IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බීලා ගෙදර ආ සැමියාට බිරිය අමු කරවල කවලා

(මැදගම රම්‍යලතා පද්ම කුමාරි)
රාත්‍රී ආහාර වේලෙහි රස සෙවූ බීමත් සැමියකුට ඇඟට නොදැනෙන්න අමු කරවල දුන් බිරිඳක් පිළිබඳ අපූරු කතා පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය.


දැනගන්නට ඇති ආකාරයට සිද්ධිය මෙසේය.


මෙම නිවසේ බිරිය සැමියා  හා දියණිය ජීවත්ව ඇති අතර දිනක් දියණිය නිවසින් පිටව ඥාති නිවසකට ගියේ එදින නැවත නිවසට නොඑන බව පවසමිනි.


දියණියත් නොමැති නිසා මව හනිකට හොද්දක් සාදා සුපුරුදු ටෙලිනාට්‍ය නරඹමින් සිටියාය. දිනපතාම වෙරිමර ගාතේ නිවෙසට පැමිණෙන සැමියා රාත්‍රී ආහාර වේල භුක්ති විඳින ගමන් “ඈ බන් ගෑනියේ මේ හොද්දට කරවල කෑල්ලක්වත් දැම්මේ නැද්දැයි” දොස් කියන්නට විය.


කතාව දුර දිග ගියොත් නවතින්නේ ගුටිබැට වලින් බව දන්නා බිරිය කරවල දැම්මා හොද්දේ ඇතැයි පවසමින් මුළුතැන්ගෙට දිව ගියාය.
ලිප ළඟ එල්ලා තිබූ කරවල කෑල්ල ගෙන පෙති දෙක තුනක් කපා හොද්ද⁣ට දමා විගසින් සැමියාගේ පිඟානට බෙදා ”හොද්දෙ අඩියේ තිබුණේ කලවම් කරලා ගන්න එපැයි” කියමින් අමු කරවල බෙදා ගුටියෙන් බේරුණාලු.



අදහස් (2)

බීලා ගෙදර ආ සැමියාට බිරිය අමු කරවල කවලා

himal Friday, 08 June 2018 06:01 AM

ඇතැම් රටවල වියළි හාල්මැස්සන්, කරවල ආදිය අමුවෙන්ම තමයි ආහාරයට ගන්නේ.

:       3       21

dasun Friday, 08 June 2018 08:54 AM

බේබද්දගෙන් බිරිඳට ලැබෙන ගුටි බැට ගැන මොකද කියන්නේ. බීගෙන ආව එකාගෙන් ගුටිකන එක තාමත් ගැහැනියගේ අයිතිය බවයි මේ කතාවෙන් කියන්නේ.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 586 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site