මී මැසි ජනපදයකියි සිතා බඹර කූඩුවක් කඩන්නට යාමේදී බඹර ප‍්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු දැන් නිලමැස්සන්ටත් බයේ කල්ගත කරන පුවතක් සියනෑවේ මාඔය අසබඩ ගම්මානයකින් වාර්තා වේ. ඔහු සෑම දේටම පෙරට යන්නේ සියල්ල දත්තකු සේ ය. ඕනෑම දෙයක් මට පුළුවනි ඔහුගේ දහම ය. මාඔය අසබඩ ගම්මානයක මහ වත්තක මීයක් බැඳ ඇතැයි ලත් ආරංචිය මත ඔහු එහි ගියේ වතු හිමිකරු ද දන්නා අඳුනන අයකු වූ නිසාය.අනේ බලන්නකෝ මේ ගහේ මීයක් බැඳලා වතු හිමිකරු කීය.”බය වෙන්න එපා” මට මී කඩලා හොඳට පුරුදුයි. මේක කඩලා දාමු. ඔහුගේ වදන් සමග වත්තේ හිමිකරු ප‍්‍රමෝදයට පත්වූයේ තම දරුවන් මීයට ගල් ගැසුවොත් ලොකු විනාශයක් වනු ඇති බැවිණි. ඔහු කීවේ බොරුවක් බව වතුහිමියා නොදැන සිටියේය. සුරුට්ටුවක්ද දල්වාගෙන ඉනිමඟක ආධාරයෙන් ගසට ගොඩ වූයේය. මීයට කිට්ටු විය. සුරුට්ටු දුමින් මීයට පීඩා කරන්නට ගත්තේය. දුම වැදෙද්දී එහි සිටි බඹරු එකා දෙන්නා එළියට එනු දකිද්දී ඔහුට වැඬේ වැරදුණු බව සිහිවිය. අනේ මහත්තයා මේ මීයක් නොවෙයිනේ කෑ මොරදුන් හෙතෙම ගසෙන් බසිද්දී බඹරුන්ගේ ප‍්‍රහාරයට ද ලක්විය. වහාම රෝහල්ගත කළ ඔහු දැන් සුවය ලබා සිටී. නිලමැස්සකු දුටුවත් බියේ වෙව්ලමින් කල් ගත කරමින් නිවසටම වී සිටී. ඔහුගෙන් ”මී කැඩුවාදැයි” අසද්දී හොඳ දෙක තුනක්ද දැන් අසන්නට හැකිය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd