IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හබරාදුව ආසාදිතයා සමීපව ඇසුරු කළ 32 කට කොරෝනා නෑ

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

හබරාදුව තල්පෙ අත්තර ගොඩින් ඉකුත්දා සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 32 ක් ඊයේ (14) පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ සම්බන්ධයෙන් අද (15) නිකුත් වූ වාර්තා වලට අනුව ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.

මෙම උපදේශකයාගේ මව සහ බිරිඳ ඇතුළු 16 දෙනෙක් කොරෝනා ආසාදිතයන් දැයි සොයා බැලීම සඳහා පරීක්ෂාවට ලක්කළ අතර එම පරීක්ෂණ වලට අනුව එම පිරිසද කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා කීය.

කෙසේ වෙතත් මෙම පිරිස දෙවන වරටත් පි.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට අදහස් කරන බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් කීය.

 

 



අදහස් (1)

හබරාදුව ආසාදිතයා සමීපව ඇසුරු කළ 32 කට කොරෝනා නෑ

මාතර සත්‍යපාල Wednesday, 15 July 2020 11:59 PM

කොරෝනා නැති වුණාට මේක මහා අවධානමක්... පාසල් ආරම්භ කිරීම තව ටිකක් කල් දමන්න. ටියුෂන් පන්ති නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒත් උපරිම ළමයි 100 කට සීමාකර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරවන්න. ළමයි 500 ක් කියන්නේ එසේමෙසේ ගානක් නොවෙයි. මගුල් ගෙවල් 100 කට සීමා කරන්න. අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ මේ වයිරස් එකත් එක්ක බව අමතක කරන්න එපා. පොදු ප්‍රවාහනය ආසන ගාණට සීමා කරන්න. අඩු පොලියට ලීසිං පහසුකම් ලබා දෙන්න. ඉන්ධන හැකිතාක් අඩුවෙන් ලබාදෙන්න. අඩුම තරමින් පොදු ප්‍රවාහනයටවත් ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. නැත්නම් ලොකු අවධානමකට මුහුණ දෙන්න වේවි... ඊට පෙර මේවා ගැන තීන්දු තීරණ ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site