
කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය නිකුත් කළ නවතම වාර්තාව අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 17දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගොස් ඇත.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3060ක් වන නමුත්, ආසාදිතයෝ 220ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
සැප්තැම්බර් 1 වැනි දිනයේදී, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 201ක් වූ අතර, එදින සිට ප්‍රතිකාර ලබන ගණන ක්‍රමිකව පහළ බැස තිබිණි. 10 වැනිදා වන විට එම අගය 185ක් විය. එසේවුවත්, සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ ආසාදිතයන් 28දෙනෙකු හඳුනාගැනීමත් සමඟ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන ඉහළ ගියේය. ඒ අනුව, 12 වැනිදා වනවිට එම ගණන 200ක් විය. අද(18) දිනයේ දී එම අගය 220කි.
අද දිනයේ දී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් තිදෙනෙක් ද, වැලිකන්ද මූලික රෝහලෙන් 11දෙනෙක් ද, ඉරණවිල රෝහලෙන් තිදෙනෙක් ද වෙති.
ඊයේ(17) දිනයේ දී ද සුවය ලැබූ ආසාදිතයෝ 22දෙනෙක් පිටව ගියහ. ඊයේ විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනිණි.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 28ක් බවද එම නිවේදනයේ දැක්වේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3276ක් වන අතර, 13දෙනෙකු මිය ගොසිනි.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
17 ක් ගෙදර ගියත් තවම 220 ක් රෝහල්වල
Bamunuarachchi Saturday, 19 September 2020 05:18 AM
ඒ 220 සනීපවෙලා ගෙදර ගියොත් ඉස්පිරිතාල වහන්න වේවි නේද? අපරාදේ...