(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දැඩි සංචරණ සීමා මැද මල්ශාලාවක හිමිකරුටත් හොර රහසේ මල්ශාලාව ඇතුළේ කසිප්පු පෙරා විකිණීමේ යෙදුණු සේවකයකු ගෝඩා බැරලයක් සමග අත්අඩංගුවට ගැනීමට ගම්පහ දිසාවේ පොලිසියකට පසුගියදා හැකි විය.
ප්‍රදේශයේ අවමංගල කටයුතු සිදු කෙරෙන මල්ශාලාවක හොර රහසේ කසිප්පු පෙරණ බවට ලත් තොරතුරක් අනුව පොලිස් පිරිසක් කළ වැටලීමකදී මේ බව හෙළි වී ඇත.
පොලිසිය යන අවස්ථාවේදී පෙරීමට සූදානම් කෙරුණු ගෝඩා බැරලයක් හා උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකි වී ඇත. සංචරණ සීමා පැවැතියදී කලක් තිස්සේ ඉතාමත් රහසිගතව සේවකයා මල්ශාලාවේ පසෙක කසිප්පු පෙරා විකුණා ඇති බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
පොලිස් පරීක්ෂණ කෙරෙද්දී කසිප්පු පෙරූ බව කියන සේවකයා ඉදිරිපත් වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් කටුස්සන්, ගැරඬින්, තලගොයින් වගේ සත්තු දාලා තමයි මේ බීම පදමට හදාගත්තේ. ඒත් දැන් එම්බාම් කරනකොට බඩෙන් එළියට ගත්ත ඒවා යවා ඔක්කොමත් එකට දානවලු... එහෙනම් චියර්ස්...!!!