සුදු ජාතිකයෙකු වූ ඔහු ආයතනයක උසස් නිලධාරියෙකි. ජීවත් වූයේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා සමඟය. ඔහුට රියැදුරෙකු, අරක්කැමියෙකු සහ නිවසේ ආරක්‍ෂාවට පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු ද ආයතනයෙන් සපයා තිබිණි.
ඉතා කාරුණික අයෙකු වූ ඔහු රියැදුරාටද, අරක්කැමියාටද, ආරක්‍ෂක නිලධාරියාටද මුදලින් උදව් කිරීමට නිරතුරුවම කටයුතු කළේය. සේවකයින් තිදෙනා නිවෙසට පැමිණ අවුරුද්දක් ගතවිය. තම මුදල් නිවසේ තැන් තැන්වල තැබීම සුදු මහතාගේ සිරිතය. දිනක් ඔහු රුපියල් ලක්‍ෂයක් පන් දහසේ නෝට්ටුවලින් ලබාගෙන නිදන කාමරයේ අල්මාරිය මත තැබීය. ඔහුට එය මතක් වූයේ මසක් ගතවූ පසුය.
මුදල් ගණන් කර බැලූ ඔහුට පන්දහසේ නෝට්ටු දෙකක් අඩු බව දක්නට ලැබිණි. බිරිඳ පැවසුවේ ඇය මුදල් නොගත් බවය. නිවස තුළට පැමිණෙන්නේ අරක්කැමියා පමණි. ඔහුගේ යහපත් ගතිගුණ නිසා ඔහු සැක කිරීමට සුදු මහතා මැලිවිය. සුදු මහතා, බිරිඳ සහ දරුවන් සමග දින කිහිපයකට තම මව් රටට ගියේය. රියැදුරාට සහ අරක්කැමියාට නිවාඩු ලැබිණි. සුදු මහතා ඇතුළු අය ආපසු පැමිණි පසු රියැදුරා සහ අරක්කැමියා සේවයට පැමිණියහ.
සුපුරුදු පරිදි කාලය ගෙවෙන්නට විය. සුදු මහතාගේ ළමයින් දෙදෙනා රටින් ගෙනා සෙල්ලම් බඩු නිවසේ තැනින් තැන විසිකර තිබිණි. දිනක් සුදු මහතාගේ මුදල් නැවත නැති විය. වහාම නිවස තුළ දමා තිබූ සෙල්ලම් බඩු ඔහු එකතු කරන්නට විය. ඒවා සීසීටීවී කැමරාය. අරක්කැමියා මුදල් සොරකම් කරනු එහි අගේට සටහන්ව තිබිණි. අරක්කෑමියා සේවයෙන් පහකෙරුණි.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙල්ලම් බඩුවලින් හොරා අතටම අහුවෙලා
sugath Wednesday, 05 June 2019 11:04 AM
මෙතරම් මුදලක් නිවෙස තුල තබා ගත් මොහු මෝඩ සුද්දෙක්.