(වියලුව වාර්තාකරු)
උපන් ගමේ පාසල් ගුරුවරියක් සමග වසර තුනකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය පෙම් පළහිලව්වක් ගංජා සුරුට්ටුවක් නිසා නිමාවට පත් වීමේ පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

ඔහු සාමාන්‍ය තනතුරක් දරන රජයේ සේවකයෙකි. ගමේ පාසලේ ගුරුවරියක සමග වසර තුනක් පමණ කාලයක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේ දෙපාර්ශවයේ ඥාතීන්ගේ ද ආශිර්වාදය මැද්දේය.
අවාසනාවකි. හිටිහැටියේම ඔහුට ගමෙන් දුර බැහැර ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලැබුණේ එකම ආයතනයේ වසර ගණනාවක් සේවයේ නිරතව සිටින බව පවසමිනි.
නව සේවා ස්ථානයට ගිය ඔහුට නතර වීමට සිදු වූයේ එම ආයතනයේම පොදු නේවාසිකාගාරයකය.
එහි සිටි කීප දෙනෙකු ගංජා පානයට ඇබ්බැහි වී සිටි අතර දින කීපයක් ගතවෙද්දී ඔහු ද එහි කොටස්කරුවකු වූවේ ඔහුටත් නොදැනීමය.
වැටුපෙන් සෑහෙන ප්‍රමාණයක් ඊට වැය කළ ඔහු ජීවත් වූයේ ද අපූරු සිහින ලෝකයකය. පෙම්වතිය, මව, පියා, සහෝදරයින් ඇතුළු ඔහු ජීවිතයේ ආදරය කළ බොහෝ දෑ අමතක කර දැම්මේය. ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ද ඒ සිහින ලෝකයම පමණක් විය.
පෙම්වතියටත් වඩා ගංජා සුරුට්ටුවට ඇලුම් කළ හෙතෙම පෙම්වතියගේ දුරකතන ඇමතුම පවා හිසරදයක් විය.
පසුගිය දිනෙක අලුයම හෙතෙම එදිනට අවශ්‍ය ගංජා මිල දී ගැනීමට උපායක් කල්පනා කරමින් සිටියේ පසුම්බිය මුළුමනින්ම හිස්ව තිබූ නිසාය.
ඒ අතරතුර තම පෙම්වතියගෙන් ලද දුරකතන ඇමතුම් කීපයක්ම ඔහු විසන්ධිකර දැම්මේ තම සිහින ලෝකය බිඳ ගැනීමට අකමැති වූ නිසාය. එහෙත් උත්සාහය අත් නොහල පෙම්වතිය දිගින් දිගටම දුරකතනය නාද කරන්නට වූවාය.
ඔහුගේ ද රතු කට්ට පැන්නේය. පෙම්වතියගේ දුරකථනයට ගලා ආවේ ඇය කිසි දිනෙකවත් බලාපොරොත්තු නොවූ අන්දමේ අසැබි වදන් වැළකි.
ඒ වන විටත් සිය පෙම්වතාගේ වෙනස්වීම යම් තරමකට දැනී සිටි පෙම්වතිය දුරකතනය පසෙකින් තැබුවේ වසර තුනක ආදර කතාවට ද තිත තබමින්ය. ඔහුට නිදහසට කරුණු කියන්නටවත් ඉඩක් ද නොතබමින්ය.
2025 දෙසැම්බර් මස 04
514
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංජා සුරුට්ටුවක් ප්‍රේමයට තිත තබලා
ravi Wednesday, 31 July 2019 02:44 PM
හොඳ ගුරුවරියක්.. ලස්සන පාඩමක්..