නංගිගේ නාට්‍ය පිස්සුව නිසා අක්කාගේ පෙම් සබඳතාවට කණ කොකා ඇඬීමේ පුවතක් අසන්නට ලැබුණේ පානදුර ප‍්‍රදේශයෙනි. සෞන්දර්ය පීඨයේ ඉගෙනුම ලැබූ මේ නංගී කටකාරය. අක්කා අහිංසකයි. විවාහ විය යුතු වයස ඉක්මවා සිටි අක්කාට හදිසියේ පෙම්වතකු හමුවූයේ තම කාර්යාලයේදීමයි. ලාබාල වියේ සිටි ඔහුට අක්කා සිය නිවසට එන ලෙස ආරාධනා කළ විට ඔහු ආවේ කුලෑටි ගතියකිනි. ඔහු සමඟ මඳක් කතා කළ ඇය තේ සංග‍්‍රහය සැකසීමට ගෙට ගියාය. මේ වනවිට ඉදිරිපස කාමරයේ යෙහෙළියක සමඟ සිටි නංගී ”කපුවා කපෝති” නාට්‍යයක රඟපෑමේ යෙදී සිටියාය. ”හෙමිජ්ජ වගේ හිටියට මනමාලකම ඔළුවට ගහල. උඹට ලජ්ජා නැද්ද මිනිහො” ඇය දෙබස උස් හඬින් කීවේ අමුත්තකු පැමිණි බව නොදැනයි. යෙහෙළියද සිනාසුණාය. අක්කා තේ රැුගෙන සාලයට එනවිට ඔහු එහි නොවීය. පසුවදා කාර්යාලයට ගිය විට ඇයට දැන ගන්නට ලැබුණේ මේ සබඳතාවට නැවතීමේ තිත තබා ඇති බවලූ.