IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඌරා හිමි කත ලණු හොයද්දී වෙළෙන්දා ඌරාත් අරන් මාරුවෙලා


ජාඇල නගර සභා බල ප‍්‍රදේශයේ එක්තරා ගමක ජීවනෝපාය සඳහා ඌරන් ඇතිකරන කාන්තාවක් මුහුණ දුන් අපූරු සිද්ධියක් මෙසේය.

ව්‍යාපාරයක් වශයෙන් ඌරන් මිලට ගෙන මස් කර විකුණන අයකු පෙර කී ඌරන් ඇති කරන නිවසට පැමිණ ඌරකු මිලට ගැනීමට විමසා ඇත.

ඌරු පට්ටියේ සිටි හොඳ තරබාරු පුෂ්ටිමත් ඌරකු පෙන්නා උගෙ වටිනාකම විමසුවේය. ඌරු පට්ටිය අයිති කාන්තාව රුපියල් 10,500යයි කියා සිටියාය. ඌරා ඉහටත් උඩින් වටිනා බව දැනගත් වෙළෙන්දා රුපියල් 10,000කට උරා ඉල්ලා සිටියේය. රුපියල් 500 මිල අඩු කොට ඌරා රුපියල් 10,000 දෙන්න කාන්තාව කැමැති විය.

ඌරු වෙළෙන්දා දැඩි පරිශ‍්‍රමයක් දරා ඌරා අල්ලා ලණු කිහිපයකින් ගැටගසා තබා පැමිණි යතුරු පැදියේ දමා ගැට ගැසීමට ලණුපොටවල් කිහිපයක් ඉල්ලා සිටියේ ඌරා තරබාරු වැඩිකමට දගාලාවි යයි සිතාගෙනය. කාන්තාව ලණු පොටක් සෙවීමට ගෙයි පිටපසට ගිය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ඌරාගත් තැනැත්තා මුදල් නොදී යතුරු පැදිය පණ නංවා ගෙන පලා යන්නට විය.

පිිරිමි කවුරුත් නැතිව සිටි මෙම කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනෙකු ඔහෙ හිටපිය සල්ලි දීල පලයන් මොන තරම් කෑ මොර දුන්නත් ඌරු වෙළෙන්දා පවනට බදු වේගයෙන් හැටට යතුරු පැදියෙන් පළා ගියේය. කාන්තාව මේ ගැන පොලිසියට පැමිණිලි කළත් කිසිදු වැඩක් නොවීය. මුදල් ප‍්‍රථමයෙන් අතට නොගැනීම ගැන ඇය ළතැවූවාය.



අදහස් (0)

ඌරා හිමි කත ලණු හොයද්දී වෙළෙන්දා ඌරාත් අරන් මාරුවෙලා

සිරි Wednesday, 03 September 2014 01:28 AM

පළමු සිල්පදය කඩන්න කලින් දෙවන සිල්පදය කඩලා. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 02 September 2014 09:39 AM

නිසාර් , කන්න එපා කියන සමහරුත් තලු මර මරා කනවා. අනික ඇයි ඔය සතා විතරක්? අපි නම් කියන්නේ කිසිම සතෙකුගේ මස් කන්න එපා කියලා. වඩා හොඳ එහෙම නේද? (නි)

:       0       0

සරත් Wednesday, 03 September 2014 11:17 AM

නසාර් කෙස් පැලෙන තර්කනේ දාන්නේ (නි)

:       0       0

කරුණාජීව Tuesday, 02 September 2014 10:11 AM

නිසාර්,ඒ වගේම හරකාගේ මස් කන්න එපා කියලා කොච්චර කිව්වත්, සමහරු කනවා. (නි)

:       0       0

චමින්ද Monday, 01 September 2014 08:34 AM

ඌරු වැඩක්නේ වෙළෙන්දා කරලා තියෙන්නේ. (නි)

:       0       0

හේවාපතිරණ Monday, 01 September 2014 09:53 AM

ඕක තමා කියන්නේ උෟරගෙ මාලු උෟරගේම ඇඟේ තියල කපනවා කියල. (ස)

:       0       0

ශාෆික් Tuesday, 02 September 2014 12:05 PM

පව් අසරණ ගැහැණු කෙනා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 02 September 2014 02:56 AM

වැඩක් කරලා ජීවත් වෙන්න හදනකොට එ්කටත් හෙනහුරෙක් පහත් වෙනවා. (නදී)

:       0       0

නිසාර් Tuesday, 02 September 2014 01:56 PM

ටෙනිසන් , කරුණාජීව, ගොයම් ගහ ජීවියෙක් නොවුණත් වතුර දැම්මේ නැත්නම් මැරෙනවානේ. (නි)

:       0       0

නිසාර් Monday, 01 September 2014 12:44 PM

මෙම සතාගේ මස් කන්න එපා කියලා කොච්චර කිව්වත් සමහරු කනවා (නි)

:       0       0

අචිර Tuesday, 02 September 2014 04:00 PM

මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම ගැන මට තියෙන්නේ පුදුමාකාර හිතේ අමාරුවක්... (නි)

:       0       0

ඥානානන්ද Monday, 01 September 2014 01:31 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අකිල Monday, 08 September 2014 12:01 PM

නසාර් තමුන් මෙතනත් අපිට කැපිල්ල දානවා නේද? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 01 September 2014 02:07 PM

ඌරු වැඩක්නේ කරලා තියෙන්නේ බලාගෙන යද්දී. (නි)

:       0       0

එරංග Monday, 01 September 2014 03:11 PM

මෙහෙම මිනිස්සුන්ට මොන වගේ දඩුවමක් දෙන්නද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 57 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 501 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 785 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 641 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1136 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 880 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site