IMG-LOGO

අවුරුදු නිවාඩුව ගන්න අමුතු ගැටයක් ගහලා

(වියලුව වාර්තාකරු)
තමුන් සේවය කරන ආයතනයෙන් ලද කෙටි නිවාඩුව දිගු නිවාඩුවක් බවට පත්කරගත් අපූරු  ක්‍රමයක් පිළිබඳ පුවතකි මේ.


 සිද්ධිය මෙසේය.


 ඔහු අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සාමාන්‍ය සේවකයෙකි. අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගමට පැමිණි ඔහුට ලැබුණු කෙටි නිවාඩුව අවසන් වීම නිසා යළිත් සේවයට යාමට සිදුවූයේ ඔහු සේවය කරන ආයතනයේ නීති රීතිවලට මෙන්ම එහි හාම්පුතාගේ අණටද කීකරු වෙමිනි.


 කලකින් ගමට පැමිණි ඔහුට දින දෙක තුනක නිවාඩුව අවසන් කර ගමෙන් පිටව යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.


 “තව දින දෙක තුනක් ඉඳලා යන්න,” බිරිඳ මෙන්ම දරුවෝ ද ඔහුට ඇවිටිලි කරන්නට වූහ.


 ඔහු ඊට අපූරු උපායක් කල්පනා කළේය.


 ගමේ රෝහල වෙත  ගිය හෙතෙම උඩුකය නිරාවරණය කරගෙන රෝහලේ ඇඳක වැතිරුණේ සිය උපාය ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර වශයෙනි.


අනතුරුව ආයතනයේ හිමිකරුට වීඩියෝ දුරකතන ඇමතුමක් ගනිමින් හෙතෙම සිය රෝගී තත්ත්වය තහවුරු කරන ලද්දේ දැඩි අසාධ්‍ය තත්ත්වයක්ද මවා පාමිනි.


  තම සේවකයා රෝගී වීම පිළිබඳ සිය කනගාටුවද ප්‍රකාශ   කළ හාම්පුතා “එහෙනම් ලෙඩ සනීප උනාම එන්න” යැයි ඔහුට කියා සිටියේ සිය සේවකයාට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරමිනි.


හාම්පුතා රැවටූ සේවකයා රෝහලින් පිටව ගියේ තමුන්ට උපකාර කළ රෝහලේ රෝගී පිරිසට සිය කෘතඥතාව පළකරමිනි. 

 



අදහස් (3)

අවුරුදු නිවාඩුව ගන්න අමුතු ගැටයක් ගහලා

සචිත් Friday, 03 May 2019 11:33 AM

මේ රටේ බහුතරයක් අයට කිසි වගතුවක් නැත්තේ කපටිකමින්, වංචාවෙන් ගොඩයන්න බලන් ඉන්න නිසයි.

:       0       136

theshan Saturday, 04 May 2019 06:23 AM

මේ වගේ අය නිසා හරියට වැඩ කරන අයට හදිස්සියකදී නිවාඩුවක් ගන්න ගියාම දුක් විදින්න වෙනවා

:       0       52

pakeer Saturday, 04 May 2019 09:02 AM

මේක අැත්තක් නම් ඒක මහ පහත් වැඩක්...

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 474 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site