීර මහතාට පවසන අතර දිනක් මංගල සමරවීර මහතා විමසා සිටියේ ‘අම්මා මොකද කියන්නේ මම නැවතත් ආණ්ඩුවට එකතුවීම අම්මා අනුමත කරනවාද? යනුවෙනි. එවිට සමරවීර මැතිනියගේ පිළිතුර වූයේ ‘පුතා එම අවස්ථාවේදී ගත්ත තීරණය පිළිබඳව මම ආඩම්බර වෙනවා’ යනුවෙනි. එදින පටන් මංගල සමරවීර මහතා යළිත් ආණ්ඩුවට එකතුවීම පිළිබඳ කිසිදු සිතිවිල්ලක් ගොඩ නගා නොගත් අතර එජාපය බලයට ගෙන ඒම වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවීමට තීරණය කළේය. විශේෂයෙන්ම පුද්ගල මනෝභාවයන් පිළිබඳ ඉතා සියුම් ඉවක් ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මංගල සමරවීර මහතාගේ දේශපාලනයට වඩාත්ම බලපෑම්කාරී තැනැත්තිය වන ඛේමා සමරවීර මහත්මියට ආන්ටි යනුවෙන් කථා කර එලෙස සංවාදයක් ගොඩනගා ගැනීම අතිශයින්ම ස්වභාවිකය.


මේ අතර 2014 නොවැම්බර් 3 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මංගල සමරවීර මහතාගේ බොල්ගොඩ නිවසට රාත්‍රී ආහාරය ගැනීම සඳහා පැමිණීම එවකට ගොඩනැගෙමින් පැවැති දේශපාලන සංදර්භය දැඩි පීඩනයකට ලක් කළ සිදුවීමක් විය.

මෙම සිදුවීම සැලවූ වහාම චන්ද්‍රිකා මැතිනිය ද අතිශය කලබලයට පත්වූවත් පසුව එතුමිය එම සිදුවීම තේරුම් ගත්තේ මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතාට එකවර කරන ලද දේශපාලන සම්‍යප්‍රයෝගයක් බවයි. එය එසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා දරන්නේ ඊටත් වඩා වෙනස් අදහසකි. එනම්, ඔක්තෝබර් මාසයේ වැඩි කාලයක් චන්ද්‍රිකා මැතිනිය ගතකළේ ලන්ඩන් නුවර තම දියණියගේ පවුලට අලුතින් එක්වූ පුංචි සුරතල් මිනිබිරියත් සමගය. අනෙක් අතින් රනිල් වික්‍රමසිංහ මහතා ද තම පොදු අපේක්ෂකත්වය ලබාදීමට එකඟවන්නේ චන්ද්‍රිකා මැතිනියට පමණක් බව පවසමින් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටියේය. ආරම්භයේ දී මංගල සමරවීර මහතා පවසා සිටි අදහස වූයේ රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා විය යුතු බව වුවත් ජනාධිපතිවරණ උණුසුම රට තුළ ගොඩනැගෙත්ම වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා බවට පත්කරවීම අපහසු කාර්යයක් බව තේරුම් ගත්තේය. එහිදී වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයාවීමට එරෙහිව එතුමා නායකත්වය දුන් එජාපයේම ප්‍රබලයින් විශාල පිරිසක් ඊට එරෙහි විය.


ඒ සමගම වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට සම්බන්ධවීමට සිටින පිරිස ද උදාසීන වන බව පෙනී ගියේය. තවද දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සරත් ෆොන්සේකා මහතා ද වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදෙන බව විවෘතවම ප්‍රකාශ කළහ. මෙවැනි තත්ත්වයක් තුළ වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා විය නොහැකි බව මංගල සමරවීර මන්ත්‍රීතුමාට තවදුරටත් තේරුම් ගත හැකි විය. එය එසේ වුවත් තවදුරටත් තමා පොදු අපේක්ෂකයා වන බව පවසමින් වික්‍රමසිංහ මහතා මැතිවරණයට සූදානම් විය. චන්ද්‍රිකා මැතිනියද රටෙහි නැත.


ගොඩනැගී තිබුණ මෙම දේශපාලන උභතෝකොටියකය තුළ මංගල සමරවීර මහතා යම් කනස්සල්ලකින් පසුවන බව අරලියගහ මැදුරට වහා තේරුම් ගියේය.


මේ අතර ඔක්තෝබර් මුල් භාගයේ දිනක බැසිල් රාජපක්ෂ මහතාගේ හා මංගල සමරවීර මහතාගේ මිත්‍රයකු ඔහු මුණගැසී බැසිල් රාජපක්ෂ මහතාට හමුවීමට අවශ්‍ය බව පැවැසීය. ඒ අනුව බැසිල් - මංගල හමුවක් මොනක් හෝටලයේ දී සිදුවූ අතර එය ඉතා සුහදව පැවැති සාමාන්‍ය දේශපාලන කරුණු පිළිබඳ පමණක් සාකච්ඡා කළ හමුවීමක් විය.


කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ තමන් අලුත් ආකාරයකට දේශපාලනය කිරීමට සැලසුම් කර ඇති බවකි. එහෙත් මංගල සමරවීර මහතා කියා සිටියේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වැනි විපක්ෂයේ ජනප්‍රිය සටන් පාඨ ජනාධිපතිතුමා අතට ගැනීම පමණක් සිදු නොකොට ඉන් කිහිපයක් රට ඉදිරියේ යථාර්ථයක් කර පෙන්වීමට මෙය සුදුසුම අවස්ථාව බවයි. මන්ද ඊට අවශ්‍ය දේශපාලන බලය ද ආණ්ඩුව සතුය. එම සුහද හමුව එතැනින් අවසන් විය.


ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී මංගල සමරවීර මහතා මුණගැසී තම පියාට ඔහු මුණගැසීමට අවශ්‍ය බව පැවසීය. ඒ සඳහා අරලියගහ මැදුරට පැමිණිය හැකිදැයි විමසීය. එවිට මංගල සමරවීර මහතා කියා සිටියේ කිසි ලෙසකින්වත් තමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට මෙම අවස්ථාවේ දී පැමිණිය නොහැකි බවත් අවශ්‍ය නම් තම බොල්ගොඩ නිවසට ඕනෑම විටක දී ජනාධිපතිතුමා වෙනුවෙන් විවෘත බවත්ය. එම අවස්ථාවේ දී නාමල් මන්ත්‍රීවරයාගේ පිළිතුර වූයේ තම පියා සමග සාකච්ඡා කර හෙට පිළිතුරක් ලබා දෙන්නම් යනුවෙනි. එහෙත් එදිනම සවස නැවත මංගල සමරවීර මහතාට කථා කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එදින රාත්‍රියේ තමා හා තම පියා බොල්ගොඩ නිවසට පැමිණෙන බව දන්වා සිටියේය. එනම්, ඒ නොවැම්බර් 3 වැනිදා රාත්‍රියයි. මංගල සමරවීර මහතා ද රාත්‍රී භෝජනය තම නිවසේ පිළියෙළ කළ අතර මෙම හමුව පිළිබඳව අවම තරමින් යම් සාක්ෂිකරුවකුවත් සිටිය යුතු බව සිතා තම පියාගේ නැගණිය එනම් තම නැන්දාව ද නිවසට ගෙන්වා ගත්තේය. තවද එදින රාත්‍රියේ ජනාධිපතිවරයා තම නිවසට පැමිණෙන බව චන්ද්‍රිකා මැතිනියට මංගල දැනුම් දුන්නේය. රාත්‍රියේ ජනාධිපතිතුමා හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මංගලගේ බොල්ගොඩ නිවසට පැමිණි අතර තිදෙනා අතර වූ සංවාදයේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ 1988- 89 සිදුවීම් හා ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වශයෙන් ගතකළ කාලයේ මතක සටහන්ය. වයින් උගුරක් ද රස බලමින් සිදුවූ මෙම සුහද කතාබහ අවසානයේ බොල්ගොඩ නිවසින් පිටව යාමට සැරසුණු ජනාධිපතිතුමා තම මෝටර් රථයට ගොඩවෙද්දී මංගල අමතා ‘මංගල අනිත් ටික බැසිල් එක්කයි නාමල් එක්කයි කතා කරගන්නකෝ’ යනුවෙන් පැවසීය.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මංගලගේ බොල්ගොඩ නිවෙසේ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site