IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ෆයිසර් සමාගමේ කොරෝනා වැළැක්වීමේ එන්නතට අවසර ඉල්ලයි

 

නව කොරෝනා වයිරස එන්නතක් පිළිබඳව බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත සිය එන්නත සඳහා අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ෆයිසර්’ සමාගම නිවේදනය කරයි.

සිය නව කොරෝනා වයිරස එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ද එම සමාගම සඳහන් කරයි. සිය එන්නතෙන් කිසිදු දරුණු අතුරු ආබාධයක් නැතැයි ද එම සමාගම නිවේදනය කර තිබෙන අතර එන්නතේ අවසන් අදියරේ පළමු සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර ගෝලීයව නිෂ්පාදනය කෙරුණු එන්නත් කිහිපයක්ම මේ වනවිට අවසන් අදියරේ සායනික අත්හදා බැලීම්වලට යොමු කර තිබේ.

මෙම එන්නත ලබාගැනීමෙන් දරුණු සහ මද තත්ත්ව යටතේ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ආරක්ෂා විය හැකි බව නව දත්තවලින් පෙනී යන්නේ ද ‘ෆයිසර්’ සමාගම සඳහන් කරයි.

නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් ඇති සහ වයිරසය ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවදානම් ඇති වැඩිහිටියන්ට එන්නත ලබාදුන් බවත් එය සියයට 94ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවත් එම සමාගම කියයි. ඇතැම් එන්නත් වැඩිහිටියන්ට යහපත් අයුරින් ප්‍රතිචාර නොදක්වන අවස්ථාවක නව කොරෝනා වයිරස එන්නත මේ ආකාරයෙන් සාර්ථකත්වය පෙන්නුම් කිරීම විශේෂත්වයක් බව ද එම සමාගම කියයි.

ජර්මනියේ බයෝටෙක් සමාගම හා එක්ව ෆයිසර් සමාගම මෙම එන්නත අත්හදා බලමින් සංවර්ධනය කළේය. එන්නතක් පිළිබඳ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත එන්නත සඳහා අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ අවසරය ඉතා ඉක්මනින් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද එම සමාගම කියයි.

මෙම එන්නත අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර වසරක් යන්නටත් මත්තෙන් ප්‍රතිඵල පෙන්වීමට විද්‍යාඥයන් සහ පර්යේෂකයන් සමත්වීම ද විශේෂත්වයකි. සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයක් සඳහා වසර ගණනාවක් ගත වන අතර මෙම එන්නත සාර්ථකත්වය පෙන්නුම් කිරීමත් සමඟ සියලු වාර්තා බිඳ වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම එන්නත මාත්‍රා දෙකකින් සමන්විත වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ අවසරය ලැබුණහොත් මේ වසර අවසන් වීමට පෙර එන්නත් මාත්‍රා මිලියන 50ක් නිෂ්පාදනය කළ හැකි බවත් ලබන වසර අවසන් වනවිට එන්නත් මාත්‍රා බිලියන 1.3ක් නිෂ්පාදනය කළ හැකි බවත් ෆයිසර් සමාගම සඳහන් කරයි.

කෙසේ නමුත් එම සමාගමේ සැපයුමෙන් අඩක් ලැබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට ය. එනම් අදාළ එන්නත මුලින්ම ලැබෙන්නේ ඇමෙරිකාවේ ජනගහනයෙන් මිලියන 12.5කට ය. ඇමෙරිකාවේ ජනගහනය මිලියන 330කි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව ෆයිසර් සමාගම සමඟ ගිවිසුමට එළැඹ සිටින අතර ඒ අනුව ඇමෙරිකානුවන්ට එම එන්නත ලැබෙන්නේ නොමිලේ වීම ද විශේෂත්වයකි. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.95ක අදාළ ගිවිසුමට අනුව එන්නත් මිලියන 100ක් ඇමෙරිකාවට නොමිලේ ලැබෙනු ඇත.
 
ඒ.එෆ්.පී./රොයිටර්
 
055



අදහස් (2)

ෆයිසර් සමාගමේ කොරෝනා වැළැක්වීමේ එන්නතට අවසර ඉල්ලයි

Saman Thursday, 19 November 2020 04:55 PM

දැන් පහුගිය කාලයේ ඇමරිකාවට බැන බැන හිටපු සිරි ලංකික ජනතාව මොනවත් නොකියාවී.. ඇමරිකාවේ ඉන්න අපිට එපා වෙලා තිබුනේ ලංකාවේ අයගේ මෝඩ තර්ක. අපිත් ලාංකිකයෝ තමා... නමුත් අපි ඉන්න රටට ගැරහීමට අපි ඉදිරිපත් නොවෙමු.

:       0       0

banda Thursday, 19 November 2020 10:12 PM

අපේ සුදර්ශන පැනියට මොකද වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ගන්න බැරිද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site