IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රු 2500 දඩයෙන් මිදෙන්න මිතුරාගේ සහය පතා රු.14000ක් නැති කරගෙන

රථවාහන වරදක් සම්බන්ධයෙන් රුපියල් දෙදහස් පන්සියයක දඩයක් ගෙවන්නට සිදුවන නඩුවකින් බේරෙන්නට දේශපාලක ලේකම්වරයකුගේ සහාය පැතූ තරුණයකුට ලේකම්වරයා ඇතුළු පිරිස මධුවිතෙන් සන්තර්පණය කරන්නට රුපියල් දහ හතර දහසක් වැය කරන්නට සිදුවීමේ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.

පුංචි පහේ ස්වයං රැකියාවක නිරත තරුණයෙකි. දේශපාලකයකුගේ ලේකම්වරයකු දැන හැඳිනගත්තේ ස්වයං රැුකියා ආධාර ලබාගැනීමට ගිය අවස්ථාවකදීය. ආධාර මුදලක් ලැබුණේ ඔහුගේ සුදුසුකම් නිසාය. නමුත් එය ලේකම්වරයාගේ මැදිහත්වීම මත ලබාදුන් බවට ලේකම්වරයා තරුණයාට ඇඟවූයේය. ‘‘ ඕනෑම අවස්ථාවක  ඕනෑම උදවුවක් ඉල්ලන්න. මම කරලා දෙනවාමයි’’. මේ ලේකම්වරයා තරුණයාට සපථ කළේය.

රිය බලපතක් නැති මේ තරුණයා යතුරුපැදියේ යද්දී පොලීසියට අසුවිය. දඩ පති‍්‍රකාවක් ලියවිණි. ඔහුට සිහිවුණේ ලේකම් මිතුරාය. දුරකථන ඇමැතුමක් දුන්නේ සිදුවූ විපත කියමිනි. වැටලීම කළ පොලිස් නිලධාරියාගේ නම හා අංකය ද දැනගත් ලේකම්වරයා එදිනම සවස් යාමයේ ප‍්‍රදේශයේ හෝටලයක් අසලදී හමුවන ලෙසට තරුණයාට උපදෙස් දුන්නේය.

තම ව්‍යාපාරයේ දවසේ ආදායම එක්රැස් කරගෙන එන අතර ඔහු ලේකම්වරයා කී කොළඹ මහනුවර මාර්ගය අයිනේ පිහිටි හෝටලය අසලට ගියේය. දහවල් වැටලීම කළ පොලිස් නිලධාරියා සමග ලේකම්වරයා එහි සිටියේ තවත් මිතුරන් කීප දෙනකු සමගය.

”මල්ලී ඔයාගේ වැඬේ හරි. මම සාජන් මහත්තයා එක්ක කතා කළා. බය වෙන්න එපා. ” ලේකම්වරයා තරුණයාට දැන්වීය. පොලිස් නිලධාරියා එය සහතික කරන අන්දමින් හිස සෙලවූයෙන් තරුණයා ඒ බව විශ්වාස කළේය. දඩ පති‍්‍රකාව ඉරා දැමීමට පොලිස් නිලධාරියා කාරුණික විය.

‘‘එහෙනම් අපි මොනවා හරි කරමු’’.  ලේකම්වරයා තරුණයාට යෝජනා කළේය. කිසිත් කර කියා ගත දෙයක් නොවූ තරුණයා ඊට එකඟවිය. හය දෙනකුගෙන් සමන්විතවූ පිරිස එකින් එක බෝතලය බැගින් හිස් කරන්නට වූයේ කටගැස්ම පීරිසියෙන් පීරිසිය අලූත් වෙද්දීය. හෝරා දෙක තුනක් ගත වෙද්දී සැර බෝතල පහකට වග කියන්නට මේ පිරිස සමත්විය. අවසානයේ රාති‍්‍ර ආහාරය ද ඇණවුම් කෙරිණි. අමද්‍යපයකු වූ තරුණයා ඇල්වතුර වීදුරුවකින් ගත සතපා ගෙන අවසානයේ බිල ගෙවීය. එය රුපියල් දහ හතර දහස ඉක්මවා තිබිණි.

අනේ මං වගේ මෝඩයෙක්. දඬේ ගෙව්වා නම් මට මෙච්චර අමාරුවක් වෙන්නේ නැහැ නේද?. තම මිතුරකුට කී මේ තරුණයා තම ස්වයං රැුකියාව යළි ඉදිරියට ගෙන යන්නට මුදල් සොයන්නට ණය මුදලක් ලබාගැනීම සදහා කටයුතු කරමින් සිටී.



අදහස් (0)

රු 2500 දඩයෙන් මිදෙන්න මිතුරාගේ සහය පතා රු.14000ක් නැති කරගෙන

කුමාරි Tuesday, 07 May 2013 02:54 PM

දෙසපලකයන්ගේ හෙන්චයියලා එක්ක යන අයට ඔහොම උනාට කමක් නැහැ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 May 2013 09:53 AM

අදෝමැයි. (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 07 May 2013 10:02 PM

පොලිස් සහ දේශපාලන අයට කවදාහරි ඕවා වමාරන දවසක් එයි (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 07 May 2013 10:02 AM

ලයිසන් ගන්නවත් ඔච්චර මුදලක් යන එකක් නැහැ. ලේකම් තුමාටම කියල ඉස්සෙල්ලා වගේම ණයක් ගන්නයි තියෙන්නේ.(ස)

:       0       0

චම්පික Tuesday, 07 May 2013 10:03 AM

මගේ යාලුවෙකුටත් මෙහෙ එහෙම වෙන්න ගිහින් පොලීසිය ලග.. දැන් මල් පෝච්චි 5ක් තියනවා. “නයා ගේ පරිත්‍යාගයකි“ කියලා.. සමහර වෙලාවට අපි ඒකත් මතක් කරනවා.. හි හි...(ස)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 07 May 2013 03:26 PM

අනේ මෝඩ කොල්ලා..ලේකම්ටත් ,සාජන්ටත් බිල ගෙවා ගන්න කියල හෙමින් මාරුවේන්නනේ තිබුනේ ! (ස)

:       0       0

චතූ Tuesday, 07 May 2013 10:24 AM

කෙටි පාරවල්වලින් යන්න හදන අයට ඔහොම වෙනවා.(ස)

:       0       0

අසේල Tuesday, 07 May 2013 11:57 PM

මේක තමයි ශ්‍රී ලංකාවේ යතාර්තය. (නි)

:       0       0

සිරිපාල Tuesday, 07 May 2013 11:05 AM

අහිංසකයන්ගේ සල්ලි වලින් කන ඒවා දිරවන්නෙ නැහැ. මේ වගේ එක්කෙනෙක් නිසා මුලු පොලීසියේම ගෞරවය නැති වෙනවා. ඔහෙලා බිව්වේ අර අහිංසකයගේ දරු පැටවුන්ට කන්න දෙන්න වියදම් කරන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්. සල්ලි නැද්ද වියදම් කරගෙන බොන්න? ලැජ්ජයි. (නි)

:       0       0

දෙනරත් Tuesday, 07 May 2013 12:12 PM

නෑ නෑ මේකේ හොඳ පැත්ත තමයි පොලිස් පොතේ නම නැති වීම. මටම හිනා. (ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 07 May 2013 03:15 AM

මේ වගේ මෝඩ වැඩකරන බොහොම මිනිස්සු ඉන්නවා. රුපියල් 1000. දඩය බේරගන්න රුපියල් 4000ක විස්කි බෝතලයක් පොලිස් නිලධාරින්ට දෙනවා. මේ බව කියන්නේ පොලිස් නිලධාරින්මයි (නි)

:       0       0

හේරත් Tuesday, 07 May 2013 04:49 AM

අසරණයන්ගෙන් මෙහෙම ගසාකන සමාජ දුෂකයන්ට පාචනය කොළරාව වත් හැදෙන්නේ නැහැනේ.හැබැයි පෙනහළු නම් දිය වෙනවලු. (නි)

:       0       0

උපාලි Tuesday, 07 May 2013 05:19 AM

මීට සමාන උගුල්වලට අහුවුන කීපදෙනෙක් ගැන මම දන්නව. මතක තියාගන්න, ඔබ අහුවුන කට්ටියේ හැටියට ඔය තරමින් බේරුනා ඇති. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 07 May 2013 01:07 PM

ඊයේ පෙරේදා ගහක් කපලා අර ගහට යටවෙලා මලෙත් ඔන්න ඔය කියනවා වගේ පොලිසියේ හාදයෙක්ලු.(නදී)

:       0       0

තිලංක Wednesday, 08 May 2013 04:20 PM

ලයිසන් නැතිව රිය පැදවීමට දඩය 2500/=??? මෙවැනි යල් පැනගිය නීති නිසා තමයි ලයිසන් නැතුව යන්නේ කිසි බයක් නැතිව. (නි)

:       0       0

සන්ජීව Tuesday, 07 May 2013 08:36 AM

මල්ලියේ නරක මිතුරන් හමු වන්න එපා...(ස)

:       0       0

අමිල Tuesday, 07 May 2013 08:39 AM

ඔය පොලිස් කාරයා ආයෙම ඔය කොල්ලව අල්ලනවා. තවත් දත් ගලවන්න පුළුවන් කියලා හිතාගෙන.(නදී)

:       0       0

ගිරිගෝරිස් Tuesday, 07 May 2013 01:56 PM

දිනක් දඩය වශයෙන් රු 500 ගෙවනු වෙනුවට රාළහාමි මට කීවේ පෙට්‍රල් ලීටර 5 ක් ගසන ලෙසය. එකල ලීටරයක මිල රු 125 වූ නිසා මා ඔහුට කිවේ දඩ කොලය දෙන ලෙසය.(නදී)

:       0       0

සරත් Tuesday, 07 May 2013 02:02 PM

ලොකු අය සමග (අපට නොගැලපෙන) කරන ගනුදෙනුවල අවසානය මෙයයි. (ස)

:       0       0

සරත් Wednesday, 08 May 2013 10:22 AM

කොල්ලට තිබුනේ මෙන්න මගේ ළඟ තියෙන්නේ 2500/= කියල එක දීල එන්න ...පව් අසරණය (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 302 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 587 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 855 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 668 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1151 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 896 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site