IMG-LOGO

යාචක බෑගය දැක පොලිසියේ ඇස් උඩ ගිහින

(උණවටුන ඩී.ජී. සුගතපාල)

පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීමෙන් පසු ගාල්ල නගරයේ ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය. ගාල්ල පොලිසිය අවට ද කොටුවට පිවිසෙන මාර්ග ද කළුවැල්ල ප්‍රදේශය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව යොදවා තිබිණ. ඇඳිරි නීතිය පැනවීමත් සමග නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් ද දක්නට ලැබිණ.

රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාව ද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගනු ලැබීය. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පිරිසක් ද සිටිති. ඒ නගරයේ සිඟමනේ යෙදී සිටි යාචක පිරිස්ය. ඔවුන් අතර ගාල්ල පොලිසියේ තාප්පය අයිනේ සිට සිඟමන් යදින පුද්ගලයෙක් සිටියේය. ඔහු දිනපතා රාජකාරියට පැමිණෙන පුද්ගලයකු ලෙස පැමිණ තාප්පය අයිනේ සිට සිඟමනේ යෙදීම සිරිත විය.

ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කිරීමත් සමග ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් ඔහු ඉවත්වී නැත. පසුව ආරක්ෂක නිලධාරින්ගේ දැනුම්දීම මත පොලිසිය පැමිණ ඔහු පොලිසියට කැඳවාගෙන ගියේය. එහිදී ඔහුගේ බෑග් ඇතුර්‍ළු අනෙකුත් භාණ්ඩ දැඩි සෝදිසියකට ලක්කළේය. පොලිස් නිලධාරින්ගේ දෑස් උඩ ගියේය. නෝට්ටුවලින් පමණක් රුපියල් හතළිස් දෙදහසක මුදලක් යාචකයා සතුවිය.



අදහස් (0)

යාචක බෑගය දැක පොලිසියේ ඇස් උඩ ගිහින

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site