IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හෝමාගම රෝහල කොරෝනා රෝගීන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මූලික  රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන්  සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි එම රෝහලේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ අනුව අද (09) සිට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ සාමාන්‍ය රෝගීන් සඳහා පමණක්  බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය

එහෙත් හදිසි අවශ්‍යතාවයක් වුවහොත් කොරෝනා රෝගීන් සඳහා  ප්‍රතිකාර කිරිමට ඇඳන් 60කින් යුත් අංගසම්පූර්ණ  වාට්ටුවක් වෙන් කර ඇති අතර පසුගිය මාස තුනක  කාලය තුළ හෝමාගම මූලික රෝහලෙන් නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක්  ප්‍රතිකාර ලබා ඇති බවද වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ අතර සාමාන්‍ය ප්‍රතිකාර කිරීම් ඉකුත් 29 දා ආරම්භ කළ අතර  බාහිර ප්‍රතිකාර ඒකකය 30 දා සිට ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බවද පැවසේ.

එහෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කිරීම් සිදු කරනු ලැබුවේ සායන මගින්  පැමිණෙන රෝගීන් සඳහා පමණක් වන අතර පසුගිය 6 වැනිදා සිට 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන රෝගීන් ද බාරගෙන  ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ බව විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එසේම  ප්‍රසව හා නාරි රෝග සඳහා ප්‍රතිකාර  කෙරෙන ළමා රෝග වාට්ටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් 1990 ගිලන් රථයෙන් සහ වෙනත් රෝහල්වලින් මාරු කර එවන  කිසිදු රෝගියෙකු  මේ වන විට හෝමාගම මූලික රෝහලට භාර නොගන්නා බවත්  එවන් රෝගීන් හෝමාගම මූලික රෝහලට නොඑන  ලෙසත් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල්වලට යාමට පියවර ගන්න ලෙසත් රොහල් අධ්‍යක්ෂකවරයා රෝගීන් ගෙන් ඉල්ලා සිටි.



අදහස් (0)

හෝමාගම රෝහල කොරෝනා රෝගීන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site