(රාජාංගණය නුවන් කුමාර)
තඹුත්තේගම ව්‍යාපාරිකයකුගෙන් සොරකම් කළ වටිනා ජංගම දුරකතනයක් උකස් කර හෙරොයින් පානය කළ තරුණයකුට තම පාපැදිය උකස් කර ජංගම දුරකතනයේ උකස බේරාගැනීමට සිදුවූ පුවතක් තඹුත්තේගම නගරයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
තරුණයන් දෙදෙනකු තඹුත්තේගම අයිස්ක්‍රීම් වෙළෙඳ සලකට අයිස්ක්‍රීම් ලබා ගැනීමට පැමිණීම පුරුද්දක් කරගෙන තිබිණි. මෙම මිතුරන් දෙදෙනා මෙම වෙළෙඳ සලට පැමිණ සිටි අවස්ථාවේ මේසයක් මත ජංගම දුරකතනයක් තිබෙනු දුටු එක් අයෙකු එය සොරාගෙන තිබේ.
තම මිතුරා අත විශේෂ වර්ගයේ ජංගම දුරකතනයක් තිබෙනු දැක එය කොහෙන්දැයි විමසූ විට අයිස්ක්‍රීම් වෙළෙඳ සලේ තිබී සොරාගත් බව ඔහු පවසා ඇත.
දුරකතනය සොරාගත් මිතුරා එය ත්‍රිරෝද රථ රියදුරකුට රුපියල් දෙදහසකට උකස්කොට රුපියල් 1200 ක හෙරොයින් පානය කර ඇත. අනෙක් මිතුරා අයිස්ක්‍රීම් වෙළෙඳ සලේ හිමිකරු හමුවී තමන්ගේ මිතුරා වෙළෙඳ සලෙන් දුරකතනයක් සොරාගත් බවත් ඔහු මේ වන විට රැජින හන්දියේ සිටින බැවින් ඔහු පෙන්වීමට පැමිණෙන ලෙස දන්වා තිබේ.
ඒ අනුව ව්‍යාපාරිකයා තවත් මිතුරන් සමග ගොස් දුරකතනය සොරකම් කළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී තමන් දුරකතනය සොරාගත් බවට පිළිගෙන ඇත. මෙය ගොඩින් බේරා ගැනීමට නම් තමන්ට ජංගම දුරකතනය අවශ්‍ය බව ව්‍යාපාරිකයා පැවසූ විට තමන්ගේ පාපැදිය උකස් කර ජංගම දුරකතනයේ උකස බේරාදී තිබේ.
මිතුරන් දෙදෙනා මේ වන විට විරසක වී ඇතැයි ද වාර්තා වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුරකතනයක් සොරාගෙන කුඩු ගහලා: සයිකලේ උකස්කර දුරකතනය දෙන්න වෙලා