IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පැන් කෙණ්ඩියක් සුපිරි මඟුලක් කලඹයි

(මාවතගම කාන්චනමාලා බණ්ඩාර) 
සුපිරි හෝටලයක පැවැති සුපිරි මංගල සාදයේ පෝරුවේ චාරිත්‍ර කරද්දී පැන්කෙණ්ඩියේ අවුලකින් මංගල සාදයම කැළඹුණු කතාවක් වයඹ පළාතෙන් අසන්නට ලැබුණි. 


මුදල් යහමින් ඇති පවුල් දෙකක මනාලයා හා මනාලියගේ නැදෑ පිරිස එක්වී සුපිරි හෝටලයක විහාහ මංගල්‍යය පැවැත්වීමට තීරණය කළහ.


නියමිත නැකැත් දිනය උදාවිය. 300ක පමණ නැදෑ පිරිසක් හා හිතවත්හු හෝටලය වෙත පැමිණෙමින් සිටියහ. 


පෝරුවේ චාරිත්‍ර ආරම්භ වූයේ ස්තෝත්‍ර කියන්නාගේ උපදෙස් මතය. දෙපාර්ශ්වයේ මවුපියන් ටයි කෝට් ඇඳි මහත්වරු පෝරුව අසලට එක්රොක් වූහ.


මංගල අවස්ථාව වීඩියෝ කරන්නෝත්, ඡායාරූප ගත කරන්නෝත්, තම රාජකාරිය අකුරටම ඉටු කළහ. 


මනාලයාගේ හා මනාලියගේ දෑඟිලි බැඳ පැන්වත්කරන අවස්ථාව වීඩියෝ ගතවෙමින් තිබිණි. විදුලි කොටන්නාක් මෙන් විටින් විට කැමරා පහකින් හයකින් දෙපාර්ශ්වයේ ඉල්ලීම පරිදි ඡායාරූප ශිල්පීහු මොහොතක් පාසා ඡායාරූප ගත්හ. වීඩියෝ ගත කළහ. ස්තෝත්‍ර ගායනා කරන්නා පැන්කෙඩිය ඉල්ලා සිටියේය. අසල සිටි නැදෑයින් කසු කුසු ගාමින් එහා මෙහා දිවගියේ හිස කසමිණි. මනාලියගේ මව ඉතා අලංකාරවණ රන් කෙන්ඩියක් ස්තෝත්‍රකරු වෙත ලබාදුන්නේ කාගේත් අවධානයට යොමු වෙමිනි. 


ස්ත්‍රෝත්‍ර ආරම්භ කරමින් පැන් වත්කිරීම ආරම්භ විය. කෙණ්ඩිය කොපමණ පහත් කළද ඉන් පැන් වැටෙන බවක් දන්නට නැත. පෝරුවේ චාරිත්‍ර දෙස බලා සිටි නැදෑයින්ට මෙය කුතුහලයකි. වට පිට බැලූ මනාලිය හා මනාලයා අසලවූ වැඩිහිටියන්ට කනට කර යමක් කී බවක් දක්නට ලැබුණි. සියල්ලන් කසු කුසු ගාමින් අඳුරු වූ මුහුණු ඇතිව සිටින්නට විය. පසුව හෙළිවූයේ කලින්දා පැන් කෙණ්ඩිය භාරව සිටි ඥාතියා හොඳටම සූර්වී සිටි නිසා එයට පැන් පුරවා තබන්නට අමතක වී තිබූ බවය. 


මංගල සාදයම නැදෑ පිරිස අතර බහින්බස් වීම හේතුවෙන් දෙපාර්ශ්වයේම සතුට නැතිවී ගියේය. 



අදහස් (0)

පැන් කෙණ්ඩියක් සුපිරි මඟුලක් කලඹයි

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 516 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 654 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 929 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 707 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1173 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site