IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය තනිකඩයෙකු වූ කැමරාවට සහ ස්වභාව සෞන්දර්යට ආදරය කළ ඔහුට ජනතාව ආමන්ත්‍රණය කළේ ‘‘බත්දුන් පියා’’ වශයෙනි. මා මේ ලියන්නේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක ගැනය.


ඔහු ඩී. එස්. සේනානායක ය. ඔහුගේ පියාවූ ලංකාවේ ප්‍රථම අගමැතිවරයාද ඩී.එස්. සේනානායක ය. ජනතාව ඔහුගේ පියාව හඳුන්වනු ලැබුවේ ජාතියේ පියා වශයෙනි. පියා දොන් ස්ටෙපන් සේනානායකය. මහින්ද රාජපක්ෂ පවුලෙන් වගේම සේනානායක පවුලෙන්ද පසුව ‘‘දොන්’’ කෑල්ල හැලී ගියේය. මහින්දගේ පියාගේ නම දොන් අර්වින් රාජපක්ෂය. (ඩී. ඒ. රාජපක්ෂ) 


ඩඩ්ලි ෂෙල්ටන් සේනානායකගේ පියාවූ ඩී. එස්. 1915 දී පන්ජාබ් සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන බ්‍රිතාන්‍ය හමුදාවට බාරදුන් අයුරු සහ යුද නීතිය හෙවත් ‘‘මාෂල් ලෝ’’ යටතේ ඔහු එල්ලා මැරීමට ඔන්න මෙන්න කියා තිබියදී එල්ලුම් ගහෙන් බේරුන හැටිත් වෙනම කතාවකි. 


මා මේ ලියන ඩඩ්ලි ශාන්ත තෝමස් විදුහලෙන් බොක්සින් (Boxing) ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනුවත් ඔහුට දේශපාලන බොක්සින් හුරු නැති බව ඔහුගේ ජීවිතය හාරා අවුස්සා බලන විට පෙනීයයි. 


ශාන්ත තෝමස් විදුහලේ ක්‍රිකට් කැප්ටන් ලන්ඩන්හි කේම්බ්‍රිජ් සරසවියෙන් බැරිස්ටර්වරයෙකු බවට පත්වී 1952 මාර්තු 26 දා ලංකාවේ සුක්කානම අතට ගෙන මුල් පුටුවේ වාඩිවූයේය. මේ ඩඩ්ලිව පුවත්පත් කර්තෘ ශ්‍රේෂ්ඨ ලේඛක ඩී.එච්. අභයසිංහ විසින් හඳුන්වනු ලැබුවේ ‘‘ජාතියේ සඳුන් රුක’’ වශයෙනි.
මේ ලියන්නේ 1936 දී ප්‍රථම වරට දැදිගමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වී තම පියාගේ අඩිපාරේ යමින් ජේ. ආර්. සමග දේශපාලනයෙහි නිරතවී කිසිදාක දේශපාලන වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේදී කැත කතා ජරා කතා, අසික්කිත කතා නොකී දූෂණය වංචාව, හොරකම පිටු දකිමින් ජනතාව සුඛිත මුදිත කිරීම ජීවිතයේ එකම අරමුණ කරගත් ඩඩ්ලි මැතිඳුන්ගේ ජීවන කතාව නොවේ. 


1915 දී ඩඩ්ලි හිටපු අගමැතිතුමාගේ පියා වූ ඩී. ඇස්.ට ඉංග්‍රීසි පාලකයින් එල්ලා මරා දැමීමට සිටියදී සමාව ලැබුනාක් මෙන් ඊට අවුරුදු 50 කට පසු එනම් 1965 දී බෝම්බ ප්‍රහාරයකින් ඩඩ්ලි දිවිගලවා ගන්නේ අනූනමයෙනි.


ලංකාවේ 6 වැනි මහා මැතිවරණය පවත්වන ලද්දේ 1965 මාර්තු 22 වැනිදාය. ඉන් ඩඩ්ලිගේ යූඇන්පිය ආසන 66 ක් දිනා ගත්තේය. සිරිමාවෝ මැතිනියගේ ශ්‍රීලනිපය දිනාගන්නේ ආසන 41 කි. ආසන 151 කින් සමන්විත පාර්ලිමේන්තුවේ අඩුම වශයෙන් ආසන 76 ක් දිනාගත් පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය හැකිය. ඡන්ද ප්‍රතිඵල අනුව ඩඩ්ලිට හෝ සිරිමාවෝ තනි ආණ්ඩුවක් පිහිටුවීම අපහසුයි. දිනය 1965 මාර්තු 23 වැනිදාය. සභාග රජයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ඩඩ්ලි එවකට රජුන් තනන්නෙකු වශයෙන් හදුන්වනු ලැබූ ලේක්හවුස් පත්‍ර ආයතනය මෙහෙයවූ එස්මන්ඩ් වික්‍රමසිංහගේ නිවසට ගියේය. ඔහු එස්මන්ඩ් සමග ඉතා සාර්ථක සාකච්ඡාවක් පවත්වනු ලැබීය. රජයක් පිහිටුවන අයුරු එස්මන්ඩ් ඔහුට කියා දුන්නේය. සාකච්ඡා නිමකර ඩඩ්ලි එස්මන්ඩ්ගේ නිවසින් පිටත්වූවා පමණකි. එම නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය.


මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද එය මෙහෙයවූයේ කවුරුන්ද යන්න තවමත් අභිරහසකි. බෝම්බ ප්‍රහාරය සිදුවන විට ඩඩ්ලි හෝ එස්මන්ඩ් හෝ නිවසෙහි නොසිටියහ. ඉන් එස්මන්ඩ්ගේ නිවසට බලවත් අලාභහානි සිදුවිය. බත් දුන් පියා හෙවත් ඩඩ්ලිගේ දිවි ගැලවුණ එක් අවස්ථාවකි මේ. ඩඩ්ලි එදා අනූ නමයෙන් දිවි ගලවා ගත්තේ මෙසේය. ඩඩ්ලි මෙම සිද්ධිය සිදුවූදාට පසුවදාම දමිළ හා තවත් දේශපාලන පක්ෂ කීපයක් සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. ඉන් වසර 8 කට පසු සිංහල අලුත් අවුරුදු උළෙල සමරන ජනතාව සෝ සයුරේ ගිල්වමින් ඩඩ්ලි සදහටම ලංකාවේදී දෙනෙත් පියා ගත්තේය. එස්මන්ඩ් වික්‍රමසිංහ මේ සිද්ධිය සිදුවී වසර20කට පසු එනම් 1985 සැප්තැම්බර් 29 දා ඇමෙරිකාවේ හුස්ටන් හිදී හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙළුවේය.


ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඩඩ්ලි එංගලන්තයට හා ඇමෙරිකාවට ගිය අවස්ථාවන්හිදී ගුවන් ගමන් ඇතුළු සියලු වියදම් පෞද්ගලිකව දැරූ බව කියන්නේ එවකට අග්‍රාමාත්‍ය ලේකම් පදවිය දැරූ බ්‍රැඩ්මන් වීරකෝන්ය. 


1970 මැයි 27 දා ලංකාවේ 7 වෙනි මහා මැතිවරණය පවත්වන ලදී. ඉන් ඩඩ්ලිගේ යූ ඇන් පිය දිනාගන්නේ ආසන 17 ක් පමණකි. සිරිමාවෝ මැතිනියගේ ශ්‍රීලනිපය ආසන 91 ක් දිනා ගත්තේය. ඊට පසුදා එනම් 1970  මැයි 28 දා පරාජය පිළිගෙන ඩඩ්ලි තම මෝටර් රථයෙන් බොරැල්ලේ වුඩ්ලන්ඩ්ස් මන්දිරය වෙත යමින් සිටියේය. බොරැල්ල මංසන්ධියේදී විශාල පිරිසක් මාර්ගය හරස්කොට ඩඩ්ලිට හූ කියන්නට පටන් ගත්හ.


ඩඩ්ලි තම රථයෙන් එළියට බැස්සේය. ඔය හූව මට නොවේ. ඔබලාටමයි. හූ කියා ගන්නේ’’ නිරහංකාරව එසේ කියූ ඩඩ්ලි රථයට නැගී වුඩ්ලන්ඩ්ස් වෙත ගියේය. ජනතාව හූ කීම නවතා දැමූහ. සිරිමාවෝ මැතිනිය ඊට පසුවදා රජයක් පිහිටුවනු ලැබීය. මෙම මැතිවරණයේදී ශ්‍රීලනිපය ආසන91 ක් දිනා ගනු ලැබුවත් මුළුදිවයිනෙන්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව දහ අට ලක්ෂ තිස්නව දහසකි. (18,39,979) යූ ඇන් පිය ආසන 17 ක් දිනාගෙන ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව දහ අට ලක්ෂ අනූ දෙදහසකි. (18,92,525) 
ගල්ඔය වැනි මහා ගොවිජනපද ව්‍යාපාර ඇරඹූ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ට එදා ජනතාව අපහාස කළේ ‘‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’’ යනුවෙනි. ඔහුට සහය දෙන අයට බත්ගොට්ටෝ යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබූහ. අවංක දේශපාලකයින්ට ලංකාවේ ජනතාව සලකන්නේ මෙහෙමය.

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (4)

බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි

Clarence Sunday, 15 March 2020 11:01 PM

හොඳ ලිපියක්. බදුල්ලේ ගම්බද පාරක ඇවිදගෙන යන මෙතුමා මට හමුවුහ. පුතා මොන පක්ෂේද යනුවෙන් කුඩා මගෙන් ඔලුව අතගා ඇසුහ. ලංකාවේ අවංකම දේශපාලකයා ඔහු බවට විවාදයක් නැත.

:       2       130

d.N Hettiarachchi Sunday, 03 May 2020 01:26 AM

ඔහු නියම මහත්ම ගතිගුණ ඇති උතුමෙක් ඔහුගේ කාලයේ ආණ්ඩුවේ හිටියේ ඉතාම විරල ගනයේ මැති අමෙතිවරුන්.

:       1       199

රිතික් Monday, 04 October 2021 08:45 PM

බත් දුන් පියා එදත් ඩඩ්ලි අදත් ඩඩ්ලි

:       9       9

ජල්තර Friday, 26 November 2021 11:42 AM

රිතික්....... ලංකාවේ සිටි උගත් ජන නායකයෙකු වූ ඩඩ්ලි සේනානායක මැතිතුමා, ජන පූජිත වූයේ ජනතාව පෙලමින් කටයුතු කිරීමෙන් නොවේ. එතුමා ජනතාවට නොමිලේ හාල් දුන්නේ අවංක චේතනාවෙනි. ජනතාව කෙරෙහි උපන් සැබෑ ආදරයෙනි. අද ඉන්නා ඩඩ්ලිලා ජනතාව ගේ කුසගින්න ආදායම් මාර්ගයක් කොට ගෙන, ඔවුන් පීඩාවට පත් කරමින් ජනතාව සූරා කන්නන් බව අමතක නොකරන්න. ඩඩ්ලි සේනානායක මහතා එවැන්නෙකු නොවේ. එතුමා මිය යන විට එතුමාගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් දහතුන ( 13 ) ක් බව ඉතා ප්‍රසිද්ධ රහසකි. එතුමා ගේ අවංක භාවය ගැන ඊටත් වඩා නිදසුන් ඇවැසි නැත. එවන් උතුමන් කිසිදු වැදගැම්මක් නැත්තවුන් හා සංසන්දනය කිරීමට උත්සාහ කිරීමත් මහා පාපයක්ම බව තේරුම් ගන්න.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 894 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 994 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site