ස්මාර්ට් ජංගම දුරකතන තුනක් සොරාගෙන පළා ගිය තරුණයකු පොලිස් නිලධාරිණියක විසින් පෙම්බස් දොඩා භාණ්ඩත් සමඟ අත්අඩංගුවට ගනු ලැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සැකවින් මෙසේය.
තරුණයන් තිදෙනකු අවිස්සාවේල්ල නගරයේ නේවාසිකාගාරයක ලැගුම් ගෙන සිට ඇත. ඔවුහූ එම නගරයේ වෙළෙඳ සලක සේවකයෝ වෙති. වෙනත් වෙළෙඳ ආයතනයක සේවයකු ද තාවකාලිකව මෙම නේවාසිකාගාරයේ නතර වී ඇත. නේවාසිකව නතර වී සිටි තිදෙනා පිටතට යන අවස්ථාවක නේවාසිකව තාවකාලික ලැගුම් ගෙන සිටි තරුණයා ජංගම දුරකතන තුන සොරාගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියේ පොලිස් පොතේ ද සටහන්ව තිබිණි. ලද දුරකතනයක් අනුව එම පොලිසියේ පොලිස් නිලධාරිණියක් සැකකරුගේ ජංගම දුරකතනයට ඇමැතීම් කීපයක් ගත්තාය. එහෙත් කිසිම ප‍්‍රතිචාරයක් එයින් නොලැබිණි. පසුව ගන්නා ලද ඇමතුමක් ඔහු හා ඈ දුරකතන සංවාදවලට සම්බන්ධ වී තිබේ. ඇයට දුරකතනය තුළින් පෙම්වතුන් බවට පත්වීමට වැඩි දින ගණනාවක් ගත වී නැත.
‘‘අනේ පෙම්වතෙක් නැතුව සිටි මට පෙම්වතෙක් ලැබුණා යැයි ඕ වරෙක පැවසූවාය.”
”අනේ ඔයා මා බලන්න කවදද එන්නේ.’’ ඇය ඔහුගෙන් වරෙක ඇසුවාය. ‘‘අනේ පැටියෝ හෙටම එනවා අවිස්සාවේල්ලට’’ ඒ ඔහුගෙන් ලද පිළිතුරයි. එම පිළිතුර දී පසුදින උදාවිය. නැවතත් ” පෙම්වතාගේ” ජංගම දුරකතනයෙන් ලැබුණේ මෙවැනි පණිවිඩයකි. මම අවිස්සාවේල්ලට ඇහැළියගොඩ බස් එකෙන් එනවා.
දැන් ගැටහැත්ත පාස් කරලා. කොහොම වුණත් පැය භාගයක් ඇතුළත අවිස්සාවේල්ල බස් නැවතුමට එනවා. මම වාඩිවෙලා ඉන්නෙ බස් එකේ පසුපස ආසනයේ බව ද කියා ඇත. පොලිස් නිලධාරිණිය නේවාසිකාගාරයේ අයකු සමඟ බසයට ගොඩ වී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ‘‘අනේ ඔයා’’ යැයි ඔහුගේ මුවින් පිට වී තිබේ.
COMMENTS
හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඔය වගේ කොල්ලොන්ට ඔහොම වෙලා මදි.(හේ)
දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ දුරකථනයේ එල්ලුන ගමන්මයි. කන්න,බොන්න අඬ ගැහුවත් අතේමයි. හොඳ වැඩේ කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
හොරකම එකක්, ආදරය තව එකක්. දැන් එයා මීට පස්සේ අාදරවන්තියන්ටත් බොරු කරන්න පුරුදුවේවි. (බ)
මේ තුන් දෙනා පිටතට යන විට ජංගම දුරකථන දමා පිටතට ගියා කීවාම පුදුමයට පත් වුනා.මොකද මා දැක තියෙන්නේ ,අසා තිබෙන්නේ බොහෝ තරුණ පිරිස් වැසිකිලියට ගියත්, නින්දට ගියත් දුරකතනයෙන් තොර ලොවක් බහුතරයකට නොමැති නිසයි. (බ)
හොරාටත් හොඳම වැඩේ කාන්තාවෝ විස්වාස කොලාට ! (කෞ)
අපි මේ බලන් ඉන්නේ අහිංසක පිරිමියෙකු අමාරුවේ දැම්ම කියලා මේ පොලිස් බවලතිට පිටබැද්දර ජයා ආඩපාලි කියන කන් ! (ස)
අපරාදේ මේ වගේ දේවල් පත්තරේ දමන්නේ, පොලිසිය ඉදිරියට වෙනත් ක්‍රම හොයාගන්න වේවි. (ස)
අයියෝ පවු පෙම්වතා! (නි)