(උණවටුන ඩී. ජී. සුගතපාල)
මුහුදේ නාවන්නට ගෙනෙන ලද සුනඛයකුගේ ඉවෙන් වෙරළේ වළදමා තිබූ අත් බෝම්බයක් සොයාගැනීමේ පුවතක් රත්ගම පොලිසියෙන් වාර්තා විය. එම ප්‍රදේශයේ තරුණයින් කිහිපදෙනෙකු රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ දිය නෑමට පැමිණ ඇති අතර එක් අයෙකු නිවසේ ඇතිකරන බල්ලා ද රැගෙන පැමිණ තිබේ.
වෙරළට පැමිණි ඔවුන් බල්ලා පොල්පැළයක ගැටගසා මුහුදට බැස ඇත. මේ අතර බල්ලා ලැගීමට වැලි හාරමින් සිටියදී මතුවූ බෝලයක් වැනි යමක් සමග සෙල්ලම් කිරීමට පටන්ගෙන තිබේ. ගොඩට පැමිණි තරුණයින් බල්ලා සෙල්ලම් කරන්නේ කුමක් සමග දැයි සොයා බැලීමේදී එය බෝලයක් නොවන බව දැනගෙන පොලිසියට දැනුම්දී ඇත. පසුව පොලිසිය පැමිණ එය අත් බෝම්බයක් බව හැඳිනගැනීමෙන් පසු බූස්ස හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රිය අංශයට දැන්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීහු පැමිණ එය නිශ්ක්‍රිය කළහ. මෙම බෝම්බය කුමන අරමුණක් සඳහා ගෙනැවිත් වෙරළේ සඟවා තබන්නට ඇද්ද යන්න පිළිබඳව රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නාවන්න ගිය සුනඛයා අත්බෝම්බයක් සොයාගෙන
tony Wednesday, 01 May 2019 02:01 PM
අනේ කොයිතරම් වටිනා බල්ලෙක්ද, බල්ලෙක් නෙමේ මිනිසුන් වගේ එයාව අපේ හමුදාවට බාරදෙන්න හොඳට හදලා ගනීවි. අපේ රට අපිව දවසක බේරාගනීවි...