IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිසියෙන් කියලා හිතලා කබරයකුට වැඳලා

(පස්ගොඩ - තිලක් එච්. ගමගේ)
බුරුවා ගැහීමට ඇබ්බැහිවූ ගමේ පිරිසක් පාළුවට ගිය නිවසක හොර රහසේ සූදු කෙළින බවට පොලිසියටද ඉව වැටී තිබිණි.


උපාය දූතයකු යොදවා වැටලීම සිදුකිරීමට අදහස් කළ පොලිසිය දිනක් සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරී පිරිසක් ත්‍රිරෝද රථයකින් ගමට පැමිණීයේ කිසිවකුටත් අවිශ්වාසයක් ඇති නොවන පරිදිය.


සුදුව ජයටම යද්දී සූක්ෂම අන්දමින් තිප්පොළ වැටලූ පොලිස් නිලධාරීන් සුදු කෙළියේ නිරතවූවන් අල්ලා අත්අඩංගුවට ගනිද්දී තව පිරිසක් හිස් ලූලු අත පලාගියහ.


පස්සෙන් පන්නන පොලිසියට බියෙන් මේ අතර සිටි සෝමදාස පණ එපා කියා පැන දිව්වේය. ලඳු කැලෑ බඩ වැටි අතරින් හිස හැරුණ අතේ දුවන සෝමදාසගේ පය ලිස්සා ඇද වැටුණේද කෙටල ගාලකින් පිරි මඩ වගුරු බිමකටය.


මඩ වතුර පෙව් මඩ නාගත් සෝමදාසගේ පිටි පැත්තට වැදුණ පහරකින් උඩබිම නැතිවිය.


බුදු රාලහාමි ගහන්න එපෝ ඔහු කෑ ගැසීය.


ඒ සමගම තවත් පහරක් වැදුණේ කොන්ද හරහාටය.


ආයාසයෙන් මඩවතුරෙන් ගොඩට ඇදුණ සෝමදාස බිම පෙරළී ඇද වැටුණේ අනේ බුදු රාලහාමි මහත්තයෝ මම ලෙඩෙක්. මට ගහන්න එපා. පිංසෙණ්ඩු වෙමිනි.


අත්දෙක එක්කර වැඳගෙන හිස ඔසවා බැලූ සොම්දාටෙ ඇතිවූයේ විමතියකි. තමාට පහර දුන්නේ කවුරුදැයි ඔහු වට පිට බැලීය.


බාව උස්සාගෙන හිස ඔසවා කලබලයෙන් දිව ඇදගෙන තමාදෙස බලාසිටින දැවැන්ත කබරයකුට තමා වැඳගෙන සිටින බව දැනී මහත් ලජ්ජාවකට පත්විය.

 



අදහස් (0)

පොලිසියෙන් කියලා හිතලා කබරයකුට වැඳලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site