IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පෙමට වළ කැපුවැයි යකා නැගලා: බසයකදී තරුණියකගෙ කොණ්ඩය කපලා

(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

තම ප්‍රේම සම්බන්ධය කඩා බිඳ දැමූ බව කියන තරුණියගේ හැඩ හුරුකම් ඇති තරුණියක් දුටු 19 හැවිරිදි තරුණයකු බස් රථයකදී කතුරකින් ඇයගේ කොණ්ඩයෙන් අඟල් 19 ක කොටසක් කපා දමා ඇති අතර පයාගල පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙය සිදුවී ඇත්තේ පෙරේදා (28) දහවල් 12.30 ට පමණ පයාගල ප්‍රදේශයේදීය. පයාගල පොලිසියේ රථවාහන අංශයේ සැරයන් (21764) පද්මසිරි සහ කොස්තාපල් මංජුල (35203) යන මහත්වරුන් උතුරු පයාගල ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටින විට කොළඹ සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් නතර කළ අතර එහි රියැදුරා කියා සිටියේ බස් රියේ සිටි 21 හැවිරිදි තරුණියගේ කොණ්ඩය කතුරකින් කැපූ තරුණයකු බස් රියෙන් බැස පැන දිවු බවයි. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගේ කලිසම් සාක්කුවක තිබී කතුරේ ප්ලාස්ටික් කවරය ද බස් රථය තුළ තිබූ අඟල් 19 ක් දිගැති වරලස කොටස හා කතුර ද පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ තමා බලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකින් උසස් පෙළ සමත් වූ අයකු බවත් තම පාසලේම සිසුවියක සමග ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධයක් බිඳී ගියේ එක්තරා තරුණියක පෙම්වතියගේ මවට කී කේලම් බස් නිසා බවත් පොලිසිය කියයි. මෙසේ කේලම් බස් කී තරුණියාගේ හැඩරුව පෙම්වතිය තමා සමග පවසා ඇති බවත් එහෙත් තමා ඇය මින් පෙර දැක නැති බවත් ඔහු පවසා තිබේ.

සිද්ධිය වූ 28 වැනි දින තමා ත්‍රිරෝද රියක් බැලීම සඳහා මොරටුවට ගොස් ආපසු එමින් සිටිය දී පෙම්වතිය කී හැඩරුව සහිත තරුණියක් කටුකුරුන්ද හංදියේ සිටිනු දැක ඇයට දඬුවමක් ලබාදීමට සිතා එතැනින් බැස ඒ අසල වෙළෙඳසැලකින් රුපියල් 60 කට කතුරක් මිලට ගත් බව ද ඔහු පවසා ඇත ඉන්පසු ඇය ඇල්පිටිය බලා යන බසයට ගොඩ වූ බවත් තමා ඇය සිටි අසුනට පිටුපස අසුනේ වාඩිවී සිට ඇයගේ කොණ්ඩය කැපූ බවත් ඔහු ප්‍රකාශ කොට තිබේ. සැකකරු ඊයේ (1) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ පයාගල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ධම්මික මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන් පද්මසිරි (21764) සහ කොස්තාපල් මංජුල (35203) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.



අදහස් (0)

පෙමට වළ කැපුවැයි යකා නැගලා: බසයකදී තරුණියකගෙ කොණ්ඩය කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 181 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site