IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පයින් යන තරුණියන් පේන්න බැරි තරුණයා මාට්ටුවෙයි

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

අඳුර වැටෙමින් පවතින අවස්ථාවලදී මහමග පයින් ගමන් ගන්නා තරුණියන්ගේ පපු පෙදෙස තදින් මිරිකා පලා යාමට පුරුදුව සිටි තරුණයකු පස්වන තරුණියගේ පපුව මිරිකා පලා යද්දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පෙරේදා (3) පොලිසියට බාරදුන් බව හලාවත පොලිසිය කියයි.

තරුණිය 21 වියේ පසුවන්නියක වන අතර ඇය පෙරේදා (3) පස්වරු රැකියාවට ගොස් ආපසු ගෙදර යමින් සිටියදී දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් ගමන් කරමින් සිට ඇත.

ඒ අතර ඉදිරියෙන් වැනි වැනි තරුණයකු ද පැමිණ ඇති බවත් ඔහු තරුණිය ආසන්නයට පැමිණි සැණින් පැන තරණියගේ පපු පෙදෙස තදින් කිහිප වරක් මිරිකා පලා ගිය අතර වේදනාවට පත් තරුණිය විලාප නගන අතර පැමිණ කාන්තාවක් සිද්ධිය දැක අසල්වාසීන්ගේ සහය ඇතිව පලා යන තරුණයා අල්ලා පොලිසියට බාරදී ඇත.
 
මෙම තරුණයා මෙයට කලින්ද මෙලෙසින්ම මහ මග යමින් සිටි කතුන්ගේ පපු පෙදෙස් මිරිකා පලා ගිය බවට පැමිණිලි රැසක්ම ලැබී ඇති බවත් ඔහු එවැනි ක්‍රියාවක් කර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව බවත් පොලිසිය කියයි.

සැකකරු ඊයේ (4) හලාවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්ෂක ජෝතිපාල මහතා පරීක්ෂණ සිදු කරයි.



අදහස් (6)

පයින් යන තරුණියන් පේන්න බැරි තරුණයා මාට්ටුවෙයි

රිතික් Monday, 05 June 2017 05:12 AM

මට නම් එපා වෙන්නේ සෙනඟ පිරුණු බස්වල යන තරුණියෝ තමා...

:       133       21

maalakaTuesday, 06 June 2017 05:39 AM

ඔයා ගානේ වෙනම බස් එකක් දෙන්නකෝ තරුණියන්ට නැගල යන්න

:       3       38

ishanSaturday, 10 June 2017 05:55 AM

මෙයාව වෙනමම යැව්වා නම් හරි පාරේ තනියෙන්ම...

:       3       85

shanika Monday, 05 June 2017 10:46 PM

රිතික්... ලංකාවේ සෙනඟ නැති බස් කොහෙද තියෙන්නේ...? අනිත් එක මොන කාරණයක් නිසාද ඔයාට ඒ වගේ තරුණියෝ පේන්න බැරි...?

:       3       3

රිතික්Friday, 09 June 2017 01:20 PM

මම අදහස් කලේ මම යන්න කැමති සෙනඟ පිරුණු තරුණියෝ වැඩිපුර ඉන්න බස්වල තමයි...

:       4       68

nuwan sagara Tuesday, 06 June 2017 03:45 AM

ඉතාමත් හොදයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 509 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site