IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150  දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.

එසේම එම බිළිඳුන්ගේ මාපියන්  සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බව  රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .

මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර  එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බව පැවසේ.

දරුවෙකු ආසාදිත වූ  විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.
 



අදහස් (10)

ළමා රෝහලේ කොරෝනා ආසාදිත බිළිඳුන් 150 ක්

Raveendra Wednesday, 03 February 2021 10:21 AM

ඉතාම කනගාටුදායක පුවතක්. මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා...!!! දෙමාපියන්ටද ඉක්මන් සුවය ලැබේවා...!! අපගේ මාතෘභූමිය මෙම උවදුරෙන් ඉක්මනින් මිදේවා......!!

:       1       17

[email protected]Wednesday, 03 February 2021 01:36 PM

මුව ආවරණ පළඳින්නත්, සෞඛ්‍ය පුරුදු පිළිපදින්නත්, මිථ්‍යාව පසුපස නොයන්නත් මොලය පෑදේවා..!!! කුළුණු වෙනුවට එන්නත් ඇතිතරම් මිලදී ගන්නත් පාලකයන්ට මොලය පෑදේවා...!!! 

:       4       19

RaveendraWednesday, 03 February 2021 02:14 PM

ඔබගේ ප්‍රාර්ථනාවන් මෙන්ම අපගේ ප්‍රාර්ථනාවන්ද දිශානත වී ඇත්තේ එකම කේන්ද්‍රයකට බව කිව යුතුයි. ඒ මෙම ව්‍යසනයෙන් අපේ රට මෙන්ම මිනිසුන් බේරා ගැනීමේ ප්‍රාර්ථනය පමණි. එන්නත පිළිබඳව නම් අපට කිසිවක් කීමට නොහැක. මොකද අප බටහිර හෝ දේශීය වෛද්‍යවරුන්වත් නොවන බැවිනි. එන්නත තාවකාලික පැලැස්තරයක් මෙන්ම එහි අතුරු ආබාධ පිළිබඳව අනාගතය අප සියල්ලන්ටම නුදුරේදීම කියාදෙනු ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු. ලෝක ජන අනුපාතයේ අගයන් වෙනස් කිරීමට දරන සමූල ඝාතනයක්වත් යන්න සිතෙන්නේ නූගත් අපට පමණක්ද?

:       4       6

vikum Wednesday, 03 February 2021 02:02 PM

රජය පැහැදිලිවම වගකීම් පැහැර හරිමින් ඉන්නවා.. වෙන වෙන ප්‍රශ්න කරලියට ගෙනැත් රටේ පවතින බරපතල ගැටලුව ගැන කිසිම අවධිමත් බවක් නොමැත.

:       6       16

de silva Wednesday, 03 February 2021 02:17 PM

පාලකයන් මුට්ටි ගඟේ දමමින්, පැණිය පසුපස යමින්, විකාර කළා මිසක් එන්නත් ඇණවුම් කළේ නැහැ. සෞක්‍ය ඇමැති, ජනාධිපති ඇතුළු මුළු ආණ්ඩුවම අසමත්...

:       9       13

සඳුන් Wednesday, 03 February 2021 02:53 PM

බිළිඳුන් හැකිතරම් අමුත්තන්ගෙන් ඈත්කර තැබීමත්, සිප ගැනීමෙන් වැළකීමත් මගින් ආසාධිත බව අඩු කළ හැකියි.

:       1       14

gamage Wednesday, 03 February 2021 04:05 PM

ඕවා මොනවද? ජාතික කොඩියේ සිංහයා පොඩ්ඩක් වෙනස් කරලා ඉමු ඉස්සෙල්ලාම... නැතිනම් මට නින්ද යන්නේ නැහැ.

:       0       0

Prabha Wednesday, 03 February 2021 06:35 PM

මා ඉන්න රටේ දැනට 90000ක් පමණ අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

:       0       0

Raveendra Thursday, 04 February 2021 12:48 AM

පාලකයින් පැණි මුට්ටි පස්සේ දුවද්දී ඉහළ වගකිවයුතු බලධාරීන් පහළ කාර්ය මණ්ඩල බිල්ලට දීලා බලාගෙන ඉන්නවා. පම්පෝරි ගැහුවාට අවශ්‍ය පහසුකම් මේ වෙනකොටත් ළමා රෝහලේ නෑ. කණගාටුදායකම දේ වෛද්‍යවරුන්ගේ ඉටු දෙවියා ලෙසින් පෙනී ඉන්නා දොස්තර පාදෙණිය රාජකාරි කරන්නෙත් මේ ළමා රෝහලේම වීමයි. බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගය දක්වා දුර්ගන්ධය පැතිරෙන කුණු ගොඩක් රෝහල තුළ ගොඩ ගසාගෙන අන්ධයින් සේ හැසිරෙමින් රටේ මිනිසුන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන හා ඩෙංගු මර්ධනය ගැන වැදි බණ කියන මේ අය රටට කොරෝනාවටත් වඩා පිළිලයක් බව මිනිසුන් තේරුම් ගත යුතුයි...

:       0       0

කපුරු හාමි Thursday, 04 February 2021 11:14 AM

මේ අහිංසක දරුවන්ට නිරෝගී සුවය ලැබේවා කියා පතනවා. කෝවිඩ් 19 වසංගතය ඉක්මණින් අපේ රටෙන් තුරන් වේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1324 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1244 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site