IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උතුරට ගිය පිරිස නින්දේ පසුවෙද්දී රියැදුරා බසයත් රැගෙන ආපසු ඇවිත්

කොළඹ ප‍්‍රදේශයේ සිට උතුරු ප‍්‍රදේශයට විනෝද ගමනක් ගිය පිරිස ලැගුම් හලේ දමා ගමන ගිය බස්රිය ආපසු පැමිණ තිබීම නිසා පිරිසට වෙනත් බසයකින් ගමට ඒමට සිදුවීමේ සිද්ධියක් ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි. ගමේ පිරිසක් සංචාරයක් සඳහා බසයකින් උතුරු ප‍්‍රදේශයට ගොස් ඇත. උතුරු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ තැනක ඔවුන් රාත‍්‍රිය ගත කර තිබේ. මේ අතරේ බසයේ රියැදුරු හා පිරිස අතර ගැටුමක් හටගෙන ඇත. ගැටුම අවසන පිරිස නින්දට ගිය අතරේ රියැදුරා ගෝලයාද සමග පිරිසට නොදන්වා බසය නැවත කොළඹට රැගෙනවිත් ඇත. මේ බව නොදත් පිරිස උදේ බස්රිය දකින්නට නොමැති නිසා ඒ ගැන සොයා බලා තිබේ. තමන් පැමිණි බස්රිය පිරිස අතරමං කර ආපසු ගොස් ඇති බව දැනගත් පසු වෙනත් බස්රියක් ගමනට එකග කරවාගෙන ආපසු ගමට පැමිණ ඇත්තේ මතක හිටින අත්දැකීමක් ලබමින් බවද කියති.



අදහස් (0)

උතුරට ගිය පිරිස නින්දේ පසුවෙද්දී රියැදුරා බසයත් රැගෙන ආපසු ඇවිත්

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 21 August 2012 09:30 PM

නොසන්ඩාල පිරිසක් ඉඳල තියෙන්නේ . ඒකයි රයදුරාට නොසන්ඩාල වැඩක් කරලා තියෙන්නේ.. (ස)

:       0       0

බෙනට් Wednesday, 22 August 2012 10:05 AM

ෂුවර් එකටම රියදුරුගේ කෑම බිම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න ඇති .... ට්‍රිප් යන ඩ්‍රයිවර්ලා ඔක්කොම හිතන්නේ ට්‍රිප් එක අරන් යන කට්ටිය කෑම බිම , නවාතැන්, සන්තෝසම් මුදල් ඔක්කොම දෙන්න ඕන කියල .... බස් එකට ගෙවීමක් කරන්නේ වෙනම කියල .....(ස)

:       0       0

බෙනට් Wednesday, 22 August 2012 10:16 AM

කුමන හේතුවක් නිසා හෝ රියදුරු කරලා තියෙන්නේ නඩු දැම්මොත් වන්දි ගෙවිය යුතු වරදක් ....මේකට කියන්නේ සාපරාදී විශ්වාසය කඩකිරීම කියල ....විනෝද ගමනක් කියන්නේ ලබන සතුටේ ප්‍රමාණයට මිලක් නියම කරන්න බෑ... ඒ නිසා අගතියට පත් පිරිසට කැමති මුදලක් වන්දි ලෙස ඉල්ලිය හැකි .....රියදුරු කල මේ වරද නිසා ඔවුන්ගේ විනෝදය සම්පුර්ණයෙන්ම නැති වූ බව විශ්වාසයි ....(ස)

:       0       0

නුවන් Tuesday, 21 August 2012 11:32 AM

හොද වැඩේ රණ්ඩු කරන අයට හොද පාඩමක් .. ඒත් රියදුරු ඉවසිලිමත් විය යුතුයි..!!(නු)

:       0       0

දම්මි Friday, 24 August 2012 09:26 AM

දෙපැත්තටම හරි පාඩුව ???? (ස)

:       0       0

මනෝහරන් Tuesday, 21 August 2012 12:04 PM

බොරු කතා තමයි ..(ස)

:       0       0

කිත්සිරි Tuesday, 21 August 2012 12:15 PM

එතකොට බස්ගාස්තුව..(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 12:51 PM

දැන් ඉතින් බස් එකක් පාරට දාල ඉවරයි..(ස)

:       0       0

රමේෂ් Saturday, 01 September 2012 09:00 AM

කවුද දන්නෙ නැහැ වැරදි.. ඇයි මේ රණ්ඩුවෙලා තියෙන්නෙ..!!(නු)

:       0       0

යොහාන් Tuesday, 21 August 2012 01:25 PM

කෝ සාමය..........(ස)

:       0       0

ගයාන් Thursday, 23 August 2012 10:43 PM

රියදුරුට පොඩි සංග්‍රහයක් කළා නම් එයා ගෙදර එන්නේ නැහැනේ. (නි)

:       0       0

රවී Tuesday, 21 August 2012 02:27 PM

බොරු කතා තමයි...ඔහොම යන් ...(ස)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 21 August 2012 02:51 PM

ඔය වගේ ගමන් බිමන් යනකොට දන්න අදුනන පුද්ගලයකුගෙන් බස් රථයක් වෙන් කරගන්න ඕන..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 21 August 2012 03:03 PM

එකත් එකටම නොසන්ඩාල පිරිසක් ඉන්න ඇති.. නැත්නම් බස් රියදුරන් ඔහොම කරන්නෙ නැහැනේ.. යස පාඩම..!!(නු)

:       0       0

ශාමිලා Tuesday, 21 August 2012 10:10 AM

මෙයාලගේ හැටි ඔහොමනේ. යන යන තැන රණ්ඩුකරන එක ඔහොම වෙන්න ඕන තමයි.

:       0       0

සිසිර Tuesday, 21 August 2012 10:12 AM

ට්‍රිප් එකක් යද්දි රන්ඩු නොවී යන්න දන්නේ නෑනේ ?

:       0       0

ගෝපාල් Tuesday, 21 August 2012 07:47 PM

මෙයා නිකන් සල්ලිදීලා හරක්බලාගන්නවා වගේ දෙයක්නේ කරල තියෙන්නේ... (ස)

:       0       0

සුජීව Friday, 24 August 2012 06:02 AM

ෂුවර් එකටම මොකක්හරි කෝන්තරයත් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 432 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 622 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 904 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 689 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1162 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 911 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site