(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයකු වූ තම සැමියාට හා විශ්‍රාමික ගුරුවරියක වූ නැන්දම්මාට පහර දී ඔවුන් රෝහල් ගත කොට දික්කසාදය පතා ගිය උපාධිධාරි ගුරුවරියක පිළිබඳව පුවතක් එක්තරා ගමකින් අපට අසන්නට ලැබුණි. ඇය එක්දරු මවකි. සිද්ධිය මෙසේය.
දෙපාර්ශවයේ ආශිර්වාද මැද උජාරුවට ප්‍රසිද්ධ හෝටල් අතරේ පැවති මංගල්ලයකි. පසුව ඔවුහු සැමියාගේ මහ ගෙදර වාසය පටන් ගත්හ. ඒ අතරවාරයේදි එම කැදැල්ලට දියණියකද එක්වූවාය. නිවසේ තනියට නැන්දම්මාද සිටින්නීය. ගුරු දෙපළ රැකියාවට යන අතරතුර අත දරුවා රැක බලා ගන්නේද විශ්‍රාම සුවයෙන් පසුවන සැමියාගේ මව විසිනි . කාලය කෙමෙන් ගෙවී යද්දි එම විවාහක දෙපළ අතරේ අඩ දබරවීම් ඇති විය.
එය එන්න එන්නම වැඩි විය. දිනක් එලෙස රාත්‍රියේදී සුපුරුදු ලෙස පැවති අඩ දබර අතරේ යක්ෂ ආරූඪයක් ගත් ඇය සැමියාගේ පළඳින කණ්ණාඩි නවයක්ම පොළොවේ ගසා පාගා කඩා දැම්මාය. ඉන් පසු ඇය සැමියාට ද පහරදී අත දරුවා වඩාගෙන ගෙයින් නික්ම යාමට සැරසුණාය.
අත දරුවා ඇයගෙන් උදුරා ගත් සැමියා ඇය එලෙස පිටව යාම වළකාලීමට දැඩි උත්සාහයක් ගත්තේය. කුපිත වු ඇය දරුවා වඩාගෙන හිටගෙන සිටි සැමියාගේ යටි බඩට පා පහරක් එල්ල කළාය. ඒ සමගම ඔහු මොරදීගෙන බිම ඇද වැටී ඇත. පසුව නැන්දම්මාටද පහර පිට පහර දී ඇයගේ පිටද දරුණු ලෙසට සපා කා ඇත. අසල්වාසීහු දෙදෙනාම රෝහල් ගත කළහ.
ඒ අතරවාරයේදි රාත්‍රියේ නිවසේ තනි වු ඇය තම දරුවාද රැගෙන වෙනත් වාහනයක නැගී පොලීසියට ගොස් දික්කසාද වෙන බවට පැමිණිල්ලක්ද කොට ඉන් නික්ම ගොස් ඇත. රෝහලට ගිය සැමියා දැන් තම මව සමග එම නිවසේ පසුවෙන අතර ඇය තම මව්පියන්ගේ නිවසේ සිට සුපුරුදු සේවයට යන්නීය. සිද්ධිය සමථයකට පත් කිරීමට බොහෝ පිරිස් උත්සාහ කළද දික්කසාදය මිස නීරස වු යුගදිවිය යළි එපා බවට ඇය පවසන බව අසල්වැසියෝ කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යකා වැහුණු ගුරු බිරිය සැමියාගේ සහ නැන්දාගෙ හතර හන්දි කඩලා