IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කඬේ දොරගුලට ඉබ්බකු හොයන්න පොකුණක් පීරලා

 වෙළෙඳ සැලක දොරකට අගුලූ දැමීම සඳහා ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස එහි සේවකයකුට දැන්වීමෙන් පසුව එම සේවකයා අසල තිබූ පොකුණක් පීරා සෙවීමේ පුවතක් වාර්තාවේ. සිද්ධිය සැකෙවින් මෙසේය. රට අභ්‍යන්තර එක්තරා කඳුකර නගරයට ආසන්න කුඩා ගම් පෙදෙසකි. එහි ඇත්තේ කුඩා ප‍්‍රමාණයේ වෙළෙඳසැල් දෙක තුනක් පමණි. ඒවාද එතරම් ශක්තිමත්ව ඉදි කළ ඒවා නොවේ. දිනක් එක් වෙළෙඳසැලක හිමිකරු එම වෙළෙඳසැලේ පසුපස දොර සකස් කිරීමට උත්සාහ කළේය. ඒ සඳහා අලූතින් ඉබ්බෙකු දැමීමට අවශ්‍ය වූ බැවින් ඔහු යටතේ සේවය කළ සේවකයාට කතා කර ඉක්මනින් ඉබ්බෙකු සොයා ගෙන එන ලෙස දැන්වීය. සේවකයා ද එක හුස්මට දිව ගිය අතර සෑහෙන වේලාවක් ගියත් ඔහු නොපැමිධෑම ගැන වෙළෙඳසැලේ හිමිකරු විපරම් කරමින් සිටියේය.

මේ අතර වෙළෙඳසැලට පැමිණි පුද්ගලයකු ”මුදලාලි මොකද ගෝලයා පොකුණ පීරන්නේ” යැයි ඇසීය. මෙම කතාවත් සමග වෙළෙඳසැලේ හිමිකරුට සිදුව ඇති දෑ අවබෝධ විය. බොහෝ වේලාවකට පසු පැමිණි සේවකයාගෙන් ”කෝ ඉබ්බා” යැයි ඇසීය. ”අනේ මුදලාලි මුළු පොකුණෙම හෙව්වා එක ඉබ්බෙක්වත් සොයා ගන්න බැරි වුණානේ” යැයි කීය. වෙළෙඳසැලේ හිමිකරුට පමණක් නොව අසල සිටි අයටත් සිනහව පාලනය කර ගත නොහැකි වූ අතර පසුව වෙළෙඳසැලේ හිමිකරු දියේ ඉන්න ඉබ්බයි දොරට දාන ඉබ්බයි අතර වෙනස පෙන්වා දුන්නේය.



අදහස් (0)

කඬේ දොරගුලට ඉබ්බකු හොයන්න පොකුණක් පීරලා

ජයනාත් Thursday, 26 November 2015 05:38 PM

මේ වැනි කදුකර පෙදෙසක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර වටිනවාද? හවසට ගිහින් මේ වගේ කඩෙකින් තේ එකක් එහෙම බීලා ඉන්න ජීවිතේ සරලයි තෘප්තිමත්.(රේ)

:       0       0

ඉමාක් Wednesday, 25 November 2015 09:44 PM

අනේ පවු අසරණයා! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 25 November 2015 10:56 PM

නියම ගෝලයා! (නි)

:       0       0

ජනක Thursday, 26 November 2015 02:16 AM

ලතා, ඔයා හරි. දැන් කාලේ ලංකාවේ ඔහොම මෝඩ මිනිසුන් නැහැ. (නි)

:       0       0

ලතා Wednesday, 25 November 2015 11:30 AM

මේ ක ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවක් වගේ (අ)

:       0       0

දීප Thursday, 26 November 2015 04:14 AM

මේ මනුස්සය ඉන්න ගම කොහෙද?අපේ තියනවා ස්වෙච්චා සංවිධානයක් අපිට පුළුවනි මෙවන් අයට උපකාර කරන්න.(ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 November 2015 04:24 AM

කඳුකර පෙදෙසකනම් ඉතින් අහන්නත් දෙයක් නැහැ ඒගොල්ලන්ගේ ලෝකේ කඳුකරේ විතරයි (ම)

:       0       0

අජිත් Wednesday, 25 November 2015 01:12 PM

මට හරියට හිනා ගියා අනේ... (ර)

:       0       0

අනිල් Thursday, 26 November 2015 05:35 AM

අයියෝ පවු කොල්ලා.(හේ)

:       0       0

ඩිලාන් Thursday, 26 November 2015 06:26 AM

මමත් ලතාගේ අදහසට එකඟයි (නි)

:       0       0

චාමර Thursday, 26 November 2015 03:49 PM

මට හරියට හිනාගියා (නි)

:       0       0

විතාන Thursday, 26 November 2015 06:54 AM

මෙච්චර මෝඩ වුණහම මදෑ... (නි)

:       0       0

ටෙනිසන් Thursday, 26 November 2015 04:42 PM

දැන් මෙතන මෝඩය මුදලාලිද ගෝලයද. තමන් ළඟ වැඩ කරන ගෝලයාගේ බුද්දි මට්ටම නොදන්නා හෝ එසේ දැනගන වැඩ පවරන මුදලාලි මමනම් හිතන්නේ ගෝලයට වැඩ මෝඩයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site