(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කුණු ට්‍රැක්ටරේ වැඩ කරන සේවකයකුත් සමග එකතුවී කුස්සියට අපූරු සුද්ධයක් දුන් අපූරු කුස්සි අම්මා කෙනකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
සමාගම් ලොක්කෙකි. එමෙන්ම ව්‍යාපාර රැසකම හිමිකරුවෙකි.
කුස්සි අම්මා කුස්සියට ඇණවුම් කරන නොපිසූ ආහාරපාන ඔහු නොමසුරුව ගෙනවිත් දෙන්නේ මිල මුදල්වල වගේ වගක් නැතිවය. කුස්සියට සපයනුයේ හොඳම නොපිසූ කෑම බීම ජාතිය. මිල මුදලින් ඉහළ ඒවාය. සතියකට දෙකකට අවශ්‍ය නොපිසූ ආහාර පාන ඔහු කුස්සියට ලබා දුන්නේය.
මෑතක සිට තමන් කුස්සියට ලබාදෙන නොපිසූ අාහාර පාන ඉක්මනින්ම ඉවරවෙන බව ඔහුට දැනුණේය. කුස්සි අම්මා ද එක ළඟ එක ළඟ කුස්සියට අවශ්‍ය කරන නොපිසූ කෑම ජාති ඇණවුම් කිරීම ඔහුගේ සැකයට තවත් හේතුවක් විය. කුස්සි අම්මා ගැන හොඳ විපරමෙන් සිටියත් ඇය කුස්සියේ තිබෙන භාණ්ඩ සොරකම් කරන බවක් ඔහුට දක්නට නොලැබුණේය.
උදේ කුණු ට්රැක්ටරය ගේට්ටුව ළඟටවිත් නළාව හැඩීය. ඒත් සමඟම කලබල වූ කුස්සි අම්මා කුස්සියේ භාවිතයෙන් ඉවතලන දෑ දමන කළු පාට බෑගය රැගෙන කුස්සියේ සිට කුණු ට්රැක්ටරය වෙත දිව ගියාය. එසේ දිව යන අතරේ ඇයගේ පය ලිස්සා ඔහු ඉදිරියේ බිම ඇද වැටුණේ කැළි කසළ බෑගය ද බිම පතිත වෙමිනි.
බිම වැටී පැලී ගිය කැළි කසළ බෑගයෙන් නොකැඩූ කිලෝග්‍රෑම් පහේ වටිනා බාස්මතී සහල් කොට්ටයක් පැන්නේය. කාරණය පැහැදිලිය. මෙතෙක් කලක් තමාට සොයා ගැනීමට නොහැකිවූ කුස්සියේ සොරකම අතේ මාට්ටු විය. කුස්සි අම්මා සමග තමාගේ කුස්සියට සුද්ධයක් දී ඇත්තේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන කුණු සේවකයකු සමග බව ඔහු අනාවරණය කර ගත්තේය. ඒ සමගම කුස්සි අම්මා රැකියාවෙන් පහ කිරීමට ඔහු පියවර ගත්තාලු.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුස්සි අම්මාගේ සූත්තරය කුණු ට්‍රැක්ටරෙන් අහුවෙලා