වස්දොස් යන්නට චාරිත‍්‍රයක් අකුරට ඉටු කිරීමට ගොස් දැරිය නොහැකි පාඩුවක් සිදුවූ කතාවකි මේ. පදිංචි ගමේ වුවත් ඔහු අතගත් මනාලිය අගනුවරට සමීපයැයි කියන ප‍්‍රදේශයකය. එනිසාම මංගල්‍ය ජයටම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ලටම අවශ්‍යයව තිබිණි. ඒ සඳහා තරු හෝටලයක් තෝරා ගැනිණි. කකුල්වල එල්ලෙන කූඩැල්ලන් ගලවමින් ගමේ අතුරු මාර්ගයෙන් ප‍්‍රධාන මාර්ගයට පිවිසි මනමාලයා ඇතුළු පිරිස එහි නවතා තිබූ සැප වාහනයෙන් අගනුවරට පැමිණියහ. ප‍්‍රසස්ති සහිත පිළි ගැනීමේ ගීත බෙරනද නර්තන මධ්‍යයේ දෙපාර්ශවයේම පිරිස උත්සව ශාලාවට ඇතුළු වූහ. උත්සව ඇරඹී මුලින්ම විවාහය ලියා පදිංචි විය. අනතුරුව ආරම්භවූයේ කතාවට මූලාශ‍්‍රවූ පෝරුවේ චාරිත‍්‍රයයි. ශ්ලෝකද ගලාගිය අෂ්ඨක අර්ථවත්ය. සියල්ල අංග සම්පූර්ණය. කෝ......කෝ......ඔය පොල් ගෙඩිය මෙහාට ගේන්න. වැඩිහිටියෙක් දෙස බලා අෂ්ඨක ගුරුන්නාන්සේ කීය. වටපිට බලමින් එකිනෙකා මූණ බැලීය. ඒ සඳහා කෙනකු නැත. පොල්ගෙඩිය කැත්ත කපුරු පෙත්ත සූදානම්ය. කපුරු පෙත්ත පොල් ගෙඩිය මත දල්වා තැබූ අෂ්ඨක ගුරුන්නාන්සේ තම කටයුත්ත ඉදිරියට කරමින් උගුරේ රැල් බුරුල් කර තවත් ගාථා පාඨයකට මුල පිරීය. කෝ....කෝ මේ පොල්ගෙඩිය බිඳින මාමා......පිරිස අතර කසු කුසුවකි. මෙහෙ එන්න මෙහෙ එන්න අසල සිටි අයෙක් තවත් අයකු අමතා ඉදිරියට ගෙන්වා පොල්ගෙඩිය බිඳින රාජකාරිය පැවරුවේය. ඔයාට තියෙන්නේ අතනින් කිව්වාම. පොල්ගෙඩිය එක පාරින් බිඳෙන්න ගහන්නයි. හරි හරි ඔහු වැඬේ භාර ගත්තේය. වේලාව ආවේය. හරි හරි බිඳින්න බිඳින්න ඉහළින් අණ ලැබුණේය. දඩාං... මන්නා පාරක් පොල්ගෙඩියට එල්ල කළේය. පිඟන් ගඩොල් මත තිබූ රෙදි කැබැල්ලක්ද සමගින් පොල් ගෙඩිය මීටර් 20ක් පමණ දුරට විසිවී ගියේය. අභිනවයෙන් පත් කළ මාම කලබල විය. වහා එතැනට දිව ගියේය. තවත් පාරක් එල්ල කළේය. එතැනටද වහා දිව ගිය ඔහු තවත් පාරක් පොල් ගෙඩියට එල්ල කළේය. එවිටද පොල් ගෙඩිය පිඟන් ගඩොල් මතින් ලිස්සා ගොස් තවත් තැනක පතිත විය. පෝරුව අවට එක්ව සිටි පිරිසගේ කසුකුසුව වැඩි විය. පොල්ගෙඩිය හඹාගිය අභිනව මාමා තවත් පාරක් එල්ල කිරීම සඳහා මන්නය ඉහළට එසවූයේය. සලාං ! බලාං ! යුවල පෝරුවෙන් බසිද්දී එහි වස්දොස් යාම සඳහා ඇසෙන පොල් ගෙඩියේ ශබ්දය වෙනුවට මුළු හෝටල් ගොඩනැගිල්ලම දෙවනත් කරමින් මිටෙන් ගැලවී ගිය මන්නා තලය හෝටලයේ ජනෙල් වීදුරුවක් බිම පතිත විය. විවාහ මංගල උත්සවයේ පිඟන් 40කට ගෙවිය යුතු මුදලට සමාන මුදලක් වීදුරුව සඳහා ගෙවීමට දෙපාර්ශවයම එකඟ විය.
සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මඟුල් ගෙදර පොල්ගෙඩිය බිඳින්න ගිහින් පිඟන් 40 ක අලාභයක් ගෙවන්න වෙලා
තීක්ෂණ Friday, 23 March 2012 09:30 AM
අපිට හරි හිනා!
කටුවන Friday, 23 March 2012 10:08 AM
ඔව් අනේ මටත් හරි හිනා.
මධූ Friday, 23 March 2012 10:12 AM
මාර හිනා
රංජිත් Friday, 23 March 2012 10:46 AM
හිනා කාලා මැරෙනවා
ඉලංක Friday, 23 March 2012 12:16 PM
චාරිත්‍ර කළයුතුයි හරි පුද්ගලයව තෝරා ගත යුතුයි මීහරක් නැතුව.
හිම්සි Friday, 23 March 2012 01:10 PM
හකුරු කන්න ගුරෙක් ඕනෙලු කියලා අපේ සිංහල කියමනක් තියෙනවා.
සයිමා Saturday, 24 March 2012 02:47 AM
ඉලංකට දෙන්න තිබ්බේ පොල් ගෙඩිය බිදින්න...ටයිල් පොළොවක තියලා පොල් ගෙඩියක් බිදින්න නම් කොහොමත් අමාරුයි.අනික අද කාලේ හැටියට පිටි කල පොල් කිරි පැකට් එකක් තමා ඕකට හරි යන්නේ......හරි හිනා...