IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


හොරණ කර්මාන්ත ශාලාවක 47 කට කොරෝනා

 (නයනදුල සෙන්දනායක) 
                       

හොරණ , කර්මාන්තශාලාවක් තුල ඉන්දියන් ජාතිකයන් 37 දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට නව කොරෝනා වයිරසය වැළදි ඇති බවට තහවුරු වී ඇතැයි ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්. පි.එල් ප්‍රියන්ත මහතා පැවසීය.
                                           

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට පිහිටි  මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් 6 දෙනෙකුගෙන් අහඹු ලෙස ලබාගත් පිසිආර් පරික්ෂණ හයකින් 5  දෙනකු පසුගිය 11 දා  ලැබුනු ප්‍රතිඵල වලට අනුව වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ පසුගිය 12 වැනිදා එම කර්මාන්ත ශාලාවේ සේවය කළ   සියළුම සේවකයින්  පි සි ආර් පරීක්ෂාවට ලක්කර තිබේ.
 
 ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවය කරන 47  දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට ඊයේ (14) රාත්‍රී යේ ලැබුණු ප්‍රතිඵල වලින් තහවුරු වී ඇතැයි එම මහතා පැවසීය.
                            
                                                   

ඒ අනුව මෙ වන විට කර්මාන්තශාලාවේ  පනස් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර  ඒ අතර ඉන්දියන්  ජාතිකයින් 37 දෙනකු  සහ එම කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හා වෙනත්  ප්‍රදේශවලින් සේවයට පැමිණි පුද්ගලයින් ඉතිරි පිරිස වේ.
                                            
                               

මේ වන විට කර්මාන්ත ශාලාවේ සියලු රෝගීන් ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායන කටයුතුවලට යොමු කරමින් සිටින අතර  කර්මාන්ත ශාලාවේ ඉතිරි සේවකයන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළම නිරෝධායන කටයුතුවලට යොමු කර ඇත.
 
කර්මාන්තශාලාවේ සේවකයින්ට  මෙම රෝගය වැළඳුනු ආකාරය පිළිබඳ  මේ වන වන විට පරික්ෂණ  සිදු කෙරෙමින් පවතින අතර කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම මහතා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

හොරණ කර්මාන්ත ශාලාවක 47 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 78 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 914 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2535 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site