IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බයිසිකලේ ගෙදර තියා ඇවිත් නගරය පුරා හොයලා

ඔහු නගරයට ගියේය. යතුරු පැදිය නැතිවිය. පැමිණිල්ලක් කරන්නට පොලිසියට ගියේය.

ඔහු නිතරම සෑම ගමනක් බිමනක්ම යතුරු පැදියෙන් යන්නෙකි. ඔහු පසුගිය සති අන්තයේ නගරයට ගියේ බසයෙනි.

නගරයේ සිය අවශ්‍යතා ඉටුකරගත් ඔහු තමන් පුරුදු පරිදි යතුරු පැදිය නවතන ස්ථානයට ආයේය. යතුරුපැදිය එහි නැත. සාක්කුවට අත දමා බැලූවත් යතුරද නැත. ඔහුගේ හිස ගිනි ගත්තේය. අලූත් යතුරුපැදිය මිලට ගෙන මාස දෙක තුනකි.

ඔහු දැඩි කල්පනාවෙන් සිටියදී මිතුරෙක් හමුවිය. මිතුරාට සිද්ධිය කීවේය. පොලිසියට පැමිණිල්ලක් කරන්නැයි මිතුරා උපදෙස් දුන්නේය. ඔහු පොලීසියට පියමං කළේය. දන්නා හඳුනන පොලිස් නිලධාරියකුට සිද්ධිය කීවේය.

මෝටර් සයිකලේ වර්ගය හා අංකය පොලිස් නිලධාරියා විමසීය. එහි වර්ගය කිව්වත් අංකය කියන්නට ඔහුට මතක තිබුණේ නැත. ඔහු කළේ නිවෙසට දුර ඇමතුමක් ගැනීමය. අනේ බයිසිකලේ නොම්මරය කියන්නකෝ. ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේය. ඒ මොකටදැයි බිරිය විමසුවාය. යතුරුපැදිය නැතිවූ පුවත ඔහු බිරියට කීවේය.

අනේ, අනේ... බයිසිකලේ මේ ගෙදර තියෙන්නේ. ඔයා අද බස් එකේනේ ටවුන් ගියේ. ඇය එහුට කියද්දී සියල්ල යළි සිහිපත් කළ හෙතෙම පොලිස් නිලධාරියාට ”වැරදීමක් වුණා.” කියා නිවෙස බලා පියනැගීය. ඔහු සියනෑවේ වැසියෙකි.



අදහස් (0)

බයිසිකලේ ගෙදර තියා ඇවිත් නගරය පුරා හොයලා

මුදිත Wednesday, 12 March 2014 10:22 AM

පිස්සු කෙනෙක්. ගෙදර අයවත් ඔහොම අමතක වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ජානක Sunday, 16 March 2014 01:47 PM

සමාජයේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල් (දී)

:       0       0

ජගත් සෞදි Sunday, 16 March 2014 01:47 PM

රටේ ප්‍රසිද්ද මානසික වෛද්‍ය වරෙක් දවසක් ගාල්ලේදී ඔහොම කරදරයක් වුනා . ඔහුගෙ කාර් නවත්තපු තැන අමතක වී (දී)

:       0       0

ගමගේ Wednesday, 12 March 2014 10:30 PM

මේක විහිළුවක් නොවේ. අද කලේ ගොඩක් අයට තියෙන ලෙඩක්. ඒකට බෙහෙත් ගන්න ඕනේ. ඒත් මිනිස්සු කැමති නෑ ඇත්ත පිලී ගන්න.(නදී)

:       0       0

පිටිගල Wednesday, 12 March 2014 12:02 PM

තව පොඩ්ඩෙන් සියනෑවෙ වැසියාට සියතින්ම නා ගන්න වෙනවා!(දී)

:       0       0

සදුපමා Wednesday, 12 March 2014 12:06 PM

මෙයාව හොද දොස්තර කෙනෙක්ට පෙන්නන්න (දී)

:       0       0

නිරුවන් Friday, 14 March 2014 10:06 AM

මොනවා උනත් හිනා වෙන්න හොදයි (දිල්)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 13 March 2014 08:54 AM

අපෝ ඔවැනි දේවල් කටත් වෙනවා. ඕකට කියන්නේ ටෙම්පරරි මෙමරි ලොස් කියල. සමහර වෙලාවට කාපු පිඟාන හෝදලා ශීතකරනෙට දාන වෙලාවල් තියෙනවා. යම් දෙයක් නිතර නිතර කරනකොට පුරුද්දට යාම නිසයි එහෙම වෙන්නේ. (අ)

:       0       0

සරත් Wednesday, 12 March 2014 02:14 PM

ඕව ඔහොම තම. මම නාන්න ගිය දවසක් සබන් කෑල්ල කියලා ෆෝන් එක අරගෙන. (දී)

:       0       0

ජනකී Thursday, 13 March 2014 12:04 PM

අනේ මට හිනා යනවා ,(අ)

:       0       0

රවිඳු Wednesday, 12 March 2014 03:54 PM

මේක නම් විස්වාස කරන්න බැහැ . අඩු ගානේ හෙල්මට් එකවත් තියෙන්න එපයි මෝටර් සයිකලේ ආවා කියල හිතනකොට. (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Saturday, 15 March 2014 10:10 PM

එදා බීලා වැඩිවුණා මනුස්සයාට බයිසිකලේ හොයා දුන්නෙත් පොලිසියෙන් නේද?මේ එයාමද?(දී)

:       0       0

මලිත් Wednesday, 12 March 2014 04:05 PM

මේක මහා විහිලු කතාවක් වගේ (දී)

:       0       0

ගුණවර්ධන Thursday, 13 March 2014 04:18 PM

ණයක් ගත්තු මිනිහෙක්ට හැදෙන්න ඕන හොදම ලෙඩේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 March 2014 07:23 PM

පුදුම අමතක වීමක්නේ එක.යතුර හොයද්දීවත් මතක් උනේ නැද්ද අනේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පෝදා පස්පවින් මිදෙන්න සෝයාවෙනුවට කුකුළා උයලා
2024 ඔක්තෝබර් මස 04 747 0

මස් මාළු නොඋයා පෝදා පස් පවින් මිදීමට සෝයා මීට් උයන්න ගොස් ප්‍රාණඝාත රැසක් සිදු කළ කතක ගැන කතාවක් අම්බලන්ගොඩ අලු‍ත්වලින් ඇසේ.


හතරගාතෙන් ඇවිත් ඉඳුල් වතුර නාලා
2024 ඔක්තෝබර් මස 03 600 0

වෙරි මරගාතේ කළුවරේ තම නිවසට යැයි සිතා අසල්වැසි නිවසකට පිටුපසින් යමින් සිටියදී ඉඳුල් වතුර කොරහක් නා ගත්ත අපූරු වයෝවෘද්ධ පස් දරු පියකු පිළිබඳ පුවතක් කෑ


ගෑනු හඩට දිගේත් කැඩෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 02 1033 0

අන්සතු කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට සැමියා ගැන සැක සිතූ බිරිය සැමියා අතරේ අඬදබර කර ගත් පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබුණි. සි


බීපු තාත්තාගෙන් ලොකු පුතාට අපූරු උපදෙසක්
2024 ඔක්තෝබර් මස 01 933 0

මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පි


යතුරේ හුටපටයෙන් උපාසකයාගේ රෙදි ගැලවිලා
2024 සැප්තැම්බර් මස 30 965 1

සමාජ සේවකයකු ලෙස ප්‍රදේශයේ කීර්තිමත් නමක් දිනා සිටි ව්‍යාපාරිකයකුගේ වෙස් මුහුණ ගැලවී ගිය අපූරු පුවතක් රජරට ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


තේමා ගීතය මාරු වී සංවිධායකයන්ගේ රෙදි ගැලවිලා
2024 සැප්තැම්බර් මස 27 980 0

පසුගියදා පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් ඇමතීම සඳහා ජනප්‍රිය දේශපාලන පක්ෂයක උපප්‍රධාන නායකයකු පැමිණෙන අවස්ථාවේ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39078 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 319 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site